චතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.
8. 3. 5.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු උළුලුයෙන් ඇතුළුගමෙහි යෙත් ...
“ඇතුළුගමෙහි උළුලුයෙන් නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
උළුලුයෙන් ඇතුළුගමෙහි නො යායුතු යි. යමෙක් අනාදරිය පිණිස ඇතුළුගමෙහි උළුලුයෙන් යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
පඤ්චම ශික්‍ෂාපද යි.
8. 3. 6.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු අකවටු ඇවිළීමෙන් ඇතුළුගමෙහි ...
“අකවටු ඇවිළීමෙන් ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
අකවටු ඇවිළීමෙන් ඇතුළුගමෙහි නො හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අතින් අකවටු ඇවිළීමෙන් හෝ පිළියෙන් අකවටු ඇවිළීමෙන් හෝ ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
ෂෂ්ඨ ශික්‍ෂාපද යි.
8. 3. 7.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු බැහැරැ දමනු කැමැතියන් මෙන් නො සකසා (සිහි නො එළවා) පිඬුවා පිළිගනිත් ...
“සිහි එළවා පිඬුවා පිළිගන්නෙමි යි හික්මියැ යුතු” යි.
සකසා පිඬුවා පිළිගතයුතු යි. යමෙක් අනාදරිය පිණිස බැහැරැ දමනු කැමැතියකු මෙන් නො සකසා පිඬුවා පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
නොසිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
සප්තම ශික්‍ෂාපද යි.
8. 3. 8.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු තැනැ තැනැ බලමින් පිඬුවා පිළිගනිත්. (පිඬුවා) දෙන කල්හි දු පිඬුවා දී ඉක්ම යන කල්හි දු නො දනිත් ...
“පාත්‍රගත සංඥී වැ පිඬුවා පිළිගන්නෙමි යි හික්මියැ යුතු” යි.
පාත්‍රගත සංඥා ඇතියහු විසින් පිඬුවා පිළිගත යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ බලමින් පිඬුවා පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකකම්මිකහට ඇවැත් නැති.
අෂ්ටම ශික්‍ෂාපද යි.
8. 3. 9.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු පිඬුවා පිළිගන්නෝ සූප මැ බොහෝ කොට පිළිගනිත් ...
“බත සතරවන කොටසින් නො වැඩි සූප ඇති වැ පිණ්ඩපාතය පිළින්නෙමි යි හික්මියැ යුතු” යි.
සූප නම්: අතින් ගෙන යා හැකි මුද්ගසූප යැ මාසසූප යැ යි සූප දෙකෙකි. සමසූපක පිණ්ඩපාතය පිළිගත යුතු යි. යමෙක් අනාදරිය පිණිස සූප මැ බොහෝ කොට පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, රසරසයෙහි නම්, නෑයන්ගෙන් නම්, පැවැරියන්ගෙන් නම්, අනෙකක්හු සඳහා නම්, තමසතු ධනයෙන් නම්, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
නවම ශික්‍ෂාපද යි.