1. 3. 5. 4.
නො ච මෙ සියා සූත්රය
153. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ප්රත්යය කොට “(මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නොද වන්නේ යැ, මතු නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) මතු නොවන්නේ” යි මෙබඳු දෘෂ්ටියක් උපදී ද?
වහන්ස, අපගේ දහම්හු භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසිරි කොට රූපය ප්රත්යය කොට “ඉදින් (මම්) නුවූයෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ, නො වන්නෙම් නම් (මතු පස්කඳෙක්) මට නො වන්නේ යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසිරි කොට විඥානය ප්රත්යය කොට ඉදින් (මම්) නුවූයෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ, නො වන්නෙම් නම් (මතු ද පස්කඳෙක්) මට නො වන්නේ”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්ය හෝ වේ ද, අනිත්ය හෝ වේ ද? වහන්ස, අනිත්ය යැ.
යමක් අනිත්ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් අනිත්ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසිරි කොට “ඉදින් (මම්) නුවූයෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. නො වන්නෙම් නම් මතු පස් කඳෙක් මට නො වන්නේ”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි? වහන්ස, තෙල නො වේ ම යැ.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්ය හෝ වේ ද, අනිත්ය හෝ වේ ද? වහන්ස, අනිත්ය යැ.
යමක් අනිත්ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් අනිත්ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය ඇසිරි කොට “ඉදින් (මම්) නුවූයෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. ඉදින් නො වන්නෙම් නම් (මතු ද පස්කඳෙක්) මට නො වන්නේ”යි මෙ බඳු දෘෂ්ටියෙක් උපදී දැ”යි?
වහන්ස, තෙල නො වේ මැ යි. මෙසේ දක්නේ ... මේ බැව් පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී යි.
1. 3. 5. 5.
මිච්ඡාදිට්ඨි සූත්රය
154. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමක් ප්රත්යය කොට මිථ්යාදෘෂ්ටිය උපදනේ දැ? යි. වහන්ස,
අපගේ දහම්හු භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපය ප්රත්යය කොට මිථ්යාදෘෂ්ටිය උපදියි. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානය ප්රත්යය කොට මිථ්යාදෘෂ්ටිය උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, රූපය නිත්ය හෝ වේද, අනිත්ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්ය යැ.
යමක් අනිත්ය නම් එය දුක් හෝ වේ ද?, සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.
යමක් අනිත්ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට මිථ්යා දෘෂ්ටිය උපදනේ දැ යි? වහන්ස, තෙල නො වේ ම යැ.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්ය හෝ වේ ද, අනිත්ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්ය ය.
යමක් අනිත්ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.
යමක් අනිත්ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට මිථ්යාදෘෂ්ටිය උපදනේ දැ යි? වහන්ස, තෙල නො වේ මැයි.
මෙසේ දක්නේ ... මේ බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී යි.
1. 3. 5. 6.
සක්කායදිට්ඨි සූත්රය
155. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමක් ප්රත්යය කොට සත්කායදෘෂ්ටිය උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ...
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපය ප්රත්යය කොට සක්කායදෘෂ්ටිය උපදියි. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානය ප්රත්යය කොට සත්කායදෘෂ්ටිය උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්ය හෝ වේ ද, අනිත්ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්ය යැ.