6. 1. 1.
චක්ඛු සූත්රය
322. සැවැත්නුවර:
මහණෙනි, ඇසෙහි යම් ඡන්දරාගයෙක් (දුර්වල රාගය හා බලවත් රාගයෙක්) වේ නම් මෙය සිතෙහි කෙලෙසීමෙකි. කනෙහි යම් ඡන්ද රාගයෙක් වේ නම් … නැහැයෙහි යම් ඡන්ද රාගයෙක් වේ නම් ... දිවෙහි යම් ඡන්ද රාගයෙක් වේ නම් … කයෙහි යම් ඡන්ද රාගයෙක් වේ නම්… සිතෙහි යම් ඡන්ද රාගයෙක් වේ නම් මේ සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි මහණහුගේ සිතෙහි කෙලෙසීම ප්රහීණ වේ නම් ඔහුගේ සිත නවලොවුතුරු දහමට නැමුණේ ද වේ. නව ලොවුතුරු දහමින් වඩනා ලද ශමථවිදර්ශනා සිත පස්විකුම් නුවණින් දැන පසක් කළ යුතු දහමුන් විෂයෙහි ක්රියාවට සුදුසු ය යි වැටහේ.
6. 1. 2.
රූප සූත්රය
323. සැවැත්නුවර:
මහණෙනි, රූපයෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් තෙල සිත්හි කෙලෙසීමෙකි. ශබ්දයෙහි යම් ඡන්ද රාගයෙක් වේ නම් … ගන්ධයෙහි යම් ඡන්ද රාගයෙක් වේ නම් ... රසයෙහි යම් ඡන්දරාගයෙක් වේ නම්… ස්ප්රෂ්ටව්යයෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් … ධර්මයෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි මහණහුගේ සිතෙහි කෙලෙසීම ප්රහීණ වේ නම් ඔහුගේ සිත නව ලොවුතුරු දහමට නැමුණේ ද වේ. නවලොවුතුරු දහමින් වඩනා ලද සිත පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහමුන් විෂයෙහි ක්රියාවට සුදුසු ය යි හැඟේ.
6. 1. 3.
විඤ්ඤාණ සූත්රය
324. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛූවිඤ්ඤාණයෙහි යම් ඡන්ද රාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සෝතවිඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් … ඝානවිඤ්ඤාණ යෙහි යම් ඡන්ද රාගයෙක් වේ නම් … ජිව්හාවිඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් ... කායවිඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් … මනෝවිඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි මහණහුගේ සිතෙහි කෙලෙසීම ප්රහීණ වේ නම් ඔහුගේ සිත නවලොවුතුරු දහමට නැමුණේ ද වේ. නවලොවුතුරු දහමින් වඩනා ලද සිත පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කරණී ය යි වැටහේ.
6. 1. 4.
ඵස්ස සූත්රය
325. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සෝතසම්ඵස්සයෙහි යම් ඡන්දරාගයෙක් වේ නම්… ඝානසම්ඵස්සයෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් … ජිව්හාසම්ඵස්සයෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් ... කායසම්ඵස්සයෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් ... මනෝසම්ඵස්සයෙහි යම් ඡන්ද රාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කර්මාර්හයයි හැඟේ.
6. 1. 5.
වේදනා සූත්රය
326. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛුසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සෝතසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් … ඝානසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් … ජිව්හාසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් ... කායසම්ඵස්සජ වේදනායෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් ... මනෝසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කර්මණ්යය යි හැඟේ.
6. 1. 6.
සඤ්ඤා සූත්රය
327. සැවැත්නුවර:
මහණෙනි, රූපසඤ්ඤායෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සද්දසඤ්ඤායෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් … ගන්ධසඤ්ඤායෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් … රසසඤ්ඤායෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් ... ඵොට්ඨබ්බ සඤ්ඤායෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් … ධම්මසඤ්ඤායෙහි යම් ඡන්දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි ක්රියාවට සුදුසු ය යි හැඟේ.