නවම ශික්ෂාපද යි.
8. 4. 10.
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු දිගැටි කොට බත්පිඬු කෙරෙත් ...
“පිරිමඬුලු කොට බත්පිඬු කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. පිරිමඬුලු කොට බත්පිඬු කළයුතු යි. යමෙක් අනාදරිය පිණිස දිගැටි කොට බත්පිඬු කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කැවිලියෙහි, පලවැළයෙහි, අවුළුපත්හි, ආපදාවෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
දශම ශික්ෂාපද යි.
සතරවන සක්කච්ච වර්ග යි.