19 සංයුත්ත නිකාය 4 - සූත්‍ර.pdf

ප්‍රකාශිත වර්ෂය :
1981
මුද්‍රිත වර්ෂය :
2006
පිටු ගණන :
743
බාගත කිරීම් ගණන :
3,013
වෙබ් අඩවියට එක් කළ දිනය :
2015-10-18
ගොනුවේ ප්‍රමාණය :
20 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 372

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 16 වන වෙළුම (සූත්‍රාන්ත පිටකයේ 10 වන ග්‍රන්ථය) වන මෙයින් සංයුත්ත නිකායේ සතරවන භාගය වූ සළායතන වර්ගය ඉදිරිපත් කෙරේ. මෙහි පාලි පාඨය සහ ඊට අදාළ සිංහල පරිවර්තනය මුහුණට මුහුණ ලා මුද්‍රණය කර ඇත.

මෙම ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ගලගම සරණංකර ස්ථවිරයන් වහන්සේ විසින් සිදු කරන ලද අතර, හැගොඩ ධම්මින්ද, වතුගෙදර අමරසීහ සහ ගලගම සරණංකර යන පණ්ඩිත ස්වාමීන් වහන්සේලාගෙන් සමන්විත සංයුත්තනිකාය ශෝධක මණ්ඩලය මගින් පරිවර්තනය සකස් කර ඇත. ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක ලබුගම ලංකානන්ද මහානායක ස්ථවිරයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පාඨශෝධනාදිය සිදු කොට සංස්කරණය කරන ලදී.

මෙම වෙළුමෙහි ප්‍රධාන වශයෙන් ආයතන, ධාතු සහ වේදනා ආශ්‍රිත සූත්‍ර දේශනා අන්තර්ගත වේ. ඇතුළත් ප්‍රධාන වර්ග කිහිපයක්:

  • අනිච්චවග්ගො
  • යමකවග්ගො
  • සබ්බවග්ගො
  • ජාතිධම්මවග්ගො
  • සබ්බානිච්චවග්ගො
  • අවිජ්ජාවග්ගො
  • මිගජාලවග්ගො
  • ගිලානවග්ගො

සංස්කාරක නිවේදනය

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි සොළොස් (16) වැනි ග්‍රන්ථය වශයෙන් ද, සූත්‍රාන්තපිටකයෙහි දසවැනි ග්‍රන්ථය වශයෙන් ද සම්මත කළ, සංයුත්තනිකායෙහි සතරවැනි ‘සළායතනවග්ග’ය ශ්‍රී ලංකා බෞද්ධමණ්ඩලය විසින් සිංහල භාෂාවෙන් තබාලීම සඳහා පවරන ලදුයේ විද්‍යොදය පිරිවෙන්හි ආචාර්‍ය්‍ය රාජකීය පණ්ඩිත ගලගම සරණංකර ස්ථවිරයන් වහන්සේට ය. උන් වහන්සේ විසින් යථාකාලයෙහි නිමහම් කළ එ මැ පරිවර්තනය සංයුත්තනිකාය සංශොධක මණ්ඩලයට අයත් පණ්ඩිත හැගොඩ ධම්මින්ද, පණ්ඩිත වතුගෙදර අමරසීහ, පණ්ඩිත ගලගම සරණංකර යන තෙරවරුන් විසින් පාලියෙහි ලිපිදොෂාදිය බැහැර කොට පාඨාන්තර යොදා සිංහල පරිවර්තනය සකස් කරන ලද්දේ ය.

ත්‍රිපිටක සංස්කාරකමණ්ඩලයෙහි ප්‍රධාන සම්පාදක ධුරය දැරූ දර්ශනවිශාරද පරවාහැර සිරි වජිරඤාණ නාහිමිපාණන් වහන්සේගේ මාර්ගොපදෙශ අනුවැ පෙය්‍යාලක්‍රම, සූත්‍රනාම, සූත්‍රසංඛ්‍යා ආදිය ද යථොක්ත මණ්ඩලය මගින් මැ සකස් විය.

මුද්‍රණ අවස්ථාවට පැමිණි වර්තමාන ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ මහතෙරවරුන්ගේ විශේෂ පරිශ්‍රමයෙන් මහා විහාරාන්වයෙහි ආගත වාචනාමාර්ගය සලකමින් පාඨශොධනය ද, සිංහලයෙහි වාක්‍යසම්ප්‍රදාය සුරක්ෂිත වනසේ පරිවර්තනය ද බෙහෙවින් සකස් කරන ලද්දේ විය.

විවිධ හේතූන් නිසා ත්‍රිපිටක ග්‍රන්ථයන්ගේ මුද්‍රණය මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති නමුත් ශ්‍රී ලංකාද්වීපයෙහි අතිගරු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන උතුමාණන්ගේ කාරුණික අනුග්‍රහය ද, ගරු සංස්කෘතික අමාත්‍ය තැන්පත් ඊ. ඇල්. බී. හුරුල්ලේ මැතිතුමාණන්ගේ මෙහෙයවීම ද, සංස්කෘතික අතිරේක ලේකම් සෝමපාල ජයවර්ධන මහතාණන්ගේ බුද්ධිපූර්වක උපදේශය ද නිසා සංයුත්තනිකායෙහි මෙ මැ සතරවැනි භාගය මෙසේ නිමහම් කරන්නට හැකි විය. මෙහි තෘතිය භාගය රජයේ මුද්‍රණාලයෙහි මුද්‍රණය වෙමින් පවත්නේ යි.

තවද ආරම්භක බෞද්ධ මණ්ඩලයෙහි හැම සුධීන් හා මෙ මැ සත් කාර්යයෙහි සහාය වන හැමදෙනා ද ‘තිසර’ මුද්‍රණාලයාධිකාරීහු ද සද්ධර්මප්‍රවර්තක කුශල හේතුවෙන් සුඛභාගී වෙත්වායි ආශංසනය කරම්හ.

මෙවගව, ශාසනොදයකාරී,
ලබුගම ලංකානන්ද
මහානායකස්ථවිර
ත්‍රිපිටකමණ්ඩලයේ ප්‍රධාන සම්පාදක.

1981 නොවැම්බර්මස 28 වැනි දින
ත්‍රිපිටකකාර්යාලයේ දී ය.
115, විජේරාම මාවත
කොළඹ 7.