1. 1. 4. 6.
දෙවැනි ආනන්ද සූත්රය
38. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළඹියහ. … එකත්පසෙකැ හුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන්හට භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ඉදින් ආනන්ද, තොප මෙසේ පුළුවුස්නාහු නම්: “ඇවැත්නි, කවර ධර්මකෙනකුන්ගේ උත්පාදය පැනුණේ ද, ව්යය පැනුණේ ද, සිටියහුගේ අන්යථාත්වය පැනුණේ ද, කවර ධර්ම කෙනෙකුන්ගේ උත්පාදය පැනෙන්නේ ද, ව්යය පැනෙන්නේ ද, සිටියහුගේ අන්යථාත්වය පැනෙන්නේ ද, කවර ධර්මකෙනකුන්ගේ උත්පාදය පැනේ ද, ව්යය පැනේ ද, සිටියහුගේ අන්යථාත්වයපැනේ දැ” යි. ආනන්ද, මෙසේ පුළුවුස්නා ලද තෙපි කිමැයි ප්රකාශ කරන්නාහු දැ යි?
වහන්ස, ඉදින් මා මෙසේ විචාරන්නාහු නම්: “ඇවැත්නි, කවර ධර්මකෙනකුන්ගේ උත්පත්තිය පැනුණේ ද, විනාශය පැණුනේ ද, සිටියහුගේ වෙනස පැනුණේ ද, කවර ධර්මකෙනකුන්ගේ උත්පත්තිය පැනෙන්නේ ද, විනාශය පැනෙන්නේ ද සිටියහුගේ වෙනස පැනෙන්නේ ද, කවර ධර්ම කෙනකුන්ගේ උත්පත්තිය පැනේ ද, විනාශය පැනේ ද, සිටියහුගේ වෙනස පැනේ දැ” යි. වහන්ස, මෙසේ විචාරන ලද මම මෙලෙසින් ප්රකාශ කරන්නෙම්: “ඇවැත්නි, අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ උත්පාදය පැණුනේ යැ, ව්යය පැනුණේ යැ, සිටියහුගේ අන්යථාත්වය පැනුණේ යැ. අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් වේදනාවක් ඇද්ද, ඒ වේදනාවගේ උත්පාදය පැනුණේ යැ. ව්යය පැනුණේ යැ, සිටි වේදනාවගේ අන්යථාත්වය පැනුණේ යැ. යම් සංඥාවක් … අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද, ඒ සංස්කාරයන්ගේ උත්පාදය පැනුණේ යැ, ව්යය පැනුණේ යැ. සිටියවුන්ගේ අන්යථාත්වය පැනුණේ යැ. අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් විඥානයෙක් ඇද්ද, ඒ විඥානයාගේ උත්පාදය පැනුණේ යැ. ව්යය පැනුණේ යැ. ව්යය පැනුණේ යැ. සිටියහුගේ අන්යථාත්වය පැනුණේ යැ.
ඇවැත්නි, නූපන් නො පහළ වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ උත්පාදය පැනෙන්නේ යැ. ව්යය පැනෙන්නේ යැ. සිටියහුගේ අන්යථාත්වය පැනෙන්නේ යැ. යම් වේදනාවක් … යම් සංඥාවක් … යම් සංස්කාර කෙනෙක් … නූපන් නො පහළ වූ යම් විඥානයෙක් ඇත් ද, ඒ විඥානයාගේ උත්පාදය පැනෙන්නේ යැ. ව්යය පැනෙන්නේ යැ. සිටියහුගේ අන්යථාත්වය පැනෙන්නේ යැ.
ඇවැත්නි, උපන් පහළ වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ උත්පාදය පැනෙයි, ව්යය පැනෙයි, සිටියහුගේ අන්යථාත්වය පැනෙයි, යම් වේදනාවක් … යම් සංඥාවක් … යම් සංස්කාර කෙනෙක් … උපන් පහළ වූ යම් විඥානයෙක් ඇත් ද, ඒ විඥානයාගේ උත්පාදය පැනෙයි ව්යය පැනෙයි සිටියහුගේ අන්යථාත්වය පැනේ යයි. “වහන්ස, මෙසේ පුළුවුස්නා ලද මම මෙසේ විසඳා කියන්නෙමි යි.
මැනවි මැනවි ආනන්ද, අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ ඉපදීම පැනුණේ ය, විනාශය පැනුණේ ය, සිටියහුගේ වෙනස පැනුණේ ය. යම් වේදනාවක් … යම් සංඥාවක් … යම් සංස්කාර කෙනෙක් ... අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් විඥානයෙක් ඇත් ද, ඒ විඥානයාගේ ඉපදීම පැනුණේ ය, විනාශය පැනුණේ ය, සිටියහුගේ වෙනස පැනුණේ යි. ආනන්ද, මේ ධර්මයන්ගේ ඉපදීම පෙනුණේ ය. විනාශය පැනුණේ ය, සිටියහුගේ වෙනස පෙනුණේ යි.
ආනන්ද, නූපන් නො පහළ වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ ඉපදීම පැනෙන්නේ යැ, විනාශය පැනෙන්නේ යැ, සිටියහුගේ වෙනස පැනෙන්නේ යැ. යම් වේදනාවක් … යම් සංඥාවක් .. යම් සංස්කාර කෙනෙක් … නූපන් නො පහළ වූ යම් විඥානයක් ඇත් ද, ඒ විඥානයාගේ ඉපදීම පැනෙන්නේ යැ, විනාශය පැනෙන්නේ යැ, සිටියහුගේ වෙනස පැනෙන්නේ යැ. ආනන්ද, මේ ධර්මයන්ගේ ඉපදීම පැනෙන්නේ යැ. විනාශය, පැනෙන්නේ යැ, සිටියහුගේ වෙනස පැනෙන්නේ යි.
ආනන්ද, උපන් පහළ වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ උත්පාදය පැනෙයි. ව්යය පැනෙයි, සිටියහුගේ අන්යථාත්වය පැනෙයි. යම් වේදනාවක් … යම් සංඥාවක් .. යම් සංස්කාර කෙනෙක් … උපන් පහළ වූ යම් විඥානයක් ඇත් ද, ඒ විඥානයාගේ උත්පාදය පැනෙයි, ව්යය පැනෙයි, සිටියහුගේ අන්යථාත්වය පැනෙයි. ආනන්ද, මේ ධර්මයන්ගේ උත්පාදය පැනෙයි, ව්යය පැනෙයි, සිටියහුගේ අන්යථාත්වය පැනෙයි. ආනන්දය මෙසේ පුළුවුස්නා ලද තෙපි මෙසේ විසඳා ප්රකාශ කරන්නාහු යි.
1. 1. 4. 7.
පළවැනි අනුධම්ම සූත්රය
39. සැවැත්නුවර–
මහණෙනි, ධර්මානුධර්මප්රතිපන්න (නවලෝකෝත්තරධර්මයනට අනුලොම් වූ පූර්වභාගප්රතිපදාවට පිළිපන්) මහණහට මේ අනුලෝමධර්ම වෙයි.
යම් හෙයෙකින් රූපයෙහි නිර්වේද (උකටලී) බහුල වැ වාස කෙරේ ද, වේදනායෙහි නිර්වේද බහුල වැ වාස කෙරේ ද, සංඥායෙහි නිර්වේද බහුල වැ වාස කෙරේ ද, සංස්කාරයන්හි නිර්වේද බහුල වැ වාස කෙරේ ද, විඥානයෙහි නිර්වේද බහුල වැ වාස කෙරේ ද,