4. 1. 8.
තණ්හා සූත්රය
309. සැවැත්නුවර:
මහණෙනි, රූපණ්හාව අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු යැ, සද්ද තණ්හාව ... ගන්ධතණ්හාව … රසතණ්හාව ... ඵොට්ඨබ්බතණ්හාව ... ධම්මතණ්හාව අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු ය. මහණෙනි, යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ වේ ය යි.
4. 1. 9.
ධාතු සූත්රය
310. සැවැත්නුවර:
මහණෙනි, පඨවිධාතුව අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු යැ, ආපෝධාතුව ... තේජෝ ධාතුව … වායෝධාතුව ... ආකාසධාතුව ... විඤ්ඤාණධාතුව අනිස යැ, වෙනස් වනසුලුයැ. අන්පරිදි වනසුලු යි. මහණෙනි, යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ වේ ය යි.
4. 1. 10.
ඛන්ධ සූත්රය
311. සැවැත්නුවර:
මහණෙනි, රූපය අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු ය.
වේදනාව අනිස යැ, වෙනස්වන සුලු යැ, අන්පරිදි වනසුලු යැ. සංඥාව අනිස යැ, වෙනස්වන සුලු යැ, අන්පරිදි වනසුලුයැ. සංස්කාර අනිස යැ, වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ, විඥානය අනිස යැ, වෙනස් වනසුලු යැ, අන් පරිදි වනසුලුයි.
මහණෙනි, යමෙක් මේ දහම් මෙසේ හදහා ද, (හැදැහීමෙන්) විමෝක්ෂය පිළිලබා ද, මේ පුද්ගල සද්ධානුසාරී යැ, ආර්ය්යමාර්ගයට පිවිසියේ යැ, සත්පුරුෂභූමියට බටුයේ යැ, පෘථග්ජන භූමිය ඉක්මවාලී යැ, යම් කර්මයක් කොට නිරයට වේවයි තිරිසන් යෝනියට වේවයි ප්රේතවිෂයට වේවයි (උපත් විසින්) එළැඹේ නම් ඒ කර්ම කරන්නට අභව්ය යැ, යම්තාක් සෝතාපත්තිඵලය පසක් නො කෙරේ ද ඒ තාක් කලුරිය කරන්නට ද අභව්ය යි කියනු ලැබේ.
මහණෙනි, යමකුහට මේ දහම්හු විවසුන් නුවණින් පමණ විසින් ධ්යානක්ෂම වෙත් ද, මේ පුඟුල් ධම්මානුසාරී යැ, අරීමඟට පිවිසියේ යැ, සපුරිස් බිමට බටුයේ යැ, පුහුදුන් බිම ඉක්මවාලී යැ, යම් කර්මයක් කොට නිරෑහි වේවයි තිරිසන්යොන්හි වේවයි පේවිසාහි වේවයි (උපත්විසින්) එළැඹෙනුයේ නම්, ඒ කර්ම කරන්නට නො නිසි යැ, සෝතාපත්තිඵලය පසක් කරන තාක් කලුරිය කරන්නට ද නො නිසි මැ යි.
මහණෙනි, යමෙක් මේ දහමුන් මෙසේ දනියි ද, මෙසේ දකියි ද, මේ පුද්ගල සෝතාපන්න යැ, සතර අපායෙහි නො හෙනසුලු යැ, ගතිනියත යැ, සම්බෝධිය පාරායන කොට ඇත්තේ යයි කියනු ලැබේ.
පළමුවැනි චක්ඛු වර්ග යි.
එහි උද්දානය:
චක්ඛු, රූප, විඤ්ඤාණ, ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, තණ්හා, ධාතු, ඛන්ධ යි සූත්ර දශයෙකි.
ඔක්කන්ති සංයුත්තය නිමියේ යි.