1. 15. 1.
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් හෙයෙකින් මාර්‍ගදෘෂ්ටියෙන් යුත් (=සෝවන්) පුද්ගල තෙමේ කිසි සංස්කාරයක් නිත්‍යය යි ගන්නේය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල අවිද්‍යමාන තැනෙකි. ප්‍රත්‍යය රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ කිසියම් සංස්කාරයක් නිත්‍යය යි ගන්නේ ය යන යමෙක් වේද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 2.
මහණෙනි, යම් හෙයෙකින් දර්‍ශනසම්පන්න පුද්ගල තෙමේ කිසි සංස්කාරයක් සුඛය යි ගන්නේය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ කිසි සංස්කාරයක් සුඛය යි ගන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
1. 15. 3.
මහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ කිසි ධර්‍මයක් ආත්මය යි ගන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ කිසි ධර්‍මයක් ආත්මය යි ගන්නේ ය යන යමෙක් වේද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 4.
මහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ මව දිවියෙන් තොර කරන්නේය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ මව දිවියෙන් තොර කරන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
1. 15. 5.
මහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ පියා දිවියෙන් තොර කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ පියා දිවියෙන් තොර කරන්නේ ය යන යමෙක් වේද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
1. 15. 6.
මහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ රහතකු දිවියෙන් තොර කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ රහතකු දිවියෙන් තොර කරන්නේය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
1. 15. 7.
මහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ දුෂ්ට වූ සිතින් තථාගතයන් වහන්සේගේ (සිරුරෙහි) ලේ සොලවන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන පුද්ගල තෙමේ දුෂ්ට වූ සිතින් තථාගතයන් වහන්සේගේ (සිරුරෙහි) ලේ සොලවන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
1. 15. 8.
මහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ සඞ්ඝයා බිඳුනේය යන තෙල කරුණ විද්‍යමාන නොවේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ සඞ්ඝයා බිඳුනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
1. 15. 9.
මහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ අන්‍යශාස්තෘ කෙනෙකුන් උදෙසා සිටුනේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි, තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ අන්‍ ශාස්තෘ කෙනකුන් උදෙසා සිටුනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
1. 15. 10.
මහණෙනි, යම් හෙයෙකින් එක් ලෝකධාතුවෙක්හි අර්‍හත් වූ දෙසම්බුදු කෙනකුන් වහන්සේ එකවට උපදනාහු ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් එක් ලෝකධාතුවෙක එක ම අර්‍හත් සම්බුදුරජානන් වහන්සේ කෙනෙක් උපදනාහ යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 11.
මහණෙනි, යම් හෙයෙකින් එක් ලෝකධාතුවෙක්හි සක්විති රජවරු දෙදෙනෙක් එකවට උපදනාහු ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් එක් ලෝකධාතුවෙක්හි එක් සක්විතිරජෙක් උපදනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 12.
මහණෙනි, යම් හෙයෙකින් ස්ත්‍රියක අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වෙති යි යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පුරුෂයෙක් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වන්නේය ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.