ප්රථම ශික්ෂාපද යි.
8. 4. 2.
ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු තැනැ තැනැ බලමින් පිඬුවා වළඳත්. (පිඬුවා) දෙන කල්හි දු (පිඬුවා දී) ඉක්ම යන කල්හි දු නො දනිත් ...
“පාත්රගත සංඥී වැ පිඬුවා වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
පාත්රසංඥීහු විසින් පිඬුවා වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ බලමින් පිඬුවා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
ද්විතීය ශික්ෂාපද යි.
8. 4. 3.
ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු තැනැ තැනැ පහසා පිඬුවා වළඳත් ...
“තමා දෙස පටන් පිළිවෙළින් පිඬුවා වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
අනුපිළිවෙළින් පිඬුවා වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ පහසා පිඬුවා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නොදන්නහුට, ගිලනහුට, අනෙකක්හට දෙනුයේ පහසා නම්, අන්බඳුනෙක්හි ලන්නේ පහසා නම්, අවුළුපත් ගැනීමෙහි නම්, ඇවැත් නැත. ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
තෘතීය ශික්ෂාපද යි.
8. 4. 4.
ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු පිඬුවා වළඳන්නාහු සූප මැ බොහෝ කොට වළඳත් ...
“සමසූපක පිඬුවා වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
සූප නම්; අතින් ගෙන යා හැකි මුද්ගසූප යැ මාසසූපයැ යි සූප දෙකෙකි. සමසූපක පිඬුවා වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස සූප මැ බොහෝ කොට වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, රසරසයෙහි නම්, නෑයන්ගෙන් නම්, පැවරූවන්ගෙන් නම්, තම සතු ධනයෙන් නම් ඇවැත් නැත. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
චතුර්ත්ථ ශික්ෂාපද යි.
8. 4. 5.
ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු බත මැදතුරෙන් හනා පිඬුවා වළඳත් ...
“බත මැදතුරෙන් හනා පිඬුවා නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
මැදතුරෙන් හනා පිඬුවා නො වැළඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස මැදතුරෙන් හනා පිඬුවා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ඉතිරි මඳ දැයෙහි නම්, එකට ඇද හනා වළඳා නම්, ඇවැත් නැත. උම්මත්තකයහට, ආදිකම්මිකයහට, ඇවැත් නැති.
පඤ්චම ශික්ෂාපද යි.
8. 4. 6.
ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු වැඩියෙන් ලබනු කැමැත්ත නිසා සූප ද බ්යඤ්ජන ද බතින් පිළිසන් කෙරෙත් ...
“වැඩියක් ලබනු කැමැත්ත නිසා සූප හෝ බ්යඤ්ජන හෝ බතින් පිළිසන් නොකරන්නෙමි යි හික්මියැ යුතු” යි.
වැඩියක් ලබනු කැමැත්ත නිසා සූප හෝ බ්යඤ්ජන හෝ බතින් පිළිසන් නො කළ යුතු යි. යමෙක් අනාදරිය පිණිස වැඩියක් ලබනු කැමැත්ත නිසා සූප හෝ බ්යඤ්ජන හෝ බතින් පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නොසිහියෙන් කරන්නහුට, නො දන්නහුට, හිමියෝ පිළිසන් කොට දෙත් නම්, වැඩියක් ලබනු කැමැත්ත නැති කල්හි නම්, ඇවැත් නැත. ආපදාවෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
ෂෂ්ඨ ශික්ෂාපද යි.