12. 1. 5.
විඤ්ඤාණ අඤ්ඤාණ සූත්‍රය
611. සැවැත්නුවර:
එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත යයි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ” යි.
වච්ඡය, විඤ්ඤාණයෙහි නො දැන්මෙන් විඤ්ඤාණ සමුදයෙහි නො දැන්මෙන්, විඤ්ඤාණනිරෝධයෙහි නො දැන්මෙන්, විඤ්ඤාණනිරෝධගාමිනි පටිපදාවෙහි නො දැන්මෙන් ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නොවේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු මෙසේ ලොව උපදිත්. වච්ඡ, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නොවේ ය යි හෝ නන් වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට මේ හේතු යැ, මේ ප්‍රත්‍යය යි.
12. 1. 6.
රූප අදස්සන සූත්‍රය
612. සැවැත්නුවර:
එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යෑ: භවත් ගෞතමයන් වහන්ස, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නොවේ ය යි හෝ නන්වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ දැ යි.
වච්ඡය, රූපයෙහි නො දැක්මෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ යි හෝ ...
12. 1. 7.
වේදනා අදස්සන සූත්‍රය
613. සැවැත්නුවර:
… වච්ඡය, වේදනාවෙහි නො දැක්මෙන් … සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ යි හෝ … යි.
12. 1. 8.
සඤ්ඤා අදස්සන සූත්‍රය
614. සැවැත්නුවර:
… වච්ඡය, සඤ්ඤාවෙහි නො දැක්මෙන් … සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ යි හෝ …
12. 1. 9.
සඞ්ඛාර අදස්සන සූත්‍රය
615. සැවැත්නුවර:
… වච්ඡය, සඞ්ඛාරයන්හි නො දැක්මෙන් … සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ යි හෝ …
12. 1. 10.
විඤ්ඤාණ අදස්සන සූත්‍රය
616. සැවැත්නුවර:
… වච්ඡය, විඤ්ඤාණයෙහි නො දැක්මෙන් … විඤ්ඤාණසමුදයෙහි නො දැක්මෙන් විඤ්ඤාණනිරෝධයෙහි නො දැක්මෙන්, විඤ්ඤාණනිරොධගාමිනිපටිපදාවෙහි නො දැක්මෙන් … සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යි හෝ … (පළමු ගමන මෙන් පස්කඳ ම පස් ගමනින් විතර කටයුතු යි)
12. 1. 11.
රූප අනභිසමය සූත්‍රය
617. සැවැත්නුවර:
එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජිතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ යැ ; භවත් ගෞතමයන් වහන්ස, “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නොවේ ය යි හෝ නන්වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ යි.
වච්ඡ, රූපයෙහි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ ...
12. 1. 12.
වේදනා අනභිසමය සූත්‍රය
618. සැවැත්නුවර:
… වච්ඡය, වේදනාවෙහි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …