12. 1. 7.
වේදනා අදස්සන සූත්රය
613. සැවැත්නුවර:
… වච්ඡය, වේදනාවෙහි නො දැක්මෙන් … සත්ත්වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ යි හෝ … යි.
12. 1. 8.
සඤ්ඤා අදස්සන සූත්රය
614. සැවැත්නුවර:
… වච්ඡය, සඤ්ඤාවෙහි නො දැක්මෙන් … සත්ත්වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ යි හෝ …
12. 1. 9.
සඞ්ඛාර අදස්සන සූත්රය
615. සැවැත්නුවර:
… වච්ඡය, සඞ්ඛාරයන්හි නො දැක්මෙන් … සත්ත්වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ යි හෝ …
12. 1. 10.
විඤ්ඤාණ අදස්සන සූත්රය
616. සැවැත්නුවර:
… වච්ඡය, විඤ්ඤාණයෙහි නො දැක්මෙන් … විඤ්ඤාණසමුදයෙහි නො දැක්මෙන් විඤ්ඤාණනිරෝධයෙහි නො දැක්මෙන්, විඤ්ඤාණනිරොධගාමිනිපටිපදාවෙහි නො දැක්මෙන් … සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යි හෝ … (පළමු ගමන මෙන් පස්කඳ ම පස් ගමනින් විතර කටයුතු යි)
12. 1. 11.
රූප අනභිසමය සූත්රය
617. සැවැත්නුවර:
එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජිතෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේ යැ ; භවත් ගෞතමයන් වහන්ස, “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්වයා මරණින් මතු නො ම වෙයි නො ම නොවේ ය යි හෝ නන්වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට හේතු කිමෙක් ද, ප්රත්යය කිමෙක් දැ යි.
වච්ඡ, රූපයෙහි අනවබෝධයෙන් ... සත්ත්වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ ...
12. 1. 12.
වේදනා අනභිසමය සූත්රය
618. සැවැත්නුවර:
… වච්ඡය, වේදනාවෙහි අනවබෝධයෙන් ... සත්ත්වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …