3. 3. 1-25.
වාත සූත්රය
250-274. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස වාතයෝ නො හමති. ගංගාවෝ නො ගලාබසිති. ගැබිනියෝ ප්රසව නො කෙරෙති, සඳහිරු නො ද උදාවෙති, නො ද පහ ව යෙති. ඉන්ද්රකීලයන් මෙන් සිටියාහු ය”යි දෘෂ්ටියෙක් උපදී දැ යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “වාතයෝ නො හමත්, … ඉන්ද්රකීලයන් මෙන් සිටියාහු ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදි යි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “වාතයෝ නො හමති … ඉන්ද්ර කීලයන් මෙන් සිටියාහු ය”යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී.
මහණෙනි, ‘ඒ කිමැ’යි හඟිවු ද? ‘රූපය නිත්ය හෝ වේ ද අනිත්ය හෝ වේ දැ යි … වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “වාතයෝ නො හමත් … ඉන්ද්රකීලයන් මෙන් සිටියාහු ය”යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී දැ යි.
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, මෙසේ යමෙක් අනිත්ය ද එය දුක් යැ. එය ඇති කල්හි එය ඇසිරි කොට “වාතයෝ නො හමති … ඉන්ද්රකීලයන් මෙන් සිටියාහු ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී”යි. (සූත්ර 25 මෙසේ විස්තර කටයුතු යි.)
3. 3. 26.
අදුක්ඛමසුඛී අත්තා සූත්රය
275. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ආත්මය නො දුක් නො සුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “ආත්මය නො දුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ යයි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්ය හෝ වේ ද? අනිත්ය හෝ වේ දැ යි. … වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි.
වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්ය හෝ වේ ද?, අනිත්ය හෝ වේ දැ? යි … වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි.
වහන්ස, තෙල නො වේ මැ යැ.
මහණෙනි, මෙසේ යමෙක් අනිත්ය ද එය දුක් යැ. එය ඇති කල්හි එයඇසුරු කොට එයට පිවිස “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී යි.
තෙවෙනි තතිය ගමන වර්ග යි.
එහි උද්දානය:
වාත, එතං මම, සො අත්තා, නො ච මෙ සියා, නත්ථි දින්නං, කරතො, නත්ථි හේතු සූත්රයෝ ය. අටවැනි මහාදිට්ඨි සූත්ර ය,
සස්සත ලෝක, අසස්සතලෝක, අන්තවා ලෝක, අනන්තවා ලෝක, තත් ජීව තත් ශරීර, අන්යත් ජීව අන්යත් ශරීර සූත්රයෝ ය. හොති තථාගත, නහොති තථාගත, හොති ච න ච හොති තථාගත, නෙච හොති න න හොති තථාගත යන සූත්ර සතර ය,
රූපී අත්තා සූත්රය, එසේම අනෙක් අරූපී අත්තා සූත්රය, රූපී ච අරූපී ච අත්තා, නෙච රූපී න අරූපී අත්තා,
ඒකන්තසුඛී අත්තා, එකන්තදුක්ඛී අත්තා, සුඛදුක්ඛී අත්තා සූත්රයෝ ය, අනෙක් අදුක්ඛමසුඛි අත්තා සූත්රය දැ යි මේ සවිසි සූත්රයෝ තෙවෙනි වර මැනැවින් දෙසන ලදහ යි.