සංයුක්ත නිකාය අටුවාව 2.pdf

කතෘ :
හත්තොටුවේ ඉන්දරතන හිමි
ප්‍රකාශිත වර්ෂය :
2007
මුද්‍රිත වර්ෂය :
2007
පිටු ගණන :
393
බාගත කිරීම් ගණන :
2,475
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-03-23
ගොනුවේ ප්‍රමාණය :
61 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 197

සාරත්ථප්පකාසිනී නම් වූ සංයුක්ත නිකායට්ඨ කථාව - II යනු අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ ස්ථවිරපාදයන් විසින් පාලියෙන් රචිත සංයුත්ත නිකාය අට්ඨකථාවේ (සාරත්ථප්පකාසිනී) දෙවන කොටසේ සිංහල පරිවර්තනයයි. සිංහල පරිවර්තනය රාජකීය පණ්ඩිත හත්තොටුවේ ඉන්දරතන හිමියන් විසින් කරන ලද අතර, අධීක්ෂණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත මැදගම්පිටියේ විජිතධම්ම හිමියන් විසින් සිදු කරන ලදී.

මෙය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ පාලි අට්ඨකථා සිංහල පරිවර්තන මාලාවේ 11 වන කාණ්ඩය (Vol XXII) වේ. බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ පුනර් මුද්‍රණය නිම කිරීමෙන් පසු, ආගමික කටයුතු අමාත්‍යාංශයේ පැවරීම හා වැළමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ අනුශාසනාව අනුව අටුවා සිංහලට පරිවර්තනය කර මුද්‍රණය කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස මෙය නිකුත් කෙරිණි; විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට විෂය නිර්දේශානුකූල අට්ඨකථාවල සිංහල පරිවර්තන නොමැතිකමේ බාධාව දුරු කිරීම ද එහි අරමුණකි.

ග්‍රන්ථයේ ආරම්භයේ ඇති දීර්ඝ ප්‍රස්තාවනාවෙන් (අට්ඨකථා) පාලි භාෂාවේ ප්‍රභවය පිළිබඳ විද්වත් මත, හෙළඅටුවා (මහා අට්ඨකථා, කුරුන්දි, පච්චරි), බුද්ධඝෝෂ හිමියන්ගේ ජීවිතය හා කාර්යය, ත්‍රිපිටකයේ එක් එක් ග්‍රන්ථයට අදාළ අට්ඨකථා, කතුවරුන් හා කාලය දැක්වෙන වගුවක්, බුද්ධදත්ත, උපසේන, මහානාම, ධම්මපාල යන අටුවාචාරීන්, අට්ඨකථා පිළිබඳ විවේචන, සහ ලංකාවේ අට්ඨකථා මුද්‍රණයේ ඉතිහාසය (ත්‍රිපිටක මුද්‍රණ සභාව, හේවාවිතාරණ මුද්‍රණය, රාජකීය ආසියාතික සමිතියේ ව්‍යාපෘතිය) සාකච්ඡා කෙරේ.

ප්‍රථම මුද්‍රණය 2007 දී බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය (125, ඇන්ඩර්සන් පාර, නැදිමාල, දෙහිවල) විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර, අජිත් ප්‍රින්ටර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, බොරලැස්ගමුව මගින් මුද්‍රණය කරන ලදී. ISBN 978-955-1604-33-2.

ප්‍රස්තාවනා (අට්ඨකථා)

පාළි භාෂාව මධ්‍යතන ඉන්දු ආර්ය පූර්ව අවධියට අයත් ප්‍රාකෘත විශේෂයක් බවත්, එම ප්‍රාකෘතය වූ කලී එකල උත්තර භාරතයේ ඒ ඒ ප්‍රදේශවල පැවති පොදු ජනයාගේ කථා ව්‍යවහාරය බවත්, පිළිගත් විද්වත් මතයයි. ප්‍රාකෘත ව්‍යවහාරය පොදු ජනතාවගේ හා ශ්‍රමණ සම්ප්‍රදාය ගරු කළ චින්තකයන්ගේද භාෂා මාධ්‍යය විය. එය උත්තර භාරතයේ පැතිරී ගිය ඉන්දු යුරෝපීය භාෂා ව්‍යවහාරයෙන් ජනිත වූවක් සේ සැලකිය යුතුය. මෙම ප්‍රාකෘත ව්‍යවහාරයේ ලිඛිත සාධක අනුව මූල අවස්ථාවක් සේ පෙනෙන පාළි භාෂාව උත්තර භාරතයේ කිසියම් විශේෂ ප්‍රදේශයක කතා ව්‍යවහාරයේ මාධ්‍යයක් විය.

