නවම ශික්ෂාපද යි.
8. 7. 10.
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ සිටියාහු හුන්නහුට දහම් දෙසත් ...
“සිටියෙම් හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. සිටියහු විසින් හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස සිටියේ හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
දශම ශික්ෂාපද යි.
8. 7. 11.
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ පසු වැ යන්නාහු පෙරටු වැ යන්නහුට දහම් දෙසත් ...
“පසු වැ යන්නෙම් පෙරටු වැ යන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. පසු වැ යන්නහු විසින් පෙරටු වැ යන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස පසු වැ යන්නේ පෙරටු වැ යන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
ඒකාදශ ශික්ෂාපද යි.
8. 7. 12.
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ නො මගින් යන්නාහු මගින් යන්නහුට දහම් දෙසත් ...
“නො මගින් යන්නෙම් මගින් යන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. නො මගින් යන්නහු විසින් මගින් යන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස නො මගින් යන්නේ මගින් යන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
ද්වාදශ ශික්ෂාපද යි.