12. 1. 3.
සඤ්ඤා අඤ්ඤාණ සූත්රය
609. සැවැත්නුවර:
එකත්පස් වැ හුන් වච්ඡගොත්ත පිරිවැජි භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: භවත් ගෞතමයන් වහන්ස “ලෝකය ශාශ්වත ය” යි හෝ “ලෝකය ආශාශ්වත ය” යි ... සත්ත්වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්රත්යය දැ” යි.
වච්ඡය, සඤ්ඤාවෙහි නො දැනීමෙන්, සඤ්ඤාසමුදයෙහි නො දැනීමෙන් සඤ්ඤානිරෝධයෙහි නො දැනීමෙන්, සඤ්ඤානිරෝධගාමිනිපටිපදාවෙහි නො දැනීමෙන් ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්වයා මරණින් මතු නො ම වෙයි ය යි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් මේ මිසදුටුහු ලොව උපදිත්. වච්ඡ, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට මේ හේතු යැ මේ ප්රත්යය යි.
12. 1. 4.
සඞ්ඛාර අඤ්ඤාණ සූත්රය
610. සැවැත්නුවර:
එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන්වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්රත්යය දැ” යි.
වච්ඡය, සඞ්ඛාරයන්හි නො දැනීමෙන්, සඞ්ඛාරසමුදයෙහි නො දැනීමෙන් සඞ්ඛාරනිරෝධයෙහි නොදැනීමෙන්, සඞ්ඛාරනිරෝධගාමිනිපටිපදාවෙහි නො දැනීමෙන් ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන්වැදෑරුම් මේ මිසදිටුහු ලොව උපදිත්. වච්ඡ, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට මේ හේතු ය, මේ ප්රත්යය යි.
12. 1. 5.
විඤ්ඤාණ අඤ්ඤාණ සූත්රය
611. සැවැත්නුවර:
එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත යයි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්රත්යය දැ” යි.
වච්ඡය, විඤ්ඤාණයෙහි නො දැන්මෙන් විඤ්ඤාණ සමුදයෙහි නො දැන්මෙන්, විඤ්ඤාණනිරෝධයෙහි නො දැන්මෙන්, විඤ්ඤාණනිරෝධගාමිනි පටිපදාවෙහි නො දැන්මෙන් ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්වයා මරණින් මතු නො ම වෙයි, නො ම නොවේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු මෙසේ ලොව උපදිත්. වච්ඡ, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ සත්ත්වයා මරණින් මතු නො ම වෙයි, නො ම නොවේ ය යි හෝ නන් වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට මේ හේතු යැ, මේ ප්රත්යය යි.
12. 1. 6.
රූප අදස්සන සූත්රය
612. සැවැත්නුවර:
එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යෑ: භවත් ගෞතමයන් වහන්ස, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්වයා මරණින් මතු නො ම වෙයි, නො ම නොවේ ය යි හෝ නන්වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට හේතු කවරේ ද, ප්රත්යය කවරේ දැ යි.
වච්ඡය, රූපයෙහි නො දැක්මෙන් ... සත්ත්වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ යි හෝ ...
12. 1. 7.
වේදනා අදස්සන සූත්රය
613. සැවැත්නුවර:
… වච්ඡය, වේදනාවෙහි නො දැක්මෙන් … සත්ත්වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ යි හෝ … යි.