ජාතක අටුවාව 3.pdf
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2008
- මුද්රිත වර්ෂය :
- 2008
- පිටු ගණන :
- 702
- බාගත කිරීම් ගණන :
- 1,790
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2020-03-23
- ගොනුවේ ප්රමාණය :
- 116 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ජාතකට්ඨ කථා තුන්වෙනි කොටස යනු අට්ඨකථාවාචී බුද්ධඝෝෂ මහාස්ථවිරයන් වහන්සේ විසින් පාලි භාෂාවෙන් විරචිත ජාතක අටුවාවේ 4 සිට 8 දක්වා වූ නිපාත (සිව්වෙනි නිපාතයේ සිට අටවෙනි නිපාතය දක්වා) ඇතුළත් සිංහල පරිවර්තනයයි. මෙම පරිවර්තනය සිදුකරන ලද්දේ කැලණිය විශ්වවිද්යාලයේ පාලි හා බෞද්ධ අධ්යයන අංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්ය පල්ලේගම සමිත හිමියන් විසිනි.
බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානයේ පාලි අට්ඨකථා සිංහලයට පරිවර්තනය කිරීමේ ව්යාපෘතිය යටතේ ප්රකාශයට පත් කරන ලද මෙම කෘතියෙහි හෙළ අටුවා ඉතිහාසය, බුද්ධඝෝෂ හිමියන්ගේ යුග මෙහෙවර සහ සමස්ත ත්රිපිටක අටුවා වංශය පිළිබඳව දීර්ඝ ප්රස්තාවනාවක් ද ඇතුළත් වේ.
මෙම වෙළුම පළමුවරට 2008 දී දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය මඟින් ප්රකාශයට පත් කරන ලද අතර නුගේගොඩ අජිත් ප්රින්ටර්ස් හි මුද්රණය කර ඇත.
ජාතකට්ඨ කථා තුන්වෙනි භාගය
පාලි අට්ඨකථා සිංහල ට පරිවර්තනය කිරීමේ ව්යාපෘතිය යටතේ, බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානයේ ඉල්ලීම පරිදි, ජාතකට්ඨකථා තෙවැනි කොටස සිංහලට පරිවර්තනය කරන ලද්දේ පූජ්ය පල්ලේගම සමිත හිමියන් විසිනි. උන්වහන්සේ රුහුණු විශ්වවිද්යාලයේ කුලපති රෝහණ පාර්ශ්වයේ මහානායක, පණ්ඩිතාචාර්ය අතිපූජ්ය අත්තුඩාවේ රාහුල මහාස්ථවිර පාදයන් වහන්සේගේ ජ්යෙෂ්ඨ ශිෂ්යවරයාණෝය. 1971 දී පැවිදි බිමට පත් සමිත හිමියෝ 1976 දී මහනුවර උපෝසථාගාරයේ දී “අධිශීල සංඛ්යාත” උපසම්පදාවෙන් උපසම්පදා වූහ. 1986 දී කැලණිය විශ්වවිද්යාලයෙන් ශාස්ත්රවේදී පාලි [ගෞරව] උපාධිය ලැබූ ඒ [හිමියන්] 1994 දී දර්ශනපති [උපාධිය ලබා] ගන්නා ලදහ. [...] 1987 [වසරේදී] පමණ [...] ආචාර්යවරයන් වහන්සේ [...] හිමියන් වහන්සේ, [කැලණිය විශ්ව විද්යාලයේ පාලි හා] බෞද්ධ අධ්යයන අංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස දැනට සේවය කරති. උන්වහන්සේගේ දැනුම විශාරදය. නිරවුල් ය. බස පැහැදිලිය. ව්යවහාර ධර්ම කරුණු පිළිබඳව අවබෝධය ඉතා උසස්ය. ශාස්ත්රීය සේවය මෙන්ම ආගමික සේවය ද උන්වහන්සේගේ කර්තව්යයෝය.
ප්රස්තාවනා (අට්ඨකථා)
පාලි භාෂාව මධ්යතන ඉන්දු ආර්ය පූර්ව අවධියට අයත් ප්රාකෘත විශේෂයක් බවත්, එම ප්රාකෘතය වූ කලී එකල උත්තර භාරතයේ ඒ ඒ ප්රදේශවල පැවති පොදු ජනයාගේ කථා ව්යවහාරය බවත්, පිළිගත් විද්වත් මතයයි. ප්රාකෘත ව්යවහාරය පොදු ජනතාවගේ හා ශ්රමණ සම්ප්රදාය ගරු කළ චින්තකයන්ගේද භාෂා මාධ්යය විය. එය උත්තර භාරතයේ පැතිරී ගිය ඉන්දු යුරෝපීය භාෂා ව්යවහාරයෙන් ජනිත වූවක් සේ සැලකිය යුතුය. මෙම ප්රාකෘත ව්යවහාරයේ ලිඛිත සාධක අනුව මුල අවස්ථාවක් සේ පෙනෙන පාලි භාෂාව උත්තර භාරතයේ කිසියම් විශේෂ ප්රදේශයක කථා ව්යවහාරයේ මාධ්යයක් විය.
1. පාලි භාෂාව ක්රි.පූ. 6 වැනි 7 වැනි සියවස්වල කොසොල් රට පැවති කථා ව්යවහාරය පදනම් කොට ඇති වූවෙකැයි ද එය නොයෙක් ජනපදවල ජනයාගේ පොදු භාෂා මාධ්යය වී යැයි ද මහාචාර්ය රීස් ඩේවිඩ්ස් තුමා පවසයි.
2. පාලිය උජ්ජයිනී ප්රදේශයේ භාෂාව යැයි වෙස්ටර් ගාඩ් සහ ඊ කූන් සහ ඔටෝ ප්රොන්කේ වැනි විචාරකයෝ පවසති.
3. පාලිය මගධයේ කථා ව්යවහාරයයි යන බුද්ධඝෝෂ හිමියන්ගේ මතය මහාචාර්ය ගෙගර් තුමා අනුමත කරයි.
4. බුදුරජාණන් වහන්සේ මුලදී කොසොල් රට බසින් දහම් දෙසන්නට ඇතැයි සලකන වින්ටර්නිට්ස් පාලි ත්රිපිටකයේ භාෂාව පැරණි මගධ ව්යවහාරය බව පදනම් කොට වෙනත් ප්රදේශ ව්යවහාරයන්ගේ සම්මිශ්රණයද ඇතිව ගොඩනැගුණු බෞද්ධයන්ගේ සාහිත්යයික භාෂාවකැයි පවසයි.
5. බුදුන් වහන්සේ ධර්ම ප්රචාරයේ යෙදුනු පන්සාළිස් වසින් වැඩි කොටසක් කොසොල් මගධ ප්රදේශවල සැරිසැරූ බව බෞද්ධ සාහිත්යයේ පෙනෙන බැවින් පාලි භාෂාව කොසොල් මගධ දෙරට කථා ව්යවහාරය පදනම් කොටගෙන බිහි වූවක් සේ සැලකීමට පුළුවන් බව ඊ කූන් නම් විචාරකයා පෙන්වා දෙයි.
මෙම විග්රහයන් ශාස්ත්රීය වශයෙන් වැදගත් වන අතර විශේෂයෙන් සැලකිය යුත්තේ බුදුන් වහන්සේගේ මතයයි. බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ ආකල්ප විග්රහ වන්නේ මජ්ඣිම නිකායේ අරණ විභංග සූත්රයෙනි. මෙම සූත්රයෙන් පෙන්වන්නේ උන්වහන්සේ භාෂා මාධ්යයෙහි අනවශ්ය ලෙස දැඩිව එල්බ ගත් ශාස්තෘවරයෙකු නොවන බවයි. එකම දෙය විවිධ ජනපදවල නාම කීපයකින් හඳුන්වනු ලබන කල ඒ එක නාමයක් දැඩිව අල්ලා නොගෙන ඒ ඒ ලෙසට ව්යවහාර කළ යුතු බවත් ලෝක ව්යවහාරය නොඉක්මවිය යුතු බවත් අරණ විභංග සූත්රයෙහි උගන්වෙයි.
බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ත්රිපිටකය සංගීත වූ භාෂාව වන පාලි භාෂාව ථේරවාදීන්ගේ ආගමික භාෂාව විය. එය සමස්ත ත්රිපිටකය පුරා රැඳී ගියේය. ථේරවාදීන්ගෙන් බිඳී ගිය මහායානිකයෝ බුද්ධ ධර්මය සංස්කෘතයට පෙරළා ගත්හ. ඔවුන්ගේ සංස්කෘත සාහිත්යය දියුණුවීමත් මුස්ලිම් ආක්රමණ වැනි ආක්රමණත් මහායානික දර්ශනය විශ්ව විද්යාල මගින් රට මුළුල්ලෙහි බෙදා හැරීමත්, මහායානිකයන් ආමිස පූජා යන්ත්ර, මන්ත්ර ආදියෙන් පෘථග්ජන ප්රසාදය දිනාගැනීමත්, භික්ෂු විනය නීති ලිහිල් ලෙස මහායානිකයන් විසින් සකස් කිරීමත් ආදිය නිසා බුද්ධ ධර්මයත් පාලි භාෂාවත් බුද්ධජන්මභූමියෙන් අතුරුදහන් විය. එය ශ්රී ලංකාදීපයේ තහවුරු විය.
හෙළඅටුවා
සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය පන්තිස් වැන්නෙහි අශෝක අධිරාජ්යාගේ දායකත්වයෙන් පැලලුප් නුවරදී තුන්වන සංගායනාව පැවැත්වීය. මොග්ගලිපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ ප්රධානත්වයෙන් රහතන් වහන්සේලා දාහක් සම්බන්ධ වෙමින් මෙම සංගායනාව පවත්වා ඇත. සාහස්සිකා නමින් හඳුන්වන මෙම සංගායනාව නව මසකින් සම්පූර්ණ විය.
තෘතිය සංගායනාවසානයේ දඹදිව ථේරවාදාචාර්ය පරම්පරාවේ අවසන් පුරුෂයා වූ මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ ශිෂ්ය මිහිඳු මහ රහතන් වහන්සේ විසින් තෘතීය සංගායනාවේදී තෝරා බේරා ගෙන සංග්රහ කළ, ථේරවාදී ත්රිපිටකය ශ්රී ලංකාවට ගෙන එන ලදි. මිහිඳු හිමියන් විසින් ලක්දිවට ගෙන එන ලද පාලි ත්රිපිටකය මහා අරිට්ඨ රහතන් වහන්සේ ප්රමුඛ කොට ඇති සිංහල භික්ෂූන් වහන්සේලා උගත්හ. පාලියෙන් තිබූ ත්රිපිටකයේ ගැටලු තැන් සිංහල ජනතාවට පැහැදිලි කර දීම අවශ්ය විය. බුද්ධ කාලයේ සිට වාචනා මාර්ගයෙන්, ආචාර්ය පරම්පරා වලින් පැවත ආ අර්ථ විවරණ ක්රම මිහිඳු හිමියන්ගෙන් සිංහල භික්ෂූන් වහන්සේලා උගෙන ත්රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අරුත් විවරණය කළහ. හෙළඅටුවා නමින් මේවා හඳුන්වයි.
අටුවා වනාහි ත්රිපිටකයට අයත් පොත් වලට ලියා ඇති ව්යාඛ්යාන සංග්රහ සමූහයයි. අටුවාවල පරමාර්ථය පෙළෙහි ඇති දුරවබෝධ වචන සහ ධර්මයේ ගැඹුරු තැන් විස්තර කිරීමත් අවශ්ය තැන්වලදී විස්තරාර්ථ සැපයීමත්ය. මෙම පරමාර්ථයෙන් ලියන ලද හෙළඅටුවා නම්,
මහා අට්ඨකථා කුරුන්දි අට්ඨකථා පච්චරිය අට්ඨකථා නම් වේ.
හෙළ අටුවා අතුරින් ප්රමුඛ ස්ථානය දැරුවේ මහා අට්ඨකථාව හෙවත් මූල අට්ඨ කථාවයි. බුද්ධඝෝෂ හිමියන්ගේ අට්ඨ කථා සියල්ලටම පාහේ ශරීරය කරගෙන ඇත්තේ මෙම අටුවාවයි. තුන් පිටකයටම අයත් අට්ඨ කථාවන්හි මහා අට්ඨකථාව ගැන සඳහන් වන බැවින් එය තුන්පිටකයම අළලා සකස් වුනු හෙළඅටුවාවක් වශයෙන් සැලකිය හැකිය. වස්තු විෂය අතින් සෙසු හෙළඅටුවාවන්ට වඩා පරිපූර්ණ වී තිබුණ මහා අට්ඨකථාවේ ලක්දිව සිදුවූ දේ පිළිබඳව බොහෝ වාර්තාන්ත ද සඳහන්ව තිබුණ බව සිතා ගත හැකිය.
මහා පච්චරිය අට්ඨකථාවට එම නම ලැබුනේ පච්චරියක් හෙවත් පහුරක් උඩදී එය ලියන ලද බැවිනි. කුරුන්දිවේලු විහාරයේදී ලියන ලද හෙයින් කුරුන්දි අටුවා නම් විය.
මෙම ප්රධාන හෙළඅටුවාවන්ට අමතරව තවත් අටුවා කීපයක් දක්නට ඇත. අන්ධ අට්ඨකථාව එයින් එකකි. දකුණු ඉන්දියාවේ කාඤ්චිපුර (කොන්ජීවරම්) යෙහි පැවති අටුවාවයි. එය ආන්ධ්රා භාෂාවෙන් ලියා ඇතැයි සැලකේ.
බුද්ධඝෝෂ හිමි
දඹදිව බෝමැඩට නුදුරු ඝෝෂ නම් ග්රාමයේ බමුණු කුලයක උපත ලද බුද්ධඝෝෂ වාදයෙහි දක්ෂ වූ රේවත නම් මහා තෙරපාණන් වෙත පැවිදි වූ බව ප්රචලිත මතයයි. බුද්ධඝෝෂ මහාබෝධි මණ්ඩපයට දකුණුදිග බමුණුගම උපන් බව සද්ධම්මසංගහ නම් පොතෙහි සඳහන් වේ. බෝමැඩට නුදුරෙහි ඝෝෂ නම් වූ ගමේ උපන් බව බුද්ධඝෝසුප්පත්ති නම් කථාවේ ද සඳහන් වේ. මෙවැනි විවිධ කරුණු විමංසනයෙන් පසුව බුද්ධඝෝෂ ජන්ම භූමිය මොරණ්ඩඛෙටක නම් ගම බව පිළිගෙන ඇත. ආන්ධ්ර දේශයේ ගුන්ටූර් දිස්ත්රික්කයේ පාල්නාඩ් තලුක් පෙදෙසේ “කොටනේමලි පුරිගුන්ඩිලු පල්ලි” යන ලඟ පිහිටි ගම් දෙක මොරන්ඩඛෙටක යැයි පැවසේ. උන්වහන්සේ උපන් පෙදෙස මොරන්ඩඛෙටක යැයි විසුද්ධි මග්ගයෙන් පෙනේ. මජ්ඣිමනිකායට්ඨ කථාවේ කර්තෘ සංදේශක ගාථාවක මයුර සුත්ත පට්ඨන හෝ මයුර රූප පට්ඨන සඳහන් වන බැවින් එතුමා එහි විසූ බව ද සිතිය හැකිය.
ව්යාකරණ විෂයෙහි ද දර්ශන ශාස්ත්රයෙහි ද වෛදික ග්රන්ථ විෂයෙහි ද ඉතිහාස පුරාවිද්යා විෂයෙහිද කාය ව්යවච්ඡේද විද්යාවන් හීද ලක්ෂණ ශාස්ත්රයෙහිද පැතිරී ගිය බුද්ධි ප්රභාවක් එතුමා කෙරෙහි පැවති බව පැහැදිලිය. බුද්ධඝෝෂ හිමියන් ලංකාවට පැමිණීමට පෙර ඤාණෝදය නම් ධර්ම ප්රකරණයත් අත්ථසාලිනී අටුවාවත් දඹදිව දී කළ බවද සඳහන්ය. බුද්ධඝෝෂ හිමියන් කලින් සර්වාස්ති වාදියෙකුව සිට පසුව ථේරවාදී වූ බව ඇතැම් විචාරකයන්ගේ පිළිගැනීමයි.
බුද්ධඝෝෂ හිමියන් ලක්දිවට පැමිණියේ අනුරාධපුරය රාජධානිය කරගත් මහානාම රජ දවසය. බුද්ධවර්ෂ 953-975 අතර කාලයේය. උන්වහන්සේ ලංකාවට වඩින විට අට්ඨකථා සංහිතා කීපයක්ම මේ දිවයිනේ පැවති බවත් ඒවා හෙළ බසින්ම උගත් බවත් මෙයින් සමහරක් ග්රන්ථ ස්වරූපයෙන්ද සමහරක් පූර්වාචාරීන්ගේ මතවාද ඇතුලත් වුන සාහිත්යය වශයෙන්ද පැවති බවත් ආචාර්ය අදිකාරම් මහතා පවසයි.
මිහිඳු හිමියන් දවසම ආරම්භ වූ සිංහල අටුවා කථා වසර 700ක පමණ කාලයක් සිංහල ත්රිපිටකය හෙළි පෙහෙළි කරමින් පැවතියහ. ත්රිපිටක පාළියට සිංහල අටුවා ලියා ඇති බව දඹදිව විසූ රේවත හිමියන්ද දැන ගැනීමෙන් සිංහල අටුවා පාළියට පරිවර්තනය කිරීම, බුදුදහම චිරස්ථායී වීමට හේතුවක් යැයි උන්වහන්සේ ද සලකා හෙළඅටුවා පාළියට පරිවර්තනය කිරීම සඳහා බුද්ධඝෝෂ හිමියන් ලක්දිවට එවන්න ඇතැයි සැලකිය හැකිය.
බුද්ධඝෝෂ හිමියන් මෙහි පැමිණ බුදුන් වදාල දෙලක්ෂ පනස්සැත්තෑ දහස් දෙසියපනස් ග්රන්ථ සංඛ්යාවක් ඇති ආගමයට තුන්ලක්ෂ එක්සැටදහස් සත්සියපනස් ග්රන්ථ සංඛ්යාවක් පමණ අටුවා කථා ලියා ආගමයෙහි පහන් නැගූ සේකැයි දත යුතු යැයි පූජාවලියේ සඳහන්ව තිබේ.
සංස්කාරකයෙකු හා අනුවාදයකු වශයෙන් බුද්ධඝෝෂ හිමියන්ගේ කාර්යය වූයේ තමන් ඉදිරියෙහි වූ හෙළටුවාවන්හි අන්තර්ගත වූ විවරණ වෙනස් කිරීම නොව, ඒවා සකස් කිරීම සහ අවශ්ය ස්ථාන පිඬු කරමින්, අවශ්ය ස්ථාන විස්තරාර්ථ දක්වමින්, විධිමත්ව සුගමව පාළි භාෂාවට නැගීමයි. බුද්ධඝෝෂ හිමියන්ට අට්ඨකථා සකස් කරන්නට මහා විහාරයෙන් ඉඩ ලැබී ඇත්තේ මහා විහාර වාචනා ‘මාර්ගයට විරුද්ධ මත ඒවායේ ඇතුලත් නොවිය යුතුය’ යන කොන්දේසිය ද සහිතවය.
“මහා අට්ඨකථාව ශරීරය කොටගෙන මහාපච්චරිය කුරුන්දි ආදී විශ්රුතඅර්ථ කථාවන්හි යම් විනිශ්චයක් වේද එහි යුක්තාර්ථ සහ ඇතුලත් වන්නා වූ ස්ථවිර වාදයද අත්තොනොහරිමින් සංවර්ධනය හොඳින් ආරම්භ කරන්නෙමු.”
තව ද එම අර්ථ කථාවලින් භාෂාන්තරය පමණක් අත්හැර විස්තර තැන් පිඬුකොට සියලුම විනිශ්චයන් ඇතුලත් කොට කිසිම තන්හි යුත් අත් නොඉක්මවා සංවරණය කරන්නෙමු යි බුදුගොස් හිමියෝ පවසති.
බුද්ධඝෝෂ හිමියන් විසින් කරන ලද අට්ඨකථා සියල්ලම මිහිඳු මාහිමියන් විසින් ලක්දිවට ගෙන එන ලදුව මහා විහාරිකයන් විසින් ආරක්ෂා කරනු ලැබූ හෙළටුවාවන්හි පාළි අනුවාද බවත් මහා අට්ඨකථාවේ සාරය ගෙන පාළි අට්ඨකථා රචිත බවත් මෙම අට්ඨකථාවල සඳහන් වේ.
මේ අනුව බුදුගොස් හිමියන්ගේ කාර්යය වූයේ බුදුසමය පිළිබඳව අමුතුවෙන් පොත් ලිවීම නොව එතෙක් හෙළටුවාවන්හි ආ කරුණු විධිමත්ව හා සුගමව පාළි භාෂාවට නැගීම වෙයි. පාළි අටුවා පොත්වලින් අඩකටත් වඩා සපයා ඇත්තේ බුදුගොස් හිමියන් විසිනි. බෞද්ධ අට්ඨකථාවාරීන් අතුරෙන් එතුමා ශ්රේෂ්ඨතමයායි. එතුමාගේ ජීවන චරිතය වටා විවිධ ජනප්රවාද ගෙතී ඇත්තේ ඒ නිසාමය. එතුමා මෙලොව පහළ වූයේ බුදුන්ගේ පර්යාප්ති ශාසනය දීර්ඝ කාලයක් නිර්මලව පවත්වාගෙන යාම සඳහා පාළි අට්ඨකථා ලිවීමටමය යන ජන ජනප්රවාදයක් ද ඇත.
අටුවා විස්තරය
විනය පිටකය
පෙළ / අටුවාව / කර්තෘ / කාලය
උභය විභංග 1 පාරාජිකා පාලි 1 ආණා දෙසනා සමන්තපාසාදිකා බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 2 පාචිත්තිය පාළි 2 යථාපරාධ සාසන විනය අට්ඨකථා
ඛන්ධක 3 චුල්ල වග්ග පාළි 3 සංවරාසංවර කථා 4 මහාවග්ග පාළි
පරිවාර 5 පරිවාර පාළි
භික්ඛුපාතිමොක්ඛ කංඛා විතරණී බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. භික්ඛුණී පාතිමොක්ඛ (මාතිකටඨ කථා)
අභිධර්ම පිටකය
1 ධම්මසංගණීප්පකරණ 1 පරමත්ථ දේසනා අට්ඨසාලිනී බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 2 විභංගප්පකරණ 2 යථාධම්ම සාසන සම්මෝහ විනෝදනී බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 3 නාමරූප පරිච්ඡේද කථා 3 කථාවත්ථුප්පකරණ බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 4 පුද්ගලපඤ්ඤත්තිප්පකරණ 5 ධාතුකථාප්පකරණ පරමත්ථදීපනී 6 යමකප්පකරණ පඤ්චප්පකරණට්ඨකථා 7 පට්ඨානප්පකරණ
සූත්ර පිටකය 1 දීඝනිකාය 1 වොහාරා දේශනා සුමංගල විලාසිනී බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 2 මජ්ඣිමනිකාය 2 යථානුලෝමසාසන පපඤ්ච සූදනී බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 3 සංයුක්තනිකාය 3 දිට්ඨි විනිවේඨන කථා සාරත්ථප්පකාසිනී බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 4 අංගුත්තරනිකාය මනෝරථපූරණී බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 5 ඛුද්දක නිකාය 1 ඛුද්දකපාඨ පරමත්ථ ජෝතිකා බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 2 ධම්මපද ධම්මපදට්ඨ කථා බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 3 උදාන පරමත්ථ දීපනී ධම්මපාල ආචාර්ය 5වන ශ.ව. 4 ඉතිවුත්තක පරමත්ථ දීපනී ධම්මපාල ආචාර්ය 5වන ශ.ව. 5 සුත්තනිපාත පරමත්ථ ජෝතිකා බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 6 විමානවත්ථු පරමත්ථ දීපනී ධම්මපාල ආචාර්ය 5වන ශ.ව. 7 පේත වත්ථු පරමත්ථ දීපනී ධම්මපාල ආචාර්ය 5වන ශ.ව. 8 ථේර ගාථා පරමත්ථ දීපනී ධම්මපාල ආචාර්ය 5වන ශ.ව. 9 ථේරී ගාථා පරමත්ථ දීපනී ධම්මපාල ආචාර්ය 5වන ශ.ව. 10 ජාතක ජාතකට්ඨකථා බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 11 නිද්දෙස (චුල්ල-මහා) සද්ධම්ම ජෝතිකා උපසේන ආචාර්ය 6වන ශ.ව. 12 අපදාන (ථේර-ථේරී) විසුද්ධ ජන විලාසනී මහානාම ආචාර්ය 7වන ශ.ව. 13 පටිසම්භිදා මග්ග සද්ධම්මප්පකාසිනී ධම්මපාල ආචාර්ය 5වන ශ.ව. 14 බුද්ධවංස මධුරත්ථප්පකාසිනී බුද්ධදත්ත හිමි 5වන ශ.ව. 15 චරියාපිටක පරමත්ථ දීපනී ධම්මපාල ආචාර්ය 5වන ශ.ව. විසුද්ධි මග්ග බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව.
නෙත්තිප්පකරණ නෙත්ති අට්ඨකථා ධර්මපාල ආචාර්ය 5වන ශ.ව. චතුභාණවාරපාළි චතුභාණවාර අට්ඨකථා ආනන්ද වනරතන 8වන ශ.ව.
බුද්ධඝෝෂ හිමියන් විසින් පාළියට නොනගන ලද අට්ඨ කථා පාළියට නගන ලද්දේ බුද්ධදත්ත ධම්මපාල උපසේන සහ මහානාම තෙරවරුන් විසින්ය.
බුද්ධදත්ත හිමි
බුද්ධඝෝෂ හිමියන්ගේ සමකාලීනයෙකි. මධුරත්ථ විලාසිනී නම් බුද්ධවංශ අටුවාව උන්වහන්සේ ලියා ඇත.
මහානාම හිමි
පටිසම්භිදාමග්ග අට්ඨකථාව වන සද්ධම්මප්පකාසනිය මුන්වහන්සේ විසින් ලියන ලදී.
ධම්මපාල හිමි
පරමත්ථදීපනී අට්ඨකථා - උදාන - ඉතිවුත්තක - විමානවත්ථු - ප්රේතවත්ථු - ථේර ථේරී ගාථා අට්ඨකථා මුන්වහන්සේ ලියන ලදී.
මෙම අට්ඨකථාවන් උගෙන ඒවා ආරක්ෂා කළ අය අට්ඨකථිකා නමින් හඳුන්වා ඇත. අට්ඨකථාවරියා යනු අට්ඨකථා සම්පාදනය කළ ආචාර්යවරයෝය. ආචරිය වාද, ආචරිය මත, ආචරිය වාද යන නම්වලින් කියවෙන්නේ අට්ඨකථාවන් මැයි.
අට්ඨකථාවන් පිළිබඳ විවිධ විවේචන හා මතවාද උගතුන් අතර පවතී. මෑතකාලීන වියතුන් අතුරින් අග්ගමහාපණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ එවැනි විවේචකයෙකි. උන්වහන්සේගේ අටුවා පරීක්ෂණ නම් පොතෙන් එවැනි විවේචන ඉදිරිපත් කර ඇත. අටුවාකථා බුදුන් වහන්සේගේ දේශනා නොවන බව කවුරුත් පිළිගනිති. අටුවාචාරීන් වහන්සේලා අතරද විවිධ මතභේද තිබූ බව දක්නට ඇත. වසර හත්අට සියයක් ගෙන ආ ලිඛිතව නොතිබූ අර්ථ කථා සාහිත්යයට එවැනි දේ ඇතුළත් වන්නට පහසුකම් තිබේ. මිහිඳු හිමියන් විසින් ගෙන එන ලද පාලි විවරණ මහා විහාරික භික්ෂූන් විසින් සිංහලට පරිවර්තනය කොට එම හෙළටුවා පස්වන සියවසේ බුද්ධඝෝෂ හිමියන් විසින් නැවත පාලි භාෂාවට පරිවර්තනය කළ බව පිළිගත් සම්ප්රදායයි. මේ තැන්වලදී එම මතිමතාන්තර ඇතුළත් වන්නට ඇති බව සිතිය යුතුය.
මහාවිහාරීය සම්ප්රදාය එකකි. අභයගිරි ජේතවන පරම්පරා හිද එවැනි සම්ප්රදායන් පැවතුණු බවට සැකයක් නැත. ස්වකීය පාරම්පරික මතවලට පටහැනි සූත්ර ධර්මයන් පෙළෙහි ඇති බව දැන දැනත් සිය මතය තහවුරු කරනු සඳහා ඒවා මදකින්දු වෙනස් නොකර, ඉවත් නොකර, සංගායනාවලදී පැවති තත්ත්වයෙන්ම ත්රිපිටකය රැකගෙන ඒම ගැන මහාවිහාරීය පරම්පරාවට බෞද්ධයාගේ ප්රණාම පූර්වක ගෞරවය හිමිවිය යුතුය.
මේ අන්දමින් පැවතගෙන ආ අට්ඨකථා අපේ හාමුදුරුවරු තවත් වර්ෂ සිය ගණනක් තම ආරාමවල පොත්ගුල්වල තබා පුස්තකාලවල තැන්පත්කොට උදේ සවස සුවඳ දුම් අල්ලා ධර්ම ගෞරවයෙන් ධර්ම රත්නය රැකගෙන ආහ. අනගාරික ධර්මපාලතුමාගේ ජාතික ආගමික වැඩපිළිවෙළ ආරම්භ වීමෙන් පසුව එතුමාගේම පවුලේ ඤායන් විසින් අට්ඨකථා මුද්රණය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇත. ඒ ධර්මපාලතුමා විසින් ඇතිකරන ලද ආගමික ප්රබෝධයේ එක් ආභාෂයකි. 1916 ජූලි 05 දින ත්රිපිටක මුද්රණසභා නම් ආයතනයක් සයිමන් ඇලෙක්සැන්ඩර් හේවාවිතාරණ මහතුන්ගේ මැදහත්වීමෙන් කොල්ලුපිටියේ පාම් හවුස්හි පිහිටුවා ඇත. 1929 ජුනි 29 දින මෙම ත්රිපිටක සභාවේ රැස්වීමක් කොළඹ ඩික්මන් පාරේ තක්සලාවේදී පවත්වා තිබේ. මෙම රැස්වීමට අති පූජ්ය හික්කඩුවේ ශ්රී සුමංගල මහා නාහිමියන්ද, රත්මලානේ ශ්රී ධම්මානන්ද ධර්මාලෝක නායක හිමියන්ද ප්රධාන පණ්ඩිත ධර්මධර භික්ෂූන් වහන්සේලා 25 නමක් සහභාගී වූ බව සඳහන් වේ. අනගාරික ධර්මපාලතුමා ප්රධාන සාසනමාමක පිරිස්ද මෙම රැස්වීමට සහභාගී වී ඇත. මෙම නායක පණ්ඩිත ස්වාමීන් වහන්සේලා එක් එක් අටුවා ග්රන්ථ සංස්කරණය භාරගත් බවද සඳහන් වේ.
සයිමන් හේවාවිතාරණ මහතාගේ අභාවයෙන් පසුව සෝමලතා හේවාවිතාරණ ළමාතැනී විසින් ත්රිපිටක මුද්රණය සඳහා අරමුදල පිහිටුවීය. එම අරමුදල මගින් හේවාවිතාරණ අට්ඨකථා ග්රන්ථ සමූහය මුද්රණය කර ඇත. ආගම ධර්මය, ඉතිහාසය, පුරාවිද්යාව, සාහිත්යය ආදී ශ්රී ලංකා සංස්කරණ විවිධ ක්ෂේත්රයන් පර්යේෂණාත්මක අධ්යයනවලට යොමු කරමින් ශාස්ත්රීය පොතපත සපයා සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් ජනතාවට ලබාදීමේ අරමුණින් 1845 දී ආරම්භ කළ ශ්රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ සිංහල අට්ඨකථා සිංහලට පරිවර්තනය කිරීමේ ව්යාපෘතිය මගින් පොත් දහයක් මුද්රණය කිරීම මහඟු කාර්යයකි.
අභාවයට යන පැරණි බෞද්ධ පොත්පත් හා අලුතින් ලියැවෙන බෞද්ධ පොත්පත් මුද්රණය කරවීමත් ඉංග්රීසි බෞද්ධ පොත්පත් සිංහලට [පරිවර්තනය කිරීමත්]