AP පංචප්පකරණ අටුවාව 2.pdf

කතෘ :
බුද්ධඝෝෂ හිමි
ප්‍රකාශිත වර්ෂය :
2008
මුද්‍රිත වර්ෂය :
2008
පිටු ගණන :
236
බාගත කිරීම් ගණන :
2,668
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-03-23
ගොනුවේ ප්‍රමාණය :
32 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 119

පරමත්ථ දීපනී නම් වූ පඤ්චප්පකරණට්ඨකථා (II කොටස) යනු අභිධර්ම පිටකයට අයත් ප්‍රකරණ පහක් විස්තර කරමින් භදන්තාචරිය බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචනා කරන ලද පරමත්ථදීපනී අටුවාවේ දෙවන භාගයේ සිංහල පරිවර්තනයයි. මෙම පරිවර්තනය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ පාලි අට්ඨකථා සිංහලට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ප්‍රකාශයට පත් කර ඇත.

මෙහි පරිවර්තනය රාජකීය පණ්ඩිත නීතිඥ ඩී. එම්. පී. බාලසූරිය මහතා විසින් සිදු කර ඇති අතර, අධීක්ෂණය තුලනාත්මක වාග් විද්‍යා ශාස්ත්‍රපති ජී. ඇල්. කේ. පෙරේරා මහතා විසින් ඉටු කර ඇත. අභිධර්ම පිටකයේ ධාතුකථා, පුග්ගලපඤ්ඤත්ති, කථාවත්ථු, යමක, පට්ඨාන යන ප්‍රකරණයන්හි අර්ථ විවරණය සඳහා මෙම අටුවා ග්‍රන්ථය මහඟු උපකාරයක් සපයයි.

මෙම සංස්කරණය 2008 වසරේදී දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් ප්‍රථම වරට මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලද්දකි.

පඤ්චප්පකරණට්ඨකථා දෙවෙනි කොටස සිංහල පරිවර්තනය

පාලි අට්ඨකථා සිංහලට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉල්ලීම පරිදි, පඤ්චප්පකරණට්ඨ කථා දෙවෙනි කොටස පරිවර්තනය කරන ලද්දේ ඩී.එම්.පී. බාලසූරිය මහතා විසිනි.

බාලසූරිය මහතා ප්‍රාවීන පණ්ඩිතයෙකි. ඔහු ප්‍රාවීන භාෂා ශාස්ත්‍ර හදාරන ලද්දේ විද්‍යොදය පිරිවෙන මගිනි. විද්‍යොදය පිරිවෙනේ අවසාන විභාගයත්, ප්‍රාවීන පණ්ඩිත උපාධියත් තරුණ වියේදීම ලබාගත් බාලසූරිය මහතා, නීති විද්‍යාලයට ඇතුළත් වී නීතිඥයකු වශයෙන් ජීවිකා වෘත්තිය ඇරඹීය. බෞද්ධ ආගමික දේපල සම්බන්ධයෙන් අධිකරණ තීන්දු ඇතුළත් නීති වාර්තා පරිවර්තනය ඒ මහතා අතින් සිදුවිය. අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ සිවිල් නීතිය පිළිබඳ දේශකයකු වශයෙන් ද කලක සිට එතුමා සේවය කරයි.

පාලි අට්ඨකථා සිංහලට පරිවර්තන මණ්ඩලයේ පරිවර්තකයකු වශයෙන් සේවය කරන ඒ මහතාගේ පළමුවන පරිවර්තනය ‘’විභංගට්ඨ කථා’’වයි. පාලි පදකරණයේ විශේෂ දක්ෂතාවයක් උසුලන ඒ මහතා පාලි පද්‍ය ග්‍රන්ථ කීපයක් ද ලියා ඇත. බෞද්ධ ආගමික නීතිය නම් පොතද ඒ මහතාගේ කෘතියකි. පාලි-සිංහල පරිවර්තන පමණක් නොව, ඉංග්‍රීසි භාෂා පරිවර්තකයකු වශයෙන් ද හේ කටයුතු කරයි. චීන ජ්‍යොතිශ් ශාස්ත්‍රය එතුමාගේ එවැනි පරිවර්තනයකි. පරිවර්තනයේ පමණක් නොව, දහම් කරුණු නිරවුල්ව විස්තර කිරීමේ දක්ෂතාවයද එතුමා සතුව පවතී.

ප්‍රස්තාවනා (අට්ඨකථා)

පාළි භාෂාව පාළි භාෂාව මධ්‍යතන ඉන්දු ආර්ය පූර්ව අවධියට අයත් ප්‍රාකෘත විශේෂයක් බවත්, එම ප්‍රාකෘතය වූ කලී එකල උත්තර භාරතයේ ඒ ඒ ප්‍රදේශවල පැවති පොදු ජනයාගේ කථා ව්‍යවහාරය බවත්, පිළිගත් විද්වත් මතයයි. ප්‍රාකෘත ව්‍යවහාරය පොදු ජනතාවගේ හා ශ්‍රමණ සම්ප්‍රදාය ගරු කළ චින්තකයන්ගේ ද භාෂා මාධ්‍යය විය. එය උත්තර භාරතයේ පැතිරී ගිය ඉන්දු යුරෝපීය භාෂා ව්‍යවහාරයෙන් ජනිත වූවක් සේ සැලකිය යුතුය. මෙම ප්‍රාකෘත ව්‍යවහාරයේ ලිඛිත සාධක අනුව මුල අවස්ථාවක් සේ පෙනෙන පාළි භාෂාව උත්තර භාරතයේ කිසියම් විශේෂ ප්‍රදේශයක කථා ව්‍යවහාරයේ මාධ්‍යයක් විය.

