15 මජ්ඣිම නිකාය 3 - සූත්‍ර.pdf
- කතෘ :
- බුද්ධ ජයන්ති
- ප්‍රකාශිත වර්ෂය :
- 2006
- මුද්‍රිත වර්ෂය :
- 2006
- පිටු ගණන :
- 655
- බාගත කිරීම් ගණන :
- 3,598
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2015-10-18
- ගොනුවේ ප්‍රමාණය :
- 15 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ 12 වන වෙළුම වන මෙම ග්‍රන්ථය, සූත්‍ර පිටකයට අයත් මජ්ඣිම නිකායේ තෙවන හා අවසාන කොටස වන උපරි පණ්ණාසකය සම්පූර්ණයෙන් අන්තර්ගත කරයි (දෙවදහවග්ග, අනුපදවග්ග, සුඤ්ඤතවග්ග ආදී වශයෙන් වූ සූත්‍ර).
මෙහි පාලි පෙළ ශෝධනය සහ සිංහල අනුවාදය පණ්ඩිත ලබුගම ලංකානන්ද අනුනායක ස්ථවිරයන් වහන්සේ සහ පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කර ඇත. මූලික පාඨ ශෝධනය සඳහා පුස්කොළ පොත් මෙන්ම සියම් සහ බුරුම මුද්‍රිත සංස්කරණ ද උපයෝගී කරගෙන තිබේ.
මෙම වෙළුමෙහි මුල් සංස්කාරක නිවේදනය 1974 දී සම්පාදනය වූවක් වන අතර, මෙහි දක්වා ඇත්තේ බුද්ධ වර්ෂ 2550 (ක්‍රි.ව. 2006) දී පළ වූ මුද්‍රණයකි. පිටු අංකනය හා පටුන පරිශීලනය පහසු කරවන පරිදි සකස් කර ඇත.
සංස්කාරක - නිවේදනය
පරවාදමථනය විශේෂ ලක්ෂණ කොට ඇති මජ්ඣිමසංගමයට අයත් උපරිපණ්ණාසකපාළියෙහි මේ සිංහල පරිවර්තනය එහි තෙවන කාණ්ඩය වේ. පිටකත්‍රය – සංඛ්‍යා වශයෙන් සූත්‍රාන්තපිටකයෙහි සවැන්න වූ ද, මුද්‍රිත කාණ්ඩ සංඛ්‍යා වශයෙන් බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථමාලාවෙහි දොළොස් වැනි වූ ග්‍රන්ථය ද වේ. පුස්කොළපොත් හා මුද්‍රිත සියම් බුරුම ආදි පොත් හා වහල් කොට ගෙනැ මෙහි පාඨශෝධනය අප විසින් කරන ලදි. ත්‍රිපිටක මණ්ඩලයෙහි සාමාජික වූ රාජකීය පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ සහාය කොට ගෙනැ මේ පරිවර්තන කෘත්‍යය අප මැ කළබව මෙහිලා සඳහන් කරම්හ. අව්‍යක්ත භාෂාව තබා ව්‍යක්ත භාෂාවෙන් පරිවර්තන කාර්ය්යය කරන ලදි. දේශනායෙහි ගෞරවය හා සිංහල සාහිත්‍යයෙහි අභිවෘද්ධිය පිණිසැ මුලැ සිට මැ ව්‍යක්ත භාෂාව උපයෝග කරගත් බව මෙහි කියයුතු යැ. ත්‍රිපිටක පරිවර්තන සම්පාදක මණ්ඩලයෙහි සභාපති වූ අහංගම විද්‍යාවංශ පරිවේණාධිපති, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය්ය, කෝදාගොඩ ශ්‍රී ඤාණාලෝකාභිධාන දක්ෂිණලංකායෙහි ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේ ද මෙහි ලා වහල් වැ සිටිබව සඳහන් කරම්හ. මැදුම් සඟිය පිළිබඳ වැ කියයුතු හැම ප්‍රථම භාගයෙහි ලා ලියූ සංඥාපනයෙහි පළ වැ ඇතියෙන් මෙහි පුනපුනා සඳහන් කළයුතු නොවේ.
