12. අනාපත්ති වර්ගය
1. 12. 1-10.
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් ම මහණ කෙනෙක් නොඇවැත ඇවැතැයි දක්වත් ද …, ඇවැත නොඇවැතැයි දක්වත් ද …, ලුහු ඇවැත ගුරු ඇවැතැයි දක්වත් ද …, ගුරු ඇවැත ලුහු ඇවැතැයි දක්වත් ද …, දුළුල් ඇවැත නොදුළුල් ඇවැතැයි දක්වත් ද …, නොදුළුල් ඇවැත දුළුල් ඇවැතැයි දක්වත් ද …, සාවශෙෂ ඇවැත අනවශේෂ ඇවැතැයි දක්වත් ද …, අනවශේෂ ඇවැත සාවශෙෂ ඇවැතැයි දක්වත් ද …, පිළියම් සහිත ඇවැත පිළියම් රහිත ඇවැතැයි දක්වත් ද …, පිළියම් රහිත ඇවැත පිළියම් සහිත ඇවැතැයි දක්වත් ද …, මහණෙනි, ඒ මහණ හු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට නො වැඩ පිණිස දෙවිමිනිස්නට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පව් ද රැස් කෙරෙති. ඔහු ම මේ සස්න අතුරුදන් කෙරෙත්.
1. 12. 11-20.
මහණෙනි, යම් ම මහණ කෙනෙක් නො ඇවැත නො ඇවැතැයි දක්වත් ද …, ඇවැත ඇවැතැයි දක්වත් ද …, ලුහු ඇවැත (පස්ඇවැත්කඳු) ලුහු ඇවැතැයි දක්වත් ද …, ගුරු ඇවැත (දෙඇවැත්කඳු) ගුරු ඇවැතැයි දක්වත් ද …, දුළුල් ඇවැත දුළුල් ඇවැතැයි දක්වත් ද …, නො දුළුල් ඇවැත නො දුළුල් ඇවැතැයි දක්වත් ද …, සාවශෙෂ ඇවැත සාවශෙෂ ඇවැතැයි දක්වත් ද …, අනවශේෂ ඇවැත (පරිජිඇවැත) අනවශේෂ ඇවැතැයි දක්වත් ද …, පිළියම් සහිත ඇවැත පිළියම් සහිත ඇවැතැයි දක්වත් ද …, පිළියම් රහිත ඇවැත (පරිජිඇවැත) පිළියම් රහිත ඇවැතැයි දක්වත් ද …, මහණෙනි, ඒ මහණ හු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උදා කෙරෙත්. ඔහු ම මේ ශාසනය තබත්.
දොළොස්වන වග යි.
13. ඒකපුග්ගල වර්ගය
1. 13. 1.
[සැවැත්නිදාන යි]
මහණෙනි, එක් පුද්ගලයෙක් ලොවැ (සත්ත්වලෝකයෙහි = මිනිස්ලොවැ) උපදනට සමත් වූයේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස (අර්හත්ත්වඵලක්ෂණයෙහි) උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්: තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයා වනාහි ලොවැ උපදනට සමත් වූයේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපන්නේ වෙයි.
1. 13. 2.
මහණෙනි, එක් පුද්ගලයක්හුගේ ඉපැද්ම ලොවැ දුර්ලභ ය. කවර එක් පුද්ගලයක්හුගේ ය? යත්: තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන්වහන්සේගේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයාගේ ඉපැද්ම ලොවැ දුර්ලභ ය.
1. 13. 3.
මහණෙනි, එක් පුද්ගලයෙක් ලොවැ උපදනට සමත් වූයේ ආශ්චර්ය්ය මනුෂ්ය ව උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්: තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයා වනාහි ලොවැ උපදනට සමත් වූයේ ආශ්චර්ය්ය මනුෂ්ය ව උපන්නේ වෙයි.
1. 13. 4.
මහණෙනි, එක් පුද්ගලයක්හුගේ කාලක්රියාව බොහෝ දෙනාට අනුතාප කර වෙයි. කවර එක් පුද්ගලයක්හුගේ ය? යත්: තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ (කාලක්රියාව) ය. මහණෙනි, මේ එක් පුද්ගලයාගේ කාලක්රියාව බොහෝ දෙනාට අනුතාපකර (චේතෝදුඃඛාවහ) වෙයි.
1. 13. 5-13.
මහණෙනි, එක් පුද්ගලයෙක් ලොවැ උපදනට පොහෝනේ අද්විතීය ව, අසහාය ව, අප්රතිම ව, අප්රතිසම ව, අප්රතිභාග ව, අප්රතිපුද්ගල ව, අසම ව, අසමසම ව, දෙපා ඇතියනට අග්ර ව උපන්නේවෙයි. කවර එක් පුද්ගලයෙක යත්: තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ ය. මහණෙනි, මේ එක් පුද්ගල තෙමේ වනාහි ලොවැ උපදනට පොහෝනේ අද්විතීය ව, අසහාය ව, අප්රතිම ව, අප්රතිසම ව, අප්රතිභාග ව, අප්රතිපුද්ගල ව, අසම ව, අසමසම ව, දෙපා ඇතියනට අග්ර ව උපන්නේ වෙයි.
1. 13. 14-25.
මහණෙනි, එක් පුද්ගලයක්හුගේ නිෂ්පත්තිය හේතු කොට ගෙන මහත් වූ ප්රඥාචක්ෂුස්හුගේ පහළ වීම වෙයි, මහත් වූ ප්රඥාලෝකයක්හුගේ පහළ වීම වෙයි, මහත් වූ ප්රඥාවභාසයක්හුගේ පහළ වීම වෙයි, අනුත්තරියධර්මයන් සදෙනාගේ පහළ වීම වෙයි, සිවුපිළිසැඹියාවන්ගේ පසක් කිරීම වෙයි, (අටළොස් වැදෑරුම්) අනේක ධාතුන්ගේ ප්රතිවේධය වෙයි, (අටළොස් වැදෑරුම්) නානාධාතුන්ගේ ප්රතිවේධය වෙයි, විද්යාවිමුක්තිඵලයන්ගේ සාක්ෂාත් කිරීම වෙයි, ස්රෝතාපත්ති ඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි, සකෘදාගාමි ඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි, අනාගාමී ඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි, අර්හත්ත්ව ඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි, කවර එක් පුද්ගලයක්හුගේය? යත්: තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයාගේ නිෂ්පත්තියෙන් මහත් වූ ප්රඥාචක්ෂුස්හුගේ පහළ වීම වෙයි, මහත් වූ ප්රඥාලෝකයාගේ පහළ වීම වෙයි, මහත් වූ ප්රඥාවභාසයාගේ පහළ වීම වෙයි, අනුත්තරිය ධර්මයන් සදෙනාගේ පහළ වීම වෙයි, සිවුපිළිසැඹියාවන්ගේ සාක්ෂාත් කිරීම වෙයි, අනේක ධාතු ප්රතිවේධය වෙයි, නානාධාතුප්රතිවේධය වෙයි, විද්යාවිමුක්තිඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි, ස්රෝතාපත්ති ඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි, සකෘදාගාමි ඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි, අනාගාමී ඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි, අර්හත්ත්ව ඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි.