1. 15. 12.
මහණෙනි, යම් හෙයෙකින් ස්ත්රියක අර්හත් සම්යක්සම්බුද්ධ වෙති යි යන තෙල කරුණ විද්යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පුරුෂයෙක් අර්හත් සම්යක්සම්බුද්ධ වන්නේය ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 13.
මහණෙනි, යම් හෙයෙකින් ස්ත්රියක සක්විති රජ වෙති යි යන තෙල කරුණ විද්යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, පුරුෂයෙක් සක්විති රජ වන්නේය ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 14-16.
මහණෙනි, යම් හෙයෙකින් ස්ත්රියක සක්දෙව් රජ බව කරති යි … මාරබව කරති යි … බ්රහ්ම බව කරති යි යන තෙල කරුණ විද්යමාන නො වේ. තෙල හේතු රහිත යෙක. අවකාශ රහිත යෙක. මහණෙනි, යම් හෙයෙකින් පුරුෂයෙක් සක්දෙව් බව කරන්නේ ය …, මාර බව කරන්නේ ය …, බ්රහ්ම බව කරන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 17.
මහණෙනි, යම් හෙයෙකින් කායදුශ්චරිතයාගේ ඉෂ්ට කාන්ත මනාප විපාකයෙක් උපදනේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. තෙල හේතු රහිත ය. අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් කායදුශ්චරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප වූ විපාකයෙක් උපදනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 18-19.
මහණෙනි, යම් හෙයෙකින් වාග්දුශ්චරිතයාගේ …, යම් හෙයෙකින් මනෝදුශ්චරිතයාගේ ඉෂ්ට කාන්ත මනාප විපාකයෙක් උපදනේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. මහණෙනි, යම් හෙයෙකින් මනෝදුශ්චරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප වූ විපාකයෙක් උපදනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 20.
මහණෙනි, යම් හෙයෙකින් කායසුචරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප විපාකයෙක් උපදනේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. තෙල හේතු රහිත ය. අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් කායසුචරිතයාගේ ඉෂ්ට කාන්ත මනාප වූ විපාකයෙක් උපදනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 21-22.
මහණෙනි, යම් හෙයෙකින් වාක්සුචරිතයාගේ …, මනඃසුචරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප විපාකයෙක් උපදනේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. තෙල හේතු රහිත ය. අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් මනඃසුරිතයාගේ ඉෂ්ට කාන්ත මනාප විපාකයෙක් උපදනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්යමාන වේ. තෙල හේතු ඇත.