දශම ශික්‍ෂාපද යි.
තෙවන ඛම්භකත වර්‍ග යි.
සක්කච්ච වර්‍ගය
8. 4. 1.
එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මහණහු නො වළඳනු කැමැත්තවුන් මෙන් නො සකස් කොට වළඳත් ...
“සකසා පිඬුවා වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
සිහි එළවා පිඬුවා වැළඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස නො සකසා පිඬුවා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
ප්‍රථම ශික්‍ෂාපද යි.
8. 4. 2.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු තැනැ තැනැ බලමින් පිඬුවා වළඳත්. (පිඬුවා) දෙන කල්හි දු (පිඬුවා දී) ඉක්ම යන කල්හි දු නො දනිත් ...
“පාත්‍රගත සංඥී වැ පිඬුවා වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
පාත්‍රසංඥීහු විසින් පිඬුවා වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ බලමින් පිඬුවා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
ද්විතීය ශික්‍ෂාපද යි.
8. 4. 3.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු තැනැ තැනැ පහසා පිඬුවා වළඳත් ...
“තමා දෙස පටන් පිළිවෙළින් පිඬුවා වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
අනුපිළිවෙළින් පිඬුවා වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ පහසා පිඬුවා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නොදන්නහුට, ගිලනහුට, අනෙකක්හට දෙනුයේ පහසා නම්, අන්බඳුනෙක්හි ලන්නේ පහසා නම්, අවුළුපත් ගැනීමෙහි නම්, ඇවැත් නැත. ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
තෘතීය ශික්‍ෂාපද යි.