1. පාළි භාෂාව ක්‍රි.පූ. 6 වැනි 7 වැනි සියවස්වල කෝසොල් රට පැවති කථා ව්‍යවහාරය පදනම් කොට ඇති වූවෙකැයි ද එය නොයෙක් ජනපදවල ජනයාගේ පොදු භාෂා මාධ්‍යය වී යැයි ද මහාචාර්ය රීස් ඩේවිඩ්ස් තුමා පවසයි.

2. පාළිය උජ්ජයිනී ප්‍රදේශයේ භාෂාව යැයි වෙස්ටර් ගාඩ් ඊ කුක් සහ ඔටෝ ප්‍රොන්කේ වැනි විචාරකයෝ පවසති.

3. පාළිය මගධයේ කථා ව්‍යවහාර යයි බුද්ධඝෝෂ හිමියන්ගේ මතය මහාචාර්ය ගෛගර් තුමා අනුමත කරයි.

4. බුදුරජාණන් වහන්සේ මුලදී කොසොල් රට බසින් දහම් දෙසන්නට ඇතැයි සළකන වින්ටර්නීස් පාළි ත්‍රිපිටකයේ භාෂාව පැරණි මගධ ව්‍යවහාරය බව පදනම් කොට වෙනත් ප්‍රදේශ ව්‍යවහාරයන්ගේ සම්මිශ්‍රනයද ඇතිව ගොඩනැගුණු බෞද්ධයන්ගේ සාහිත්‍යයික භාෂාවකැයි මහාචාර්ය වින්ටනීස් තුමා පවසයි.

5. බුදුන් වහන්සේ ධර්ම ප්‍රචාරයේ යෙදුනු පන්සාළිස් වසින් වැඩි කොටසක් කොසොල් මගධ ප්‍රදේශවල සැරිසැරූ බව බෞද්ධ සාහිත්‍යයේ පෙනෙන බැවින් පාළි භාෂාව කොසොල් මගධ දෙරට කථා ව්‍යවහාරය පදනම් කොටගෙන බිහි වූවාක් සේ සැලකීමට පුළුවන් බව ඊ කුක් නම් විචාරකයා පෙන්වා දෙයි.

මෙම විග්‍රහයන් ශාස්ත්‍රීය වශයෙන් වැදගත් වන අතර විශේෂයෙන් සැලකිය යුත්තේ බුදුන් වහන්සේගේ මතයයි. බුදුරජාණන් වහන්සේ දක්වා වදාල ආකල්ප විග්‍රහ වන්නේ මජ්ඣිම නිකායේ අරණ විභංග සූත්‍රයෙනි. මෙම සූත්‍රයෙන් පෙන්වන්නේ උන්වහන්සේ භාෂා මාධ්‍යයේහි අනවශ්‍යය ලෙස දැඩිව එල්බ ගත් ශාස්තෘවරයෙකු නොවන බවයි. එකම දෙය විවිධ ජනපදවල නාම කීපයකින් හඳුන්වනු ලබන කළ ඒ එක නාමයක් දැඩිව අල්වා නොගෙන ඒ ඒ ලෙසට ව්‍යවහාර කළ යුතු බවත් ලෝක ව්‍යවහාරය නොඉක්මවිය යුතු බවත් අරණ විභංග සූත්‍රයෙහි උගැන්වෙයි.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ත්‍රිපිටකය සංගීත වූ භාෂාව වන පාළි භාෂාව ථේරවාදීන්ගේ ආගමික භාෂාව විය. එය සමස්ත ත්‍රිපිටකය පුරා රැඳී ගියේය. ථේරවාදීන්ගෙන් බිඳී ගිය මහායානිකයෝ බුද්ධ ධර්මය සංස්කෘතයට පෙරලා ගත්හ. ඔවුන්ගේ සංස්කෘත සාහිත්‍යය දියුණුවීමත් මුස්ලිම් ආක්‍රමණ වැනි ආක්‍රමණත් මහායානික දර්ශනය විශ්ව විද්‍යාල මගින් රට මුළුල්ලෙහි බෙදා හැරීමත්, මහායානිකයන් ආමිස පූජා යන්ත්‍ර, මන්ත්‍ර ආදියෙන් පෘථග්ජන ජනතා ප්‍රසාදය දිනාගැනීමත්, භික්ෂු විනය නීති ලිහිල් ලෙස මහායානිකයන් විසින් සකස් කිරීමත් ආදිය නිසා බුද්ධ ධර්මයත් පාළි භාෂාවත් බුද්ධ ජන්ම භූමියෙන් අතුරුදහන් විය. එය ශ්‍රී ලංකාද්වීපයේ තහවුරු විය.

හෙළඅටුවා

සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය පන්තිස් වැන්නෙහි අශෝක අධිරාජයාගේ දායකත්වයෙන් පැලලුප් නුවරදී තුන්වන සංගායනාව පැවැත්විය. මොග්ගලීපුත්ත තිස්ස මහා රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රහතන් වහන්සේලා දාහක් සම්බන්ධ වෙමින් මෙම සංගායනාව පවත්වා ඇත. සාහස්සිකා නමින් හඳුන්වන මෙම සංගායනාව නව මසකින් සම්පූර්ණ විය.

තෘතිය සංගායනාවසානයේ දඹදිව ථේරවාදාචරිය පරම්පරාවේ අවසන් පුරුෂයා වූ මොග්ගලීපුත්තතිස්ස මහා රහතන් වහන්සේගේ ශිෂ්‍ය මිහිඳු මහා රහතන් වහන්සේ විසින් තෘතීය සංගායනාවේදී තෝරා බේරා ගෙන සංග්‍රහ කළ, ථේරවාදී ත්‍රිපිටකය ශ්‍රී ලංකාවට ගෙන එන ලදි. මිහිඳු හිමියන් විසින් ලක්දිවට ගෙන එන ලද පාළි ත්‍රිපිටකය මහා අරිට්ඨ රහතන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති සිංහල භික්ෂූන් වහන්සේලා උගත්හ. පාළියෙන් තිබූ ත්‍රිපිටකය ගැටලු තැන් සිංහල ජනතාවට පැහැදිළි කර දීම අවශ්‍යය විය. බුද්ධ කාලයේ සිට වාචනා මාර්ගයෙන්, ආචාර්ය පරම්පරා වලින් පැවත ආ අර්ථ විවරණ ක්‍රම මිහිඳු හිමියන්ගෙන් සිංහල භික්ෂූන් වහන්සේලා උගෙන සිංහල භික්ෂූන් විසින් පාළි ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අරුත් විවරණය කළහ. හෙළටුවා නමින් මේවා හඳුන්වයි.

අටුවා වනාහි ත්‍රිපිටකයට අයත් පොත් වලට ලියා ඇති ව්‍යාඛ්‍යාන සංග්‍රහ සමූහයයි. අටුවාවල පරමාර්ථය පෙළෙහි ඇති දුරවබෝධ වචන සහ ධර්මයේ ගැඹුරු තැන් විස්තර කිරීමත් අවශ්‍ය තැන්වලදී විස්තරාර්ථ සැපයීමත්ය. මෙම පරමාර්ථයෙන් ලියන ලද හෙළටුවා නම්,

මහා අට්ඨකථා කුරුන්දිය අට්ඨකථා පච්චරිය අට්ඨකථා නම් වේ.

හෙළ අටුවා අතුරින් ප්‍රමුඛ ස්ථානය දැරුවේ මහා අට්ඨකථාව හෙවත් මූල අට්ඨ කථාවයි. බුද්ධඝෝෂ හිමියන්ගේ අට්ඨ කථා සියල්ලටම පාහේ ශරීරය කරගෙන ඇත්තේ මෙම අටුවාවයි. තුන් පිටකයටම අයත් අට්ඨ කථාවන්හි මහා අට්ඨකථාව ගැන සඳහන් වන බැවින් එය තුන්පිටකයම අළලා සකස් වුනු හෙළටුවාවක් වශයෙන් සැලකිය හැකිය. වස්තු විෂය අතින් සෙසු හෙලටුවාවන්ට වඩා පරිපූර්ණ වී තිබුණ ලක්දිව සිදුවූ දේ පිළිබඳව බොහෝ වෘත්තාන්ත ද මහා අට්ඨකථාවේ සඳහන්ව තිබුණ බව සිතා ගත හැකිය.

මහා පච්චරිය අට්ඨකථාවට එම නම ලැබුනේ පච්චරියක් හෙවත් පහුරක් උඩදී එය ලියන ලද බැවිනි. කුරුන්දිවේලු විහාරයේදී ලියන ලද හෙයින් කුරුන්දි අටුවා නම් විය.

මෙම ප්‍රධාන හෙළටුවාවන්ට අමතරව තවත් අටුවා කීපයක් දක්නට ඇත. අන්ධ අට්ඨකථාව එයින් එකකි. දකුණු ඉන්දියාවේ කාඤ්චිපුර (කොන්ජීවරම්) යෙහි පැවති අටුවාවයි. එය ආන්ධ්‍රා භාෂාවෙන් ලියා ඇතැයි සැලකේ.

බුද්ධඝෝෂ හිමි

දඹදිව බෝමැඩට නුදුරු ඝෝෂ නම් ග්‍රාමයේ බමුණු කුලයක උපත ලද බුද්ධඝෝෂ වාදයෙහි දක්ෂ වූ රේවත නම් මහා තෙරපාණන් වෙත පැවිදි වූ බව ප්‍රචලිත මතයයි. බුද්ධඝෝෂ මහාබෝධි මණ්ඩපයට දකුණුදිග බමුණුගම උපන් බව සද්ධම්ම සංගහ නම් පොතෙහි සඳහන් වේ. බෝමැඩට නුදුරෙහි ඝෝෂ නම් වූ ගමේ උපන් බව බුද්ධඝෝසුප්පත්ති නම් කථාවේ ද සඳහන් වේ. මෙවැනි විවිධ කරුණු විමංශනයෙන් පසුව බුද්ධඝෝෂ ජන්ම භූමිය මොරණ්ඩඛේටක නම් ගම බව පිළිගෙන ඇත. ආන්ධ්‍ර දේශයේ ගුන්ටූර් දිස්ත්‍රික්කයේ පාල්නාඩ් තලුන් පෙදෙසේ කෝටනේමලී පුරිගුත් වල පල්ලි යන ලඟ පිහිටි ගම් දෙක මොරන්ඩඛේටක යැයි පැවසේ. උන්වහන්සේ උපන් පෙදෙස මොරන්ඩඛේටක යැයි විසුද්ධිමග්ගයෙන් පෙනේ. මජ්ඣිමනිකායට්ඨ කථාවේ කර්තෘ සංදර්ශක ගාථාවක මයූර සුත්ත පට්ඨන හෝ මයූර රූප පට්ඨන සඳහන් වන බැවින් එතුමා එහි විසූ බව ද සිතිය හැකිය.

ව්‍යාකරණ විෂයෙහි ද දර්ශන ශාස්ත්‍රයෙහි ද වෛදික ග්‍රන්ථ විෂයෙහි ද ඉතිහාස පුරාවිද්‍යා විෂයෙහිද කාය ව්‍යවච්ඡේද විද්‍යාවන් හීද ලක්ෂණ ශාස්ත්‍රයේහිද පැතිරී ගිය බුද්ධි ප්‍රභාවයක් ඒ තුමා කෙරෙහි පැවති බව පැහැදිලිය. බුද්ධඝෝෂ හිමියන් ලංකාවට පැමිණීමට පෙර ඤාණෝදය නම් ධර්ම ප්‍රකරණයක් අත්ථසාලිනී අටුවාවක් දඹදිව දී කළ බවද සඳහන්ය. බුද්ධෝඝෝෂ හිමියන් කලින් සර්වාස්ති වාදියෙකුව සිට පසුව ථේරවාදී වූ බව ඇතැම් විචාරකයන්ගේ පිළිගැනීමයි.

බුද්ධඝෝෂ හිමියන් ලක්දිවට පැමිණියේ අනුරාධපුරය රාජධානිය කරගත් මහානාම රජ දවසය. බුද්ධවර්ෂ 953-975 අතර කාලයේය. උන්වහන්සේ ලංකාවට වඩින විට අට්ඨකථා සංහිතා කීපයක්ම මේ දිවයිනේ පැවති බවත් ඒවා හෙල බසින්ම උගත් බවත් මෙයින් සමහරක් ග්‍රන්ථ ස්වරූපයෙන්ද සමහරක් පූර්වාචාරීන්ගේ මතවාද ඇතුලත් වුන සාහිත්‍යය වශයෙන්ද පැවති බවත් ආචාර්ය අදිකාරම් මහතා පවසයි.

මිහිඳු හිමියන් දවසම ආරම්භ වූ සිංහල අටුවා කථා වසර 700ක පමණ කාලයක් සිංහල ත්‍රිපිටකය හෙළි පෙහෙළි කරමින් පැවතියහ. ත්‍රිපිටක පාළියට සිංහල අටුවා ලියා ඇති බව දඹදිව විසූ රේවත හිමියන්ද දැන ගැනීමෙන් සිංහල අටුවා පාළියට පරිවර්තනය කිරීම, බුදුදහම චිරස්ථායී වීමට හේතුවක් යැයි උන්වහන්සේ ද සලකා හෙළටුවා පාළියට පරිවර්තනය කිරීම සඳහා බුද්ධඝෝෂ හිමියන් ලක්දිවට එවන්න ඇතැයි සැලකිය හැකිය.

බුද්ධඝෝෂ හිමියන් මෙහි පැමිණ බුදුන් වදාල දෙලක්ෂ පන්සැත්තෑ දහස් දෙසියපනස් ග්‍රන්ථ සංඛ්‍යාවක් ඇති ආගමයට තුන්ලක්ෂ එක්සැටදහස් සත්සියපනස් ග්‍රන්ථ සංඛ්‍යාවක් පමණ අටුවා කථා පියපහන් නැගූ සේකැයි දත යුතු යැයි පූජාවලියේ සඳහන්ව තිබේ.

සංස්කාරයෙකු හා අනුවාදයකු වශයෙන් බුද්ධඝෝෂ හිමියන්ගේ කාර්යය වූයේ තමන් ඉදිරියෙහි වූ හෙළටුවාවන්හි අන්තර්ගත වූ විවරණ වෙනස් කිරීම නොව, ඒවා සකස් කිරීම නොව, ඒවා සකස් කිරීම සහ අවශ්‍ය ස්ථාන පිඬු කරමින්, අවශ්‍ය ස්ථාන විස්තරාර්ථ දක්වමින්, විධිමත්ව සුගමව පාළි භාෂාවට නැගීමයි. බුද්ධඝෝෂ හිමියන්ට අට්ඨකථා සකස් කරන්නට මහාවිහාරයෙන් ඉඩ ලැබී ඇත්තේ මහාවිහාර වාචනා ‘මාර්ගයට විරුද්ධ මත ඒවායේ ඇතුලත් නොවිය යුතුය’ යන කොන්දේසිය ද සහිතවය. මහා අට්ඨකථාව ශරීරය කොටගෙන මහාපච්චරිය කුරුන්දි ආදී විශ්‍රුතඅර්ථ කථාවන්හි යම් විනිශ්චයක් වේද එහි යුක්තාර්ත සහා ඇතුලත් වන්නා වූ ස්ථවිර වාදයද අත්නොහරිමින් සංවර්ධනය හොඳින් ආරම්භ කරන්නෙමු.

තවද එම අර්ථ කථාවලින් භාෂාන්තරය පමණක් අත්හැර විස්තර තැන් පිඬුකොට සියලුම විනිශ්චයන් ඇතුලත් කොට කිසිම තන්හි පතිප්ත නොඉක්මවා සංවර්ණනය කරන්නෙමු.

බුද්ධඝෝෂ හිමියන් විසින් කරන ලද අට්ඨකථා සියල්ලම මිහිඳු මාහිමියන් විසින් ලක්දිවට ගෙන එන ලදුව මහා විහාරිකයන් විසින් ආරක්ෂා කරනු ලැබූ හෙළටුවාවන්හි පාළි අනුවාද බවත් මහා අට්ඨකථාවේ සාරය ගෙන පාළි අට්ඨකථා රචිත බවත් මෙම අට්ඨකථාවල සඳහන් වේ.

මේ අනුව බුදුගොස් හිමියන්ගේ කාර්යය වූයේ බුදුසමය පිළිබඳව අමුතුවෙන් පොත් ලිවීම නොව එතෙක් හෙළටුවාවන්හි ආ කරුණු විධිමත්ව හා සුගමව පාළි භාෂාවට නැගීම වෙයි. පාළි අටුවා පොත්වලින් අඩකටත් වඩා සපයා ඇත්තේ බුදුගොස් හිමියන් විසිනි. බෞද්ධ අට්ඨකථාචාරීන් අතුරෙන් එතුමා ශ්‍රේෂ්ඨතමයායි. එතුමාගේ ජීවන චරිතය වටා විවිධ ජනප්‍රවාද ගෙතී ඇත්තේ ඒ නිසාමය. එතුමා මෙලොව පහල වූයේ බුදුන්ගේ පර්යාප්ති ශාසනය දීර්ඝ කාලයක් නිර්මලව පවත්වාගෙන යාම සඳහා පාළි අට්ඨකථා ලිවීමටමය ජන ජනප්‍රවාදයක් ද ඇත.

විනය පිටකය

පෙළ / අටුවාව / කතෘ / කාලය උභය විභංග 1 පාරාජිකා පාළි 1 ආණා දෙසනා / සමන්තපාසාදිකා / බුද්ධඝෝෂ හිමි / 5වන ශ.ව. 2 පාචිත්තිය පාළි 2 යථාපරාධ ශාසන / විනය අට්ඨකථා ඛන්ධක 3 චුල්ල වග්ග පාළි 3 සංවරාසංවර කථා 4 මහාවග්ග පාළි පරිවාර 5 පරිවාර පාළි භික්ඛුපාතිමොක්ඛ / කඞ්ඛා විතරණී / බුද්ධඝෝෂ හිමි / 5වන ශ.ව. භික්ඛුණී පාතිමොක්ඛ (මාතිකංග කථා)

අභිධර්ම පිටකය

1 ධම්මසංගණිප්පකරණ 1 පරමත්ථ දේසනා / අත්ථසාලිනී / බුද්ධඝෝෂ හිමි / 5වන ශ.ව. 2 විභංගප්පකරණ 2 යථාධම්ම සාසන / සම්මොහ විනොදනී / බුද්ධඝෝෂ හිමි / 5වන ශ.ව. 3 නාමරූප පරිච්ඡේද කථා 3 කථාවත්තුප්පකරණ පරමති දේශනා / බුද්ධඝෝෂ හිමි / 5වන ශ.ව. 4 පුද්ගලපඤ්ඤත්තිප්පකරණ යථාධම්මසාසනා 5 ධාතුකථාප්පකරණ නාමරූපපරිච්ඡේද කථා පරමත්ථදීපනී 6 යමකප්පකරණ පඤ්චප්පකරණට්ඨකථා 7 පට්ඨානප්පකරණ

සූත්‍ර පිටකය

1 දීඝනිකාය 1 වොහාරා දේශනා / සුමංගල විලාසිනී / බුද්ධඝෝෂ හිමි / 5වන ශ.ව. 2 මජ්ඣිමනිකාය 2 යථානුලෝමසාසන / පපඤ්ච සූදනී / බුද්ධඝෝෂ හිමි / 5වන ශ.ව. 3 සංයුක්තනිකාය 3 දිට්ඨි විනිවෙඨන කථා / සාරත්ථප්පකාසිනී / බුද්ධඝෝෂ හිමි / 5වන ශ.ව. 4 අංගුත්තරනිකාය / මනෝරථපූරණී / බුද්ධඝෝෂ හිමි / 5වන ශ.ව. 5 ඛුද්දක නිකාය 1 ඛුද්දකපාඨ / පරමත්ථ ජොතිකා / බුද්ධඝෝෂ හිමි / 5වන ශ.ව. 2 ධම්මපද / පරමත්ථ ජොතිකා / බුද්ධඝෝෂ හිමි / 5වන ශ.ව. 3 උදාන / පරමත්ථ දීපනී / ධම්මපාල ආචාර්ය / 5වන ශ.ව. 4 ඉතිවුත්තක / පරමත්ථ දීපනී / ධම්මපාල ආචාර්ය / 5වන ශ.ව. 5 සුත්තනිපාත / පරමත්ථ ජොතිකා / බුද්ධඝෝෂ හිමි / 5වන ශ.ව. 6 විමානවත්තු / පරමත්ථ දීපනී / ධම්මපාල ආචාර්ය / 5වන ශ.ව. 7 පේත වත්තු / පරමත්ථ දීපනී / ධම්මපාල ආචාර්ය / 5වන ශ.ව. 8 ථේර ගාථා / පරමත්ථ දීපනී / ධම්මපාල ආචාර්ය / 5වන ශ.ව. 9 ථේරී ගාථා / පරමත්ථ දීපනී / ධම්මපාල ආචාර්ය / 5වන ශ.ව. 10 ජාතක / පරමත්ථ ජොතිකා / බුද්ධඝෝෂ හිමි / 5වන ශ.ව. 11 නිද්දේස (චුල්ල-මහා) / සද්ධම්ම ජොතිකා / උපසේන ආචාර්ය / 6වන ශ.ව. 12 අපදාන (ථේර-ථේරී) / විසුද්ධ ජන විලාසනී / මහානාම ආචාර්ය / 7වන ශ.ව. 13 පටිසම්භිදා මග්ග / සද්ධම්මප්පකාසිනී / ධම්මපාල ආචාර්ය / 5වන ශ.ව. 14 බුද්ධවංස / මධුරත්ථප්පකාසිනී / බුද්ධදත්ත හිමි / 5වන ශ.ව. 15 චරියාපිටක / පරමත්ථ දීපනී / ධම්මපාල ආචාර්ය / 5වන ශ.ව. විසුද්ධි මග්ග / බුද්ධඝෝෂ හිමි / 5වන ශ.ව. නෙත්තිප්පකරණ / නෙත්ති අට්ඨකථා / ධර්මපාල ආචාර්ය / 5වන ශ.ව. චතුභාණවාරපාළි / චතුභාණවාර අට්ඨකථා / ආනන්ද වනරතන / 8වන ශ.ව.

බුද්ධඝෝෂ හිමියන් විසින් පාළියට නොනගන ලද අට්ඨ කථා පාලියට නගන ලද්දේ බුද්ධදත්ත ධම්මපාල උපසේන සහ මහානාම තෙරණුන් විසින්ය.

බුද්ධදත්ත හිමි

බුද්ධඝෝෂ හිමියන්ගේ සමකාලීනයෙකි. මදුරත්ථන විලාසිනී නම් බුද්ධ වංශ අටුවාව උන්වහන්සේ ලියා ඇත.

උපසේන හිමි

සද්ධම්මජෝතිකා නම් නිද්දේශ අට්ඨකථාව මහාපරිවේනවාසී උපසේන හිමියන් විසින් කරන ලදි.

මහානාම හිමි

පටිසම්භිදා මග්ග අට්ඨකථාව වන සද්ධම්මප්පකාසනීය මුන්වහන්සේ විසින් ලියා ඇත.

ධම්මපාල හිමි

පරමත්ථදීපනී අට්ඨකථා - උදාන - ඉතිවුත්තක - විමානවත්තු - ප්‍රේතවත්තු - ථෙර ථෙරී ගාථා අට්ඨකථා මුන්වහන්සේ ලියා ඇත.

මෙම අට්ඨකථාවන් උගෙන ඒවා ආරක්ෂා කළ ය අට්ඨකතිකා නමින් හඳුන්වා ඇත. අට්ඨකථා චරියා යනු අට්ඨකථා සම්පාදනය කළ ආචාර්යවරයෝය. ආචරිය වාද, ආචරිය මත, ආචරියා වාද යන නම්වලින් කියවෙන්නේ අට්ඨකථාවන් මැයි.

අට්ඨකථාවන් පිළිබඳ විවිධ විවේචන හා මතවාද උගතුන් අතර පවතී. මෑතකාලීන වියතුන් අතුරින් අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ එවැනි විවේචකයෙකි. උන්වහන්සේගේ අටුවා පරීක්ෂණ නම් පොතෙන් එවැනි විවේචන ඉදිරිපත් කර ඇත. අටුවාකථා බුදුන් වහන්සේගේ දේශනා නොවන බව කවුරුත් පිළිගනිති. අටුවාචාරීන් වහන්සේලා අතරද විවිධ මතභේද තිබූ බව දක්නට ඇත. වසර හත්අට සියයක් ගෙන ආ ලිඛිතව නොතිබූ අර්ථ කථා සාහිත්‍යයට එවැනි දේ ඇතුලත් වන්නට පහසුකම් තිබේ. මිහිඳු හිමියන් විසින් ගෙන එන ලද පාළි විවරණ මහාවිහාරික භික්ෂූන් විසින් සිංහලට පරිවර්තනය කොට එම හෙලටුවා පස්වන සියවසේ බුද්ධඝෝෂ හිමියන් විසින් නැවත පාළි භාෂාවට පරිවර්තනය කළ බව පිළිගත් සම්ප්‍රදායයි. මේ තැන්වලදී එම මතිමතාන්තර ඇතුලත් වන්නට ඇති බව සිතිය යුතුය.

මහාවිහාරීය සම්ප්‍රදාය එකකි. අභයගිරි ජේතවන පරම්පරා හිද එවැනි සම්ප්‍රදායන් පැවතුන බවට සැකයක් නැත. ස්වකීය පාරම්පරික මතවලට පටහැනි සූත්‍ර ධර්මයන් පෙළෙහි ඇති බව දැන දැනත් සිය මතය තහවුරු කරනු සඳහා ඒවා මඳකිනිදු වෙනස් නොකර, ඉවත් නොකර, සංගායනාවලදී පැවති තත්ත්වයෙන්ම ත්‍රිපිටකය රැකගෙන ඒම ගැන මහාවිහාරීය පරම්පරාවට බෞද්ධයාගේ ප්‍රණාම පූර්වක ගෞරවය හිමිවිය යුතුය.

මේ අන්දමින් පැවතගෙන ආ අට්ඨකථා අපේ හාමුදුරුවරු තවත් වර්ෂ සිය ගණනක් තම ආරාමවල පොත්ගුල්වල තබා පුස්තකාලවල තැන්පත්කොට උදේ සවස සුවඳ දුම් අල්ලා ධර්ම ගෞරවයෙන් ධර්ම රත්නය රැකගෙන ආහ. අනගාරික ධර්මපාලතුමාගේ ජාතික ආගමික වැඩපිළිවෙල ආරම්භ වීමෙන් පසුව එතුමාගේම පවුලේ නෑයන් විසින් අට්ඨකථා මුද්‍රණය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇත. ඒ ධර්මපාලතුමා විසින් ඇතිකරන ලද ආගමික ප්‍රබෝධයේ එක් ආභාෂයකි. 1916 ජූලි 05 දින ත්‍රිපිටක මුද්‍රණ සභා නම් ආයතනයක් සයිමන් ඇලෙක්සැන්ඩර් හේවාවිතාරණ මහතුන්ගේ මැදහත්වීමෙන් කොල්ලුපිටියේ ජ්ලාම්ස් හවුස්හි පිහිටුවා ඇත. 1929 ජුනි 29 දින මෙම ත්‍රිපිටක සභාවේ රැස්වීමක් කොළඹ ඩික්මන් පාරේ තක්සලාහිදී පවත්වා තිබේ. මෙම රැස්වීමට අති පූජ්‍යය හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන්ද, රත්මලානේ ශ්‍රී ධම්මානන්ද ධර්මාලෝක නායක හිමියන්ද ප්‍රධාන පණ්ඩිත ධර්මධර භික්ෂූන් වහන්සේලා 25 නමක් සහභාගී වූ බව සඳහන් වේ. අනගාරික ධර්මපාලතුමා ප්‍රධාන සාසනමාමක පිරිස්ද මෙම රැස්වීමට සහභාගී වී ඇත. මෙම නායක පණ්ඩිත ස්වාමීන් වහන්සේලා එක් එක් අටුවා ග්‍රන්ථ සංස්කරණය භාරගත් බවද සඳහන් වේ.

සයිමන් හේවාවිතාරණ මහතාගේ අභාවයෙන් පසුව සෝමලතා හේවාවිතාරණ ළමාතැනී විසින් ත්‍රිපිටක මුද්‍රණය සඳහා අරමුදල පිහිටුවීය. එම අරමුදල මගින් හේවාවිතාරණ අට්ඨකථා ග්‍රන්ථ සමූහය මුද්‍රණය කර ඇත. ආගම ධර්මය, ඉතිහාසය, පුරාවිද්‍යාව, සාහිත්‍යය ආදී ශ්‍රී ලංකා සංස්කරණ විවිධ ක්ෂේත්‍රයන් පර්යේෂණාත්මක අධ්‍යයනවලට යොමු කරමින් ශාස්ත්‍රීය පොතපත සපයා සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් ජනතාවට ලබාදීමේ අරමුණින් 1845 දී ආරම්භ කළ ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ සිංහල අට්ඨකථා සිංහලට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය මගින් පොත් දහයක් මුද්‍රණය කිරීමේ මහඟු කාර්යයකි.

අභාවයට යන පැරණි බෞද්ධ පොත්පත් හා අලුතින් ලියැවෙන බෞද්ධ පොත්පත් මුද්‍රණය කරවීමත් ඉංග්‍රීසි බෞද්ධ පොත්පත් සිංහලට පරිවර්තනය කර මුද්‍රණය කිරීමත් පරපුරෙන් පරපුරට බුද්ධ ධර්මය ගෙන යාමත් බෞද්ධ සංස්කෘතියේ ආරක්ෂාවත් සඳහා පිහිටුවා ඇති අප ආයතනය වන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ පුනර් මුද්‍රණය නිමවීමෙන් පසු අට්ඨකථා සිංහලට පරිවර්තනය කොට මුද්‍රණය කිරීමට ප්‍රතිපත්ති සකස් කළහ. සිංහලෙන් මුද්‍රණය අවසන් කොට අටුවා කථා ඉංග්‍රීසියට පරිවර්තනය කර මුද්‍රණය කිරීම අපේ අදහසයි.

“කථා පවත්තිනි” නම් පාඨයක් ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ සඳහන් වෙයි. ධර්මදේශකයා පෙළත් අටුවාවත් දනී නම් දහම් අසන්නා පෙළත් අටුවාවත් දනී නම් දහම් දෙසන්නාත් අසන්නාත් දෙදෙනාම පෙළත් අටුවාවත් දනීනම් එම ධර්ම දේශනාව සාර්ථක දේශනාවක් වන බව මෙහි සාමාන්‍ය අදහසයි. තථාගත ධර්මය වඩාත් ප්‍රකට වීම විවෘත වීම එහි පැවැත්මට හා උත්තරීතර භාවයට හේතුවන බව සඳහන්ය. මෙම කරුණු පිළිබඳ විමසිලිමත් වනවිට අට්ඨකථා පරිවර්තනයේ හා මුද්‍රණයේ අවශ්‍යතාවය වඩාත් පැහැදිලි වන්නේය. එයට අමතරව විශ්ව විද්‍යාලවල පාළි හා බෞද්ධ අධ්‍යයනාංශවල උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට විෂය නිර්දේශානුකූල අට්ඨකථාවල සිංහල පරිවර්තන නොමැතිකමේ බාධාවද, එම ගුරු ශිෂ්‍ය දෙපිරිසටම මේ මගින් දුරු කිරීමද අපේ පරමාර්ථයකි.

අපගේ ඉල්ලීමද පූජ්‍ය රාජකීය පණ්ඩිත වැළමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ අනුශාසනාවද අනුව අටුවා කථා සිංහලට පරිවර්තනය කර මුද්‍රණය කරවීමේ භාරදූර කර්තව්‍යය ශ්‍රී ලංකා ජනරජයේ වර්තමාන ආගමික අමාත්‍යාංශය මගින් ඉතාම කෙටි කාලයක් තුළ අවසන් කිරීම සඳහා අපට පවරන ලදි. බුද්ධ ජයන්ති ත්‍රිපිටක පුනර් මුද්‍රණය මගින් අප දැක්වූ ආදර්ශයත් ගොඩනැගූ විශ්වාසයත් මෙයට හේතු වූ බව නිසැකය. මෙම කාර්යය අපට පැවරීම පිළිබඳව ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනාධිපතිතුමන්ට, ගරු අගමැතිතුමන්ට, ගරු බුද්ධශාසන නියෝජ්‍ය ඇමතිතුමන්ට, අමාත්‍යාංශයේ ලේකම් බී.ඇන්. ජිනසේන මහතාට අපේ කෘතඥතාවය, පුණ්‍යානුමෝදනාපූර්වකව පළකරමු.

අටුවා පරිවර්තනයේදී ආමිෂ ලාභයම නොව ශාසනික සේවයම සලකා එක් එක් පොත භාරගෙන මැනවින් සිංහලට පරිවර්තනය කරදුන්