1. පාළි භාෂාව ක්‍රි.පූ. 6 වැනි 7 වැනි සියවස්වල කොසොල් රට පැවති කථා ව්‍යවහාරය පදනම් කොට ඇති වූවෙකැයි ද එය නොයෙක් ජනපදවල ජනයාගේ පොදු භාෂා මාධ්‍යය වී යැයි ද මහාචාර්ය රීස් ඩේවිඩ්ස් තුමා පවසයි.

2. පාළිය උජ්ජයිනී ප්‍රදේශයේ භාෂාව යැයි වෙස්ටර් ගාඩ් සහ ඊ කුන් සහ ඔටෝ ප්‍රොන්කේ වැනි විචාරකයෝ පවසති.

3. පාළිය මගධයේ කථා ව්‍යවහාරයයි යන බුද්ධඝෝෂ හිමියන්ගේ මතය මහාචාර්ය ගෙයගර් තුමා අනුමත කරයි.

4. බුදුරජාණන් වහන්සේ මුලදී කොසොල් රට බසින් දහම් දෙසන්නට ඇතැයි සලකන වින්ටර්නිට්ස් පාළි ත්‍රිපිටකයේ භාෂාව පැරණි මගධ ව්‍යවහාරය බව පදනම් කොට වෙනත් ප්‍රදේශ ව්‍යවහාරයන්ගේ සම්මිශ්‍රණයද ඇතිව ගොඩනැගුණු බෞද්ධයන්ගේ සාහිත්‍යයික භාෂාවකැයි පවසයි.

5. බුදුන් වහන්සේ ධර්ම ප්‍රචාරයේ යෙදුණු පන්සාලිස් වසින් වැඩි කොටසක් කොසොල් මගධ ප්‍රදේශවල සැරිසැරූ බව බෞද්ධ සාහිත්‍යයේ පෙනෙන බැවින් පාළි භාෂාව කොසොල් මගධ දෙරට බෞද්ධ සාහිත්‍යයේ පෙනෙන බැවින් පාළි භාෂාව කොසොල් මගධ දෙරට කථා ව්‍යවහාරය පදනම් කොටගෙන බිහි වූවක් සේ සැලකීමට පුළුවන් බව ඊ කුන් නම් විචාරකයා පෙන්වා දෙයි.

මෙම විග්‍රහයන් ශාස්ත්‍රීය වශයෙන් වැදගත් වන අතර විශේෂයෙන් සැලකිය යුත්තේ බුදුන් වහන්සේගේ මතයයි. බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ ආකල්ප විග්‍රහ වන්නේ මජ්ඣිම නිකායේ අරණ විභංග සූත්‍රයෙනි. මෙම සූත්‍රයෙන් පෙන්වන්නේ උන්වහන්සේ භාෂා මාධ්‍යයෙහි අනවශ්‍ය ලෙස දැඩිව එල්බ ගත් ශාස්තෘවරයෙකු නොවන බවයි. එකම දෙය විවිධ ජනපදවල නාම කීපයකින් හඳුන්වනු ලබන කල ඒ එක නාමයක් දැඩිව අල්ලා නොගෙන ඒ ඒ ලෙසට ව්‍යවහාර කළ යුතු බවත් ලෝක ව්‍යවහාරය නොඉක්මවිය යුතු බවත් අරණ විභංග සූත්‍රයෙහි උගන්වෙයි.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ත්‍රිපිටකය සංගීත වූ භාෂාව වන පාළි භාෂාව ථේරවාදීන්ගේ ආගමික භාෂාව විය. එය සමස්ත ත්‍රිපිටකය පුරා රැඳී ගියේය. ථේරවාදීන්ගෙන් බිඳී ගිය මහායානිකයෝ බුද්ධ ධර්මය සංස්කෘතයට පෙරළා ගත්හ. ඔවුන්ගේ සංස්කෘත සාහිත්‍යය දියුණුවීමත් මුස්ලිම් ආක්‍රමණ වැනි ආක්‍රමණත් මහායානික දර්ශනය විශ්ව විද්‍යාල මගින් රට මුළුල්ලෙහි බෙදා හැරීමත්, මහායානිකයන් ආමිස පූජා යන්ත්‍ර, මන්ත්‍ර ආදියෙන් පෘථග්ජන ප්‍රසාදය දිනාගැනීමත්, භික්ෂු විනය නීති ලිහිල් ලෙස මහායානිකයන් විසින් සකස් කිරීමත් ආදිය නිසා බුද්ධ ධර්මයත් පාළි භාෂාවත් බුද්ධජන්මභූමියෙන් අතුරුදහන් විය. එය ශ්‍රී ලංකාදීපයේ තහවුරු විය.

හෙළඅටුවා

සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය පන්තිස් වැන්නෙහි අශෝක අධිරාජ්‍යාගේ දායකත්වයෙන් පැලලුප් නුවරදී තුන්වන සංගායනාව පැවැත්වීය. මොග්ගලිපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රහතන් වහන්සේලා දහසක් සම්බන්ධ වෙමින් මෙම සංගායනාව පවත්වා ඇත. සාහස්සිකා නමින් හඳුන්වන මෙම සංගායනාව නව මසකින් සම්පූර්ණ විය.