1. 3. 4. 8.
පඨම අනත්ත සූත්රය
143. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් ඡන්දය පහ කළයුත්තේ ය. මහණෙනි, කුමක් අනාත්ම ද යත්:
මහණෙනි, රූපය අනාත්ම යැ, එහි ලා තොප විසින් ඡන්දය පහ කළ යුත්තේ යැ. වේදනාව අනාත්ම යැ ... සංඥාව අනාත්ම යැ ... සංස්කාර අනාත්ම යැ ... විඥානය අනාත්ම යැ. එහි ලා තොප විසින් ඡන්දය පහ කළ යුත්තේ යැ. මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් ඡන්දය පහ කළයුත්තේ යි.
1. 3. 4. 9.
දුතිය අනත්ත සූත්රය
144. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් රාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, කුමක් අනාත්ම ද යත්:
මහණෙනි, රූපය අනාත්ම යැ. එහි ලා තොප විසින් රාගය පහ කළ යුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනාත්ම යැ. එහි ලා තොප විසින් රාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් රාගය පහ කළයුත්තේ යි.
1. 3. 4. 10.
තතිය අනත්ත සූත්රය
145. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් ඡන්දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, කුමක් අනාත්ම ද යත්:
මහණෙනි, රූපය අනාත්ම යැ. එහි ලා තොප විසින් ඡන්දරාගය පහ කළයුත්තේ යැ. වේදනාව අනාත්මයැ ... සංඥාව ... සංස්කාර ... විඥානය අනාත්ම යැ. එහිලා තොප විසින් ඡන්දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් ඡන්දරාගය පහ කළයුත්තේ යි.
1. 3. 4. 11.
නිබ්බිදාබහුල සූත්රය
146. සැවැත්නුවර:
මහණෙනි, යම් හෙයකින් රූපයෙහි කලකිරීම බහුල කොට වෙසෙන්නේ නම්, වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි කලකිරීම බහුල කොට වෙසෙන්නේ නම් විඥානයෙහි කලකිරීම බහුල කොට වෙසෙන්නේ නම් සැදැහැයෙන් පැවිදි වූ කුලපුත්හට මේ අනුදහම වෙයි.
හෙතෙම රූපයෙහි කලකිරීම බහුල කොට වෙසෙන්නේ වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි කලකිරීම බහුල කොට වෙසෙන්නේ රූපය පිරිසිඳ දනියි, වේදනාව පිරිසිඳ දනියි, සංඥාව පිරිසිඳ දනියි, සංස්කාර පිරිසිඳ දනියි, විඥානය පිරිසිඳ දනියි. හෙතෙම රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ සංස්කාර පිරිසිඳ දන්නේ විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි. ජාතියෙන්, ජරාමරණයෙන්, සෝකයෙන්, පරිදේවයෙන්, දුකින්, දොම්නසින්, උපායාසයෙන් මිදෙයි, (සියලු) දුකින් මිදේ ය”යි කියමි යි.
1. 3. 4. 12.
අනිච්චානුපස්සනා සූත්රය
147. සැවැත්නුවර:
මහණෙනි, යම් හෙයෙකින් රූපයෙහි අනිස අනුව දකිමින් වෙසෙන්නේ නම් වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි අනිස අනුව දකිමින් වෙසෙන්නේ නම් සැදැහැයෙන් පැවිදි වූ කුලපුත්හට මේ අනුදහම වෙයි.
හේ රූපයෙහි අනිස අනුව දකිමින් වෙසෙන්නේ වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි අනිස අනුව දකිමින් වෙසෙන්නේ රූපය පිරිසිඳ දනියි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය පිරිසිඳ දනී. හෙ රූපය පිරිසිඳ දන්නේ වේදනාව ... සංඥාව ... සංස්කාර … විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥායෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි. ජාතියෙන්, ජරාමරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකින්, දොම්නසින් උපායාසයෙන් මිදෙයි. (සියලු) දුකින් මිදේ ය’යි කියමි යි.
1. 3. 4. 13.
දුක්ඛානුපස්සී සූත්රය
148. සැවැත්නුවර:
මහණෙනි, යම් හෙයෙකින් රූපයෙහි දුක අනුව දකිමින් වෙසෙන්නේ නම් වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි දුක අනුව දකිමින් වෙසෙන්නේ නම් සැදැහැයෙන් පැවිදි වූ කුලපුතුහට මේ අනුදහම වෙයි.