1. 15. 20.
මහණෙනි, යම් හෙයෙකින් කායසුචරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප විපාකයෙක් උපදනේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. තෙල හේතු රහිත ය. අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් කායසුචරිතයාගේ ඉෂ්ට කාන්ත මනාප වූ විපාකයෙක් උපදනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 21-22.
මහණෙනි, යම් හෙයෙකින් වාක්සුචරිතයාගේ …, මනඃසුචරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප විපාකයෙක් උපදනේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. තෙල හේතු රහිත ය. අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් මනඃසුරිතයාගේ ඉෂ්ට කාන්ත මනාප විපාකයෙක් උපදනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 23.
මහණෙනි, යම් හෙයෙකින් කායදුශ්චරිතයෙන් සමන්විත පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්රත්යයෙන් කාබුන් මරණින් මතු (මනාගති ඇති හෙයින්) සුගති නම් වූ ස්වර්ගලෝකයට (ප්රතිසන්ධිවශයෙන්) යන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. තෙල හේතු රහිත ය, අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් කායදුශ්චරිතයෙන් සමන්විත පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්රත්යයෙන් කාබුන් මරණින් මතු (සුවෙන් පහ වූ හෙයින්) අපාය නම් වූ (නපුරු ගති ඇති හෙයින්) දුගති නම් වූ (විවසව පතිත වන හෙයින්) විනිපාත නම් වූ නිරයට (ප්රතිසන්ධිවශයෙන්) යන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 24-25.
මහණෙනි, යම් හෙයෙකින් වාග්දුශ්චරිතයෙන් සමන්විත පුද්ගල තෙමේ …. මනෝදුශ්චරිතයෙන් සමන්විත පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්රත්යයෙන් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්ගලෝකයට යන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ, තෙල හේතු රහිත ය, අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් මනෝදුශ්චරිතයෙන් සමන්විත පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්රත්යයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට යන්නේ ය යන යමෙක්වේ ද, තෙල කරුණ විද්යමාන වේ, තෙල හේතු ඇත.
1. 15. 26.
මහණෙනි, යම් හෙයෙකින් කායසුචරිතයෙන් යුත් පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්රත්යයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට යන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. තෙල හේතු රහිත ය, අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් කායසුචරිතයෙන් යුත් පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්රත්යයෙන් කාබුන් මරණින් මතු ස්වර්ගලෝකයට (පිළිසඳ විසින්) යන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 27-28.
මහණෙනි, යම් හෙයෙකින් වාක්සුචරිතයෙන් සමන්විත පුද්ගල තෙමේ … යම් හෙයකින් මනඃසුචරිතයෙන් සමන්විත පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්රත්යයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට (පිළිසිඳ විසින්) යන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. තෙල හේතු රහිත ය, අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් මනඃසුචරිතයෙන් සමන්විත පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්රත්යයෙන් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්ගලෝකයට යන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්යමාන වේ. තෙල හේතු ඇත.
[අට්ඨානපාළිය නිමි.]