3. 2. 5.
පිතු සූත්රය
278. සැවැත්නුවර–
මහණෙනි, මෙසසර අවිදිතාග්රය … මහණෙනි, මේ දිගුකල යම් සතෙක් එක්සතක්හු පිය නො වූ විරූ ද, එබඳු සතෙක් සුලබ නො වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර අවිදිතාග්රය ... මහණෙනි, එහෙයින් මිදෙන්නට නිසි ම ය. මිදෙන්නට සුදුසු මැ යි.
3. 2. 6.
භාතු සූත්රය
279. සැවැත්නුවර–
මහණෙනි, මේ සසර අවිදිතාග්ර ඇතියේ ය. මහණෙනි, මේ දීර්ඝකාලයෙහි යමෙක් බෑයා නො වූ විරූ ද, එබඳු සතෙක් සුලබ නො වේ ... මෙයිනුදු මහණෙනි ... මිදෙන්නට නිසි මැ යි.
3. 2. 7.
භගිනි සූත්රය
280. සැවැත්නුවර–
මහණෙනි, මේ සසර අවිදිතාග්ර ඇතියේ ය ... මහණෙනි, මේ දීර්ඝකාලයෙහි යමෙක් බුහුන නො වූ විරූ ද, එබඳු සතෙක් සුලබ නො වේ … මෙයිනුදු මහණෙනි ... මිදෙන්නට නිසි මැ යි.
3. 2. 8.
පුත්ත සූත්රය
281. සැවැත්නුවර–
මහණෙනි, මේ සසර අවිදිතාග්ර අතියේ ය. මහණෙනි, මේ දීර්ඝකාලයෙහි යමෙක් පුතු නො වූ විරූ ද, එබඳු සතෙක් සුලබ නො වෙයි ... මෙයිනුදු මහණෙනි ... මිදෙන්නට නිසි මැයි.
3. 2. 9.
ධීතු සූත්රය
282. සැවැත්නුවර–
මහණෙනි, මෙසසර නො දන්නා ලද අග ඇතියේ ය. අවිද්යාවෙන් ඇවුරුණු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්ත්වයන්ගේ පූකෙළ (පූර්වාන්තය) නො පෙණෙයි. මහණෙනි, මේ දීර්ඝකාලයෙහි දූ නො වූ විරූ නම් එබඳු සතෙක් සුලබ නො වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො දන්නා ලද අග අතියේය අවිද්යාවෙන් බැඳුනු තෘෂ්ණාවෙන් ඇවුරුණු දිවෙන සැරිසරණ සත්වයන්ගේ පූර්වාන්තය නො පෙණෙයි. මහණෙනි, මෙසේ තොප විසින් දිගුකලක් දුක් විදින ලදී. තියුණු දුක් විඳින ලදී. ව්යසන විඳින ලදී. සොහොන හෝ පොළොව වඩනලදී. මෙයිනුදු මහණෙනි, සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය. නො ඇලෙන්නට නිසි ම ය. මිදෙන්නට නිසි මැ යි.
3. 2. 10.
වේපුල්ලපබ්බත සූත්රය
283. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, මෙසසර නො පිරුසුන් අග ඇත්තේ ය අවිද්යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්ත්වයින්ගේ පුර්වකෝටිය නො පැණේ.