තෘතීය ශික්ෂාපද යි.
8. 2. 4.
ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු උස්හඬ මහහඬ කෙරෙමින් ඇතුළුගමෙහි හිඳිත් ...
“අල්පශබ්ද ඇතියෙම් ඇතුළුගමෙහි හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
අල්පශබ්දයෙන් යුතු වැ ඇතුළුගමෙහි හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස උස්හඬ මහහඬ කෙරෙමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
චතුර්ත්ථ ශික්ෂාපද යි.
8. 2. 5.
ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු කය එල්වමින් කය සල සලා ඇතුළුගමෙහි යෙත් ...
“කය සලමින් ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
කය සලමින් ඇතුළුගමෙහි නො යා යුතු යි. කය නිසල කොට ඍජු වැ තබා යායුතු යි. යමෙක් අනාදරිය පිණිස කය එල්වමින් කය සල සලා ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
පඤ්චම ශික්ෂාපද යි.
8. 2. 6.
ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු කය එල්වමින් කය සල සලා ඇතුළුගමෙහි හිඳිත් ...
“කය සල සලා ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
කය සලමින් ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. කය නිසල කොට ඍජු වැ තබා හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස කය එල්වමින් කය සොලවමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතයහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
ෂෂ්ඨ ශික්ෂාපද යි.