12. 1. 53.
සඤ්ඤා අපච්චකඛ කම්ම සූත්‍රය
659. සැවැත්නුවර:
… වච්ඡය, සංඥාවෙහි නො පසක් කිරීමෙන් …
12. 1. 54.
සඞ්ඛාර අපච්චකඛ කම්ම සූත්‍රය
660. සැවැත්නුවර:
… වච්ඡය, සංස්කාරයන්හි නො පසක් කිරීමෙන් …
12. 1. 55.
විඤ්ඤාණ අපච්චකඛ කම්ම සූත්‍රය
661. සැවැත්නුවර:
වච්ඡය, විඥානයෙහි නො පසක් කිරීමෙන් , විඥානසමුදයෙහි නො පසක් කිරීමෙන්, විඥානනිරෝධයෙහි නො පසක් කිරීමෙන්, විඥානනිරෝධගාමිනීපටිපදාවෙහි නො පසක් කිරීමෙන්, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන්වැදෑරුම් මේ මිසදිටුහු ලොව උපදිත්.
වච්ඡය, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත් ය යි හෝ ලෝකය අන්තවත් ය යි හෝ ලෝකය අනන්තවත් ය යි හෝ ජීවයත් එය ය ශරීරයත් එය ය යි හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු වෙයි ද නො ද වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටු ලොව උපදිත් නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
පළමුවැනි වච්ඡගොත්ත වර්‍ග යි.
(එකට පිඬු කිරීමෙන් පස්පනස් සූත්‍ර කෙනෙක් වෙත්.)
එහි උද්දානය:
අඤ්ඤාණයෙන් ද, අදස්සනයෙන් ද, අනභිසමයෙන් ද, අනනුබෝධයෙන් ද, අප්පටි වේධයෙන් ද, අසල්ලක්ඛණයෙන් ද, අනුපලක්ඛණයෙන් ද, අපච්චුපලක්ඛණයෙන් ද, අසමපෙක්ඛණයෙන් ද, අපච්චුපෙක්ඛණයෙන්ද, අපච්චක්ඛකම්මයෙන් දැ යි එක් එක පඤ්චකය බැගින් පඤ්චක එකොළොසෙකි. සූත්‍ර මුළුල්ල පස්පනසෙකි
වච්ඡගොත්ත සංයුත්තය නිමියේ යි.