1. 3. 5. 1.
අජ්ඣත්ත සූත්‍රය
150. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා තමා තුළ සුවදුක් උපදනේ ද?
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...
මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා තමා තුළ සුවදුක් උපදියි, වේදනාව ඇති කල්හි වේදනාව නිසා තමා තුළ සුවදුක් උපදියි, සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි සංස්කාර නිසා තමා තුළ සුවදුක් උපදියි, විඥානය ඇති කල්හි විඥානය නිසා තමා තුළ සුවදුක් උපදී, මහණෙනි එ කිමැයි හඟිවු ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එ දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නොකොට තමා තුළ සුවදුක් උපදනේ ද? වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව ... සංඥාව ... සංස්කාර ..විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් ඒ දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නො කොට තමා තුළ සුවදුක් උපනේ ද? වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිදු කලකිරෙයි, ... විඥාන යෙහිදු කලකිරෙයි, කලකිරෙනුයේ නො ඇලෙයි ... මේ බව සඳහා කටයුතු අන් කිසෙක් නැතැයි දනියි.
1. 3. 5. 2.
එතං මම සූත්‍රය
151. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ප්‍රත්‍ය කොට “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම ය”යි දකී දැ”යි?
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...
මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපය ප්‍රත්‍ය කොට “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්මය ය”යි දකියි, වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානය ප්‍රත්‍ය කොට “තෙල මාගේ ය, තෙලෙ මම වෙමි. තෙල මාගේ ආත්මය ය”යි දකී.
මහණෙනි, “ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේ දැ”යි?
වහන්ස, අනිත්‍ය යැ. යමක් අනිත්‍ය නම් ... වෙනස් වන ස්වභාව ඇත් නම් එය නො ඇසුරු කොට “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය ය”යි දක්නේ දැ යි? වහන්ස, තෙල නො වේ ම යැ.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේ දැ”යි? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් ... වෙනස් වන ස්වභාව ඇත් නම් එය නො ඇසුරු කොට “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම ය”යි දක්නේ දැ යි? වහන්ස තෙල නො වේ ම යැ.
මෙසේ දක්නා ... මේ බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී යි.
1. 3. 5. 3.
සො අත්තා සූත්‍රය
152. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ප්‍රත්‍ය කොට “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නො පෙරළෙන සැහැවි වූ ඒ මම් පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැයි?
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ප්‍රත්‍ය කොට “ඒ මම ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නො පෙරළෙන සැහැවි වූ ඒ මම්, පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානය ප්‍රත්‍ය කොට “ඒ මම ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, ඒ මම් පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නො කොට ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, ඒ මම් නිත්‍ය වූයෙම්, ධ්‍රැව වූයෙම්, ශාශ්වත වූයෙම්, නො පෙරළෙන සැහැවියෙම් පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදී ද?වහන්ස, තෙල නො වේ ම යැ.