25 අංගුත්තර නිකාය 4 - සූත්‍ර.pdf

ප්‍රකාශිත වර්ෂය :
2006
මුද්‍රිත වර්ෂය :
2006
පිටු ගණන :
535
බාගත කිරීම් ගණන :
3,022
වෙබ් අඩවියට එක් කළ දිනය :
2015-10-18
ගොනුවේ ප්‍රමාණය :
16 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 268

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 21 වන කාණ්ඩය වන මෙහි අඩංගු වන්නේ සූත්‍රපිටකයේ අංගුත්තර නිකායේ සිව්වන භාගය හෙවත් ඡක්ක නිපාතය සහ සත්තක නිපාතයයි. මෙහි පාලි පාඨය සහ ඊට මුහුණලා සිංහල පරිවර්තනය ඇතුළත් කර ඇත.

මෙම නිපාතයන්ගේ මුල් සිංහල පරිවර්තනය ගම්පහ විද්‍යාරවින්ද පරිවේණාධිපති හල්ගස්තොට ශ්‍රී දේවානන්ද නායක ස්ථවිරයන් වහන්සේ විසින් සිදුකරන ලද අතර, අනතුරුව ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයේ අංගුත්තරනිකාය සංශෝධක මණ්ඩලය විසින් සංස්කරණය කොට මුද්‍රණයට පිළියෙල කර තිබේ.

පොතේ අන්තර්ගත ප්‍රධාන වග්ග අතර ආහුනෙය්‍යවග්ගො, සාරාණීයවග්ගො, අනුත්තරියවග්ගො, දෙවතාවග්ගො, ධම්මිකවග්ගො, මහාවග්ගො ආදිය ඇතුළත් වේ. අවසානයේ ගාථා පාද සූචිය, සඤ්ඤානාම සූචිය සහ විශේෂ පද සූචිකාවක් ද අඩංගු කර ඇත.

සංස්කාරක නිවේදනය

අංගුත්තරනිකායෙහි ඡක්ක - සත්තක නිපාතයන්ගේ සිංහලපරිවර්‍තනය ද ගම්පහ විද්‍යාරවින්‍දපරිවේණාධිපති හල්ගස්තොට ශ්‍රී දේවානන්‍ද නායක-ස්ථවිරයන් වහන්සේ විසින් කරණ ලදී. ඒ පරිවර්‍තනය බොහෝ සෙයින් නිවරද වූවත් එලෙසින් මුද්‍රණයට පැමිණවීම පසස්නා නොවූයෙන් ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයේ අංගුත්තර නිකාය සංශොධක ස්ථවිරවරුන් විසින් විසින් මුද්‍රණයට යෝග්‍ය සේ සකස් කරණ ලදී.

අංගුත්තර ඡක්ක - සත්තක නිපාතයන්ගෙන් යුත් මෙය අංගුත්තර චතුත්‍ථභාගය වශයෙන් ද ත්‍රිපිටක පොත් පෙළේ පසළොස්වන ග්‍රන්ථය ග්‍රන්ථය වශයෙන් ද ත්‍රිපිටක බුද්ධජයන්ති ග්‍රන්ථමාලාවේ 21 වන ග්‍රන්ථය වශයෙන් ද සමත විය.

මේ ග්‍රන්ථය සංස්කරණය කිරීමෙහිදු ධර්‍මාවබෝධය පිණිස ද සිංහල සාහිත්‍යයේ ආරක්‍ෂාව පිණිස ද විශේෂයෙන් උත්සාහ කරණ ලදි.

මේ ධර්මග්‍රන්ථය මුද්‍රණාධාරයෙන් ප්‍රසිද්ධියට පැමිණවීමෙන් ලත් පුණ්‍ය සම්භාරය සියල්ලෝම අනුමෝදන් වෙත්වා.

පරවාහැර වජිරඤාණ
ත්‍රිපිටක පරිවර්‍තන සභාවෙහිද
ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයෙහිද
සම්පාදක

ත්‍රිපිටක කාර්යාලය,
174, සිරිවජිරඤාණ මාවත,
කොළඹ 9.