ප්රථම ශික්ෂාපදයි.
8. 7. 2.
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ පයැ ලූ වහන් ඇත්තාහට දහම් දෙසත් ...
“පයැ ලූ වහන් ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. පයැ ලූ වහන් ඇති නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ඇක්මවූ හෝ ලාසිටි හෝ අඩක් ලාසිටි හෝ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
ද්විතීය ශික්ෂාපද යි.
8. 7. 3.
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ යානයෙහි හුන්නාහට දහම් දෙසති ...
“යානයෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. යාන නම්: වයහ යැ රථ යැ ශකට යැ ස්යන්දමානිකා යැ සිවිකා යැ පාටඞ්කීය යී.
යානයෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස යානයෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
තෘතීය ශික්ෂාපද යි.
8. 7. 4.
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ යහන්හි හොත්තාහට දහම් දෙසත් ...
“යහන්හි හොත්තා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. යහනෙහි හොත්තා වූ නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස යටත් පිරිසෙයින් බිමෙහි දු හොත්තා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
චතුර්ත්ථ ශික්ෂාපද යි.
8. 7. 5.
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ අකවටු අවුළුවා හුන්නාහට දහම් දෙසත් ...
“අකවටු අවුළුවා හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. අකවටු අවුළුවා හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අත්අකවටුවෙන් හෝ වත්අකවටුවෙන් හෝ හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
පඤ්චම ශික්ෂාපද යි.
8. 7. 6.
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ හිස මතු වෙළා සිටියහුට දහම් දෙසත් ...
“හිස වෙළා සිටි නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. වෙඨිතසීස නම්: කෙස්කොන් නො දක්වාවෙළන ලදුයේ වෙයි.
හිස වෙළා සිටි නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස වෙළා සිටි නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට නො සිහියෙන් කරන්නහුට නො දන්නහුට ගිලනහුට කෙස්කොන් විවරවා දෙසා නම් ඇවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
ෂෂ්ඨ ශික්ෂාපද යි.