ත්‍රිපිටක පරිවර්තන සම්පාදක මණ්ඩලයෙහි සාමාජිකයන් වූ ද, කොළඹ විද්‍යොදය පිරිවෙන්හි ආචාර්‍ය්‍යවරයන් වූ ද, ශාස්ත්‍රපති, විද්‍යාවිශාරද, රාජකීය පණ්ඩිත, රද්දැල්ලේ ශිරි පඤ්ඤාලොකාභිධාන අනුනායක ස්ථවිරයන් වහන්සේ ද, ශාස්ත්‍රපති, විද්‍යාවිශාරද, රාජකීය පණ්ඩිත, වේබඩරුවේ ශිරි අනොමදස්සී නායක ස්ථවිරයන් වහන්සේ ද මුද්රණාවස්ථාවෙහි සංශෝධන කාර්ය්යය පිණිසැ බෙහෙවින් වෙහෙස දැරූ බව සඳහන් කරම්හ.
මුද්‍රණය වහවහා නිමකරවාලීම පිණිසැ සංස්කෘතික අධ්යක්ෂ ඩොනල්ඩ් අබේසිංහ මහතාණන් ප්රමුඛ ශ්‍රී ලංකා සංස්කෘතික මණ්ඩලයෙහි අධිකාරීන් බැරැ සැලකිල්ල ද පැසසිය යුතු බව සඳහන් කළයුතු වෙයි. රජයෙහි මුද්‍රණ දෙපාර්තමේන්තුවෙහි මුද්‍රණාලයාධිපති ඇල්. ඩබ්ලිව්. පී. පීරිස් මහතා හා ත්‍රිපිටක මුද්‍රණ කාර්‍ය්‍යයෙහි නියුක්ත සේවක මහතුන් ඉතා සැලකිල්ලෙන්මෙහි ලා ක්‍රියා කළ බව විශේෂයෙන් සඳහන් කළ යුතු ද වේ. මේ පින්වතුන්ගේ කාර්යශීඝ්රතාවය ත්‍රිපිටක මණ්ඩලයෙහි සිවුනා හැමගේ චිත්තාරාධනයට සමර්ථ ද වියැ. ත්‍රිපිටක කාර්යාලය පිහිටි මහානායකචාරිකාරාමයෙහි භාරකාර වන ඇම්. ඒ. ආර්. සමරසිංහ මහතා ඇතුළු සේවක පිරිස ඉතා හිතවත් වැ උපස්ථානාදියෙන් වහල් වැ සිටිබව ද මෙහිලා කියයුතු වෙයි.
තවද ශ්‍රී ලංකා ජනරජයෙහි අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ පරිවර්තන කාර්‍ය්‍යයෙහි ලා දක්වන බලවත් ප්‍රසාදය හා තදනු වැ සංස්කෘතික අමාත්‍ය ඇස්. ඇස්. කුලතිලක මැතිතුමාණන් හා අමාත්‍යාංශයෙහි ලේකම් හේමසිරි ප්‍රේමවර්ධන මහතාණන් වෙතින් ලැබුණු වහල ද තිගු පෙරටු කොට සඳහන් කළයුතු ද වේ.
ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයෙහි ලේඛකාධිකාරි වන පණ්ඩිත දෙරංගලුවේ සිරි ධම්මපාලාභිධාන කොළඹ දිශායෙහි ප්‍රධාන සංඝ නායක ස්ථවිරයන් වහන්සේ ද මෙහි ඉවහල් වැ ක්‍රියා කළබව අවසාන වශයෙන් සඳහන් කරම්හ.
‘බුද්ධජයන්ති’ය නිමිති කොට ආරම්භ කළ ත්‍රිපිටක පරිවර්තන කාර්‍ය්‍යයෙහි දව්රැය වෙහෙස දරමින් ක්‍රියා කළ, ශ්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලයෙහි උපකුලපති වැ වැඩසිටි අතිගෞරවාර්හ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය්ය, දර්ශන විශාරද පරවාහැර සිරි වජිරඤාණාභිධාන කොළඹ නවකෝරළයෙහි ප්‍රධාන සංඝනායක මහාස්ථවිරයන් වහන්සේ ඇතුළු කොට, අපවත් වූ සංස්කාරක ස්ථවිරයන් වහන්සේ හැම හා මේ කාර්‍ය්‍යයෙහි නියුක්ත හැම සුධීහු ද, ආධාර උපකාර කළ සියලු භවත්හු ද, මේ ධර්මදානමය කුශලයෙන් භවනිස්සරණය කෙරෙත්වයි ආශංසනය කරම්හ.
මෙයට
ශාසනස්ථිතිය පතන,
ලබුගම ලංකානන්ද
ත්රිපිටකපරිවර්තන සම්පාදක මණ්ඩලයේ ප්‍රධාන සංස්කාරක.
රජ්යවර්ෂ : 1974. 6. 10
ත්රිපිටකකාර්ය්යාලය,
මහානායකචාරිකