1. 6. 10.
කවි සූත්රය
[දෙවි:]
60. ගාථාවන්ට කිමෙක් මූලකාරණය වේ ද? කිමෙක් ඔවුන්ගේ අරුත් පවසා ද? ගාථාවෝ කුමක් ඇසුරු කොට පවතිද්? ද කවරෙක් ගාථාවන්ට පිහිට වේ ද?
[භගවත්හු:]
ඡන්දය ගාථාවන්ට නිදාන වේ. අකුරු ඔවුන්ගේ අරුත් පවසයි. ගාථාවෝ සංඥාවන් ඇසුරු කොට පවතිත්. කවි තෙමේ ගාථාවන්ට පිහිට වේ.
ජරා වර්ගය සවැනියි.
එහි උද්දානය:
ජරා, අජරසා, මිත්ත, වත්ථු සූත්රය, ජනෙති සූත්ර තුනය, උප්පථ සූත්රය, දුතියාසූත්රය, කවි සූත්රය යන මෙයින් වර්ගය පිරුණේ වේ.
7. අන්ව වර්ගය
1. 7. 1.
නාම [අන්වභවි] සූත්රය.
61. සැවැත් නුවර –
[දෙවි:]
කිමෙක් සියල්ල යටපත් කොට සිටියේ ද? කිමෙකින් වැඩියෙක්නැද්ද? සියල්ලෝ ම කිනම් එකදහමක්හුගේ වසයට ගියාහු ද?
[භගවත්හු:]
නාමය සියල්ල යටපත් කොට සිටියේ ය. නාමයෙන් වැඩියෙක් නැත. සියල්ලෝ ම නාමසඞ්ඛාත එක ම දහම්හුගේ වසයට ගියාහු ය.
1. 7. 2.
චිත්ත සූත්රය
[දෙවි:]
62. ලොව කිමෙකින් පමුණුවනු ලැබේ ද? කිමෙකින් අදනා ලැබේ ද? සියල්ලෝ ම කිනම් එක් දහමක්හුගේ වසයට ගියාහු ද?
[භගවත්හු:]
සිතින් ලොව පමුණුවනු ලැබේ. සිතින් අදනා ලැබේ. සියල්ලෝ ම සිත් නමැති මේ එක ම දහම්හුගේ වසයට ගියාහු ය.
1. 7. 3.
තණ්හා සූත්රය
[දෙවි:]
63. ලොව කිමෙකින් පමුණුවනු ලැබේ ද? කිමෙකින් අදනා ලැබේ ද? සියල්ලෝ ම කිනම් එක් දහමක්හුගේ වසයට ගියාහු ද?
[භගවත්හු:]
ලොව තෘෂ්ණායෙන් පමුණුවනු ලැබේ. තෘෂ්ණායෙන් අදනා ලැබේ. සියල්ලෝ ම තෘෂ්ණා නමැති මේ එක් දහම්හුගේ වසයට ගියාහු ය.
1. 7. 4.
සංයෝජන සූත්රය
[දෙවි:]
64. ලොව කුමක් බැඳුම් කොට ඇත්තේ ද? එහි පාද කිමෙක් ද? කුමක් ප්රහාණි කිරීමෙන් නිවණ යයි කියනු ලැබේ ද?