3. 1. 15.
හොති තථාගත සූත්‍රය
220. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස සත්ත්‍වයා මරණින් මතු වේ ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස සත්ත්‍වයා මරණින් මතු වේ ය’යි මෙ බඳු දෘෂ්ටියක් උපදී යි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස සත්ත්‍වයා මරණින් මතු වේ ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි ‘ඒ කිමැ’යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි? ... දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු වේය’යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ ම යැ,
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි … දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු වේ ය’යි මෙ බඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි.
3. 1. 16.
න හොති තථාගත සූත්‍රය
221. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස සත්ත්‍වයා මරණින් මතු නො වේ ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස ‘සත්ත්‍වයා මරණින් මතු නො වේ ය’යි මෙ බඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස සත්ත්‍වයා මරණින් මතු නොවේ ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි ... දුක් නම් වෙනස් වන සුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු නො වේ ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
වහන්ස, මෙය නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි … දුක් නම් වෙනස් වන සුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු නො වේ ය’යි මෙ බඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි.
3. 1. 17.
හොති ච නච හොති තථාගත සූත්‍රය
222. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වෙයි යන මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි ... වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වෙයි’ යන මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි
වහන්ස, අනිත්‍ය ය. ...
දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වෙයි ’ යන මෙබඳු දෘෂ්ටියෙක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ? යි. … දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වෙයි’ යන මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැයි.
මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ යි.