අෂ්ටම ශික්ෂාපද යි.
8. 3. 9.
ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු පිඬුවා පිළිගන්නෝ සූප මැ බොහෝ කොට පිළිගනිත් ...
“බත සතරවන කොටසින් නො වැඩි සූප ඇති වැ පිණ්ඩපාතය පිළින්නෙමි යි හික්මියැ යුතු” යි.
සූප නම්: අතින් ගෙන යා හැකි මුද්ගසූප යැ මාසසූප යැ යි සූප දෙකෙකි. සමසූපක පිණ්ඩපාතය පිළිගත යුතු යි. යමෙක් අනාදරිය පිණිස සූප මැ බොහෝ කොට පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, රසරසයෙහි නම්, නෑයන්ගෙන් නම්, පැවැරියන්ගෙන් නම්, අනෙකක්හු සඳහා නම්, තමසතු ධනයෙන් නම්, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
නවම ශික්ෂාපද යි.
8. 3. 10.
ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු තුඹක් මෙන් කොට පිඬුවා පිළිගනිත් ...
“සමසේ පිරීගිය පිඬුවා පිළිගන්නෙමි යි හික්මියැ යුතු” යි.
පයෙහි ඇතුළු මෝවිට සමසේ පිරීගිය පිඬුවා පිළිගත යුතු යි. යමෙක් අනාදරිය පිණිස තුඹක් මෙන් කොට පිඬුවා පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ආපදායෙහි, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
දශම ශික්ෂාපද යි.
තෙවන ඛම්භකත වර්ග යි.