1. 3. 4. 11.
නිබ්බිදාබහුල සූත්රය
146. සැවැත්නුවර:
මහණෙනි, යම් හෙයකින් රූපයෙහි කලකිරීම බහුල කොට වෙසෙන්නේ නම්, වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි කලකිරීම බහුල කොට වෙසෙන්නේ නම් විඥානයෙහි කලකිරීම බහුල කොට වෙසෙන්නේ නම් සැදැහැයෙන් පැවිදි වූ කුලපුත්හට මේ අනුදහම වෙයි.
හෙතෙම රූපයෙහි කලකිරීම බහුල කොට වෙසෙන්නේ වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි කලකිරීම බහුල කොට වෙසෙන්නේ රූපය පිරිසිඳ දනියි, වේදනාව පිරිසිඳ දනියි, සංඥාව පිරිසිඳ දනියි, සංස්කාර පිරිසිඳ දනියි, විඥානය පිරිසිඳ දනියි. හෙතෙම රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ සංස්කාර පිරිසිඳ දන්නේ විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි. ජාතියෙන්, ජරාමරණයෙන්, සෝකයෙන්, පරිදේවයෙන්, දුකින්, දොම්නසින්, උපායාසයෙන් මිදෙයි, (සියලු) දුකින් මිදේ ය”යි කියමි යි.
1. 3. 4. 12.
අනිච්චානුපස්සනා සූත්රය
147. සැවැත්නුවර:
මහණෙනි, යම් හෙයෙකින් රූපයෙහි අනිස අනුව දකිමින් වෙසෙන්නේ නම් වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි අනිස අනුව දකිමින් වෙසෙන්නේ නම් සැදැහැයෙන් පැවිදි වූ කුලපුත්හට මේ අනුදහම වෙයි.
හේ රූපයෙහි අනිස අනුව දකිමින් වෙසෙන්නේ වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි අනිස අනුව දකිමින් වෙසෙන්නේ රූපය පිරිසිඳ දනියි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය පිරිසිඳ දනී. හෙ රූපය පිරිසිඳ දන්නේ වේදනාව ... සංඥාව ... සංස්කාර … විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥායෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි. ජාතියෙන්, ජරාමරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකින්, දොම්නසින් උපායාසයෙන් මිදෙයි. (සියලු) දුකින් මිදේ ය’යි කියමි යි.
1. 3. 4. 13.
දුක්ඛානුපස්සී සූත්රය
148. සැවැත්නුවර:
මහණෙනි, යම් හෙයෙකින් රූපයෙහි දුක අනුව දකිමින් වෙසෙන්නේ නම් වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි දුක අනුව දකිමින් වෙසෙන්නේ නම් සැදැහැයෙන් පැවිදි වූ කුලපුතුහට මේ අනුදහම වෙයි.
හෙතෙම රූපයෙහි දුක අනුව දකිමින් වෙසෙන්නේ වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි දුක අනුව දකිමින් වෙසෙන්නේ රූපය පිරිසිඳ දනියි. වේදනාව පිරිසිඳ දනියි. සංඥාව පිරිසිඳ දනියි. සංස්කාරයන් පිරිසිඳ දනියි. විඥානය පිරිසිඳ දනී.
හෙතෙම රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ සංස්කාරයන් පිරිසිඳ දන්නේ විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි, ජාතියෙන්, ජරාමරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකෙන්, දොම්නසින්, උපායාසයෙන් මිදෙයි. (සියලු) දුකෙන් මිදේ ය යි කියමි යි.
1. 3. 4. 14.
අනත්තානුපස්සනා සූත්රය
149. සැවැත්නුවර:
මහණෙනි, යම් හෙයෙකින් රූපයෙහි අනාත්මය අනු ව දකිමින් වෙසෙන්නේ නම් වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි අනාත්මය අනුව දකිමින් වෙසෙන්නේ නම් සැදැහැයෙන් පැවිදි වූ කුලපුත්හට මේ අනුදහම වෙයි:
“හේ රූපයෙහි අනාත්මය අනුව දකිමින් වෙසෙන්නේ වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි අනාත්මය අනුව දකිමින් වෙසෙන්නේ රූපය පිරිසිඳ දනියි, වේදනාව පිරිසිඳ දනියි, සංඥාව පිරිසිඳ දනියි, සංස්කාරයන් පිරිසිඳ දනියි, විඥානය පිරිසිඳ දනී. හේ රූපය පිරිසිඳ දන්නේ වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි. ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙයි. (සියලු) දුකින් මිදේ ය’යි කියමි යි.
සිවුවැනි කුක්කුළ වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
කුක්කුළ සූත්රය, අනිච්චසූත්ර තුන ය, අනෙක් දුක්ඛසූත්ර තුන ය, අනත්තසූත්ර තුන ය. කුලපුත්තසූත්ර දුක දෙක යයි සූත්ර තුදුසෙකි.