5. 1. 2.
සෝමා සූත්රය
163. සැවැත්නුවර–
එකල්හි සෝමා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසි යා ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්ධවනය වෙත එළඹුනී ය. අන්ධවනයට පිවිසි එක්තරා ගසක්මුල දිවාවිහරණය පිණිස හුන.
ඉක්බිති පවිටු මරු සෝමා මෙහෙණට බිය තැතිගැනුම් ලොමු දහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් තොර කරණු කැමැත්තේ සෝමා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ සෝමා මෙහෙණට ගාථායෙන් කී ය:
ඉසිවරුන් විසින් ලැබියයුතු දුලබ වූ යම් ඒ පදවියෙක් වේ ද, එය දැඟුල්නුවණ ඇති ස්ත්රිය විසින් නොලැබිය හැක්ක.
ඉක්බිති සෝමා මෙහෙණට “මේ කවරෙක් දෝ මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ”යි මේ අදහස විය. එකල්හි සෝමා මෙහෙණහට “මේ පවිටු මරු ය. මට බිය තැතිගැනුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යී මේ අදහස විය.
සිත මැනවින් සමාධිගත වූ කල්හි නුවණ පවත්නා කල්හි මනා කොට දහම දක්නහුට ඉතිරිබව කුමක් කරන්නේ ද? මම ස්ත්රියක් මු යි හෝ පුරුෂයෙක් මියි හෝ අන් කිසිවෙකිම් වෙමි යි හෝ යමකුට මෙසේ අදහස් වන්නේ නම් මාර තෙමේ ඔහුට කියන්නට සුදුසු වෙයි.
ඉක්බිති පවිටු මාර තෙමේ සෝමා මෙහෙණ මා දනිති යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.
5. 1. 3.
ගෝතමී සූත්රය
164. සැවැත්නුවර–
එකල කිසාගෝතමී මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසිනී ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්ධවනය වෙත එළඹිනී ය. අන්ධවනයට වැද එක්තරා ගසක්මුල දිවාවිහරණය පිණිස හුන.
එකල්හි පවිටු මාර තෙමේ කිසාගෝතමී මෙහෙණට බිය තැතිගැනුම් ලොමුදහගැණුම උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ කිසාගෝතමී මෙහෙණ වෙත එළඹින. එළඹ කිසාගෝතමී මෙහෙණට ගාථායෙන් කීය:
කිම, තෝ මළපුතුන් ඇති කඳුළු මුසු මුහුණැතියක සෙයින් එකලා ව හිඳිහි ද? කිම, එකලා ව වනමැදට පැමිණි තෝ පුරුෂයකු සොයයි ද?
එකල කිසාගෝතමී මෙහෙණට “මේ කවරෙක් දෝ, මිනිසෙක් හෝ නො මිනිසෙක් හෝ ගාථාව කියා දැ”යි මේ අදහස විය. ඉක්බිති කිසාගෝතමී මෙහෙණහට “මේ පවිටු මරු ය. මට බිය තැතිගැනුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යි මේ සිත විය. ඉක්බිති කිසාගෝතමී මෙහෙණ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් පෙරළා කිවු ය.
අත්යන්ත කොට මළපුතුන් ඇත්තියකිම් වෙමි. ස්වාමිපුරුෂයෝ ද එත දන්තයහ. (පුත්රාන්තය සේ ම තෙලෙකින් පුරුෂයන්ගේ අන්තය ද ඇත.) ශෝක නොකරමි. නො හඬමි. ඇවැත්නි, තට නො බමි.
හැමතන්හි තෘෂ්ණාව නසන ලදු. අඳුරුකඳ බිඳින ලදී. මරසෙන් දිනා නිකෙලෙස් ව වෙසෙමි.
ඉක්බිති පවිටු මාරු කිසාගෝතමී මෙහෙණ මා දනිතියි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.
5. 1. 4.
විජයා සූත්රය
165. සැවැත්නුවර–
එකල්හි විජයා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙ ව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසිනී ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්ධවනය වෙත එළඹුනු. අන්ධවනයට පිවිස එක්තරා රුකක්මුල දිවාවිහරණය පිණිස හුන.
ඉක්බිති පවිටු මරු විජයා මෙහෙණට බිය තැතිගැනුම් ලොමු දහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ විජයා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ විජයා මෙහෙණට ගාථායෙන් කී ය: