KN පේතවත්ථු අටුවාව.pdf

කතෘ :
ධම්මපාල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2008
මුද්‍රිත වර්ෂය :
2008
පිටු ගණන :
324
බාගත කිරීම් ගණන :
2,313
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-03-23
ගොනුවේ ප්‍රමාණය :
43 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 163

ඛුද්දක නිකායේ පේතවත්ථු පාලිය සඳහා භදන්තාචරිය ධම්මපාල මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචිත ‘පරමත්ථ දීපනී’ නම් වූ පේතවත්ථු අට්ඨකථාවේ සිංහල පරිවර්තනයයි (පළමු භාගය).

මෙම කෘතිය විජිතනන්ද සරත්චන්ද්‍ර මහතා විසින් සිංහලයට පරිවර්තනය කර ඇති අතර, හොරණ විද්‍යාරත්න මහා පිරිවෙන්හි ආචාර්ය රාජකීය පණ්ඩිත විදුරුපොල ආනන්ද හිමියන්ගේ අධීක්ෂණය යටතේ සිදු කර ඇත.

බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් 2008 වසරේදී ප්‍රථම මුද්‍රණය ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර, අට්ඨකථාවන්හි ඉතිහාසය හා පසුබිම පිළිබඳ සවිස්තරාත්මක ‘ප්‍රස්තාවනා’ ලිපියක් ද ඇතුළත් වේ.

ප්‍රස්තාවනා (අටුවාකථා)

පාලි භාෂාව මධ්‍යතන ඉන්දු ආර්‍ය පූර්ව අවධියට අයත් ප්‍රාකෘත විශේෂයක් බවත්, එම ප්‍රාකෘතය වූ කලි එකල උත්තර භාරතයේ ඒ ඒ ප්‍රදේශවල පැවති පොදු ජනයාගේ කථා ව්‍යවහාරය බවත්, පිළිගත් විද්වත් මතයයි. ප්‍රාකෘත ව්‍යවහාරය පොදු ජනතාවගේ හා ශ්‍රමණ සම්ප්‍රදාය ගරුකළ චින්තකයන්ගේද භාෂා මාධ්‍යය විය. එය උත්තර භාරතයේ පැතිරී ගිය ඉන්දු යුරෝපීය භාෂා ව්‍යවහාරයෙන් ජනිත වූවක් සේ සැලකිය යුතුය. මෙම ප්‍රාකෘත ව්‍යවහාරයේ ලිඛිත සාධක අනුව මුල අවස්ථාවක් සේ පෙනෙන පාලි භාෂාව උත්තර භාරතයේ කිසියම් විශේෂ ප්‍රදේශයක කථා ව්‍යවහාරයේ මාධ්‍යයක් විය.

1. පාලි භාෂාව ක්‍රි.පූ. 6 වැනි 7 වැනි සියවස් වල කොසොල් රට පැවති කථා ව්‍යවහාරය පදනම් කොට ඇති වූවෙකැයි ද එය නොයෙක් ජනපදවල ජනයාගේ පොදු භාෂා මාධ්‍යය වී යැයි ද මහාචාර්ය රීස් ඩේවිඩ්ස් තුමා පවසයි. කථා ව්‍යවහාරය පදනම් කොට ඇති වූවෙකැයි ද එය නොයෙක් ජනපදවල ජනයාගේ පොදු භාෂා මාධ්‍යය වී යැයි ද මහාචාර්ය රීස් ඩේවිඩ්ස් තුමා පවසයි.

2. පාලිය උජ්ජයිනී ප්‍රදේශයේ භාෂාව යැයි වෙස්ටර් ගාඩ්, ඊ කුන් සහ ඔටෝ ප්‍රාන්කේ වැනි විචාරකයෝ පවසති.

3. පාලිය මගධයේ කථා ව්‍යවහාරයයි යන බුද්ධඝෝෂ හිමියන්ගේ මතය මහාචාර්ය ගෙගර් තුමා අනුමත කරයි.

4. බුදු රජාණන් වහන්සේ මුලදී කොසොල් රට බසින් දහම් දෙසන්නට ඇතැයි සළකන වින්ටර්නිට්ස් පාලි ත්‍රිපිටකයේ භාෂාව පැරණි මගධ ව්‍යවහාරය පදනම් කොට වෙනත් ප්‍රදේශ ව්‍යවහාරයන්ගේ සම්මිශ්‍රණයද ඇතිව, ගොඩනැගුණු බෞද්ධයන්ගේ සාහිත්‍යයික භාෂාවකැයි පවසයි.

5. බුදුන් වහන්සේ ධර්ම ප්‍රචාරයේ යෙදුනු පන්සාලිස් වසින් වැඩි කොටසක් කොසොල් මගධ ප්‍රදේශවල සැරිසැරූ බව බෞද්ධ සාහිත්‍යයේ පෙනෙන බැවින් පාලි භාෂාව කොසොල් මගධ දෙරට කථා ව්‍යවහාරය පදනම් කොටගෙන බිහි වූවක් සේ සැලකීමට පුළුවන් බව ඊ කුන් නම් විචාරකයා පෙන්වා දෙයි.