6. 1. 4.
ඵස්ස සූත්‍රය
325. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සෝතසම්ඵස්සයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම්… ඝානසම්ඵස්සයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ජිව්හාසම්ඵස්සයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... කායසම්ඵස්සයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... මනෝසම්ඵස්සයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කර්‍මාර්‍හයයි හැඟේ.
6. 1. 5.
වේදනා සූත්‍රය
326. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛුසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සෝතසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ඝානසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ජිව්හාසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... කායසම්ඵස්සජ වේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... මනෝසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කර්‍මණ්‍යය යි හැඟේ.
6. 1. 6.
සඤ්ඤා සූත්‍රය
327. සැවැත්නුවර:
මහණෙනි, රූපසඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සද්දසඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ගන්‍ධසඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … රසසඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... ඵොට්ඨබ්බ සඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ධම්මසඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි ක්‍රියාවට සුදුසු ය යි හැඟේ.
6. 1. 7.
චේතනා සූත්‍රය
328. සැවැත්නුවර:
මහණෙනි, රූපසඤ්චේතනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සද්දසඤ්චේතනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ගන්‍ධ සඤ්චේතනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … රසසඤ්චෙතනායෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් ... ඵොට්ඨබ්බසඤ්චේතනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ධම්මසඤ්චෙතනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි ක්‍රියාවට සුදුසු ය යි හැඟේ යි.
6. 1. 8.
තණ්හා සූත්‍රය
329. සැවැත්නුවර:
මහණෙනි, රූපතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් සිතෙහි කෙලෙසීමෙකි. සද්දතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ගන්‍ධතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … රසතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... ඵොට්ඨබ්බතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ධම්මතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි ක්‍රියාවට සුදුසු ය යි හැඟේ.
6. 1. 9.
ධාතු සූත්‍රය
330. සැවැත්නුවර:
මහණෙනි, පඨවීධාතුයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. ආපෝධාතුයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … තේජෝධාතුයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් … වායෝධාතුයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ආකාශ ධාතුයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් ... විඤ්ඤාණධාතුයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි මහණහුගේ සිතෙහි කෙලෙසීම ප්‍රහීණ වේ නම් ඔහුගේ සිත ද නවලොවුතුරු දහමට නැමුණේ වේ. නවලොවුතුරුදහමින් වඩනා ලද සිත පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කර්‍මක්‍ෂම යයි වැටහේ.