6. 1. 10.
ඛන්ධ සූත්රය
331. සැවැත්නුවර:
මහණෙනි, රූපයෙහි යම් දැඩිරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. වේදනායෙහි යම් දැඩිරාගයෙක් වේ නම් … සංඥායෙහි යම් දැඩිරාගයෙක් වේ නම් ... සංස්කාරයෙහි යම් දැඩිරාගයෙක් වේ නම් … විඥානයෙහි යම් දැඩිරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මේ පස්තන්හි මහණහුගේ සිතෙහි කෙලෙසීම ප්රහීණ වේ නම් ඔහුගේ සිත ද නවලොවුතුරුදහමට නැමුණේ වේ. නවලොවුතුරු දහමින් වඩනා ලද සිත පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කර්මක්ෂම ය යි වැටහේ.
පළමුවැනි කිලේස වර්ග යි.
එහි සූත්ර නාමා වලිය:
චක්ඛු, රූප, විඤ්ඤාණ, ඵස්ස, වේදනා, සඤ්ඤා, සඤ්චේතනා, තණ්හා යන ඒ සූත්ර ධාතු ඛන්ධ සූත්ර දෙකින් දශයෙක් වේ.
කිලේස සංයුත්තය නිමියේ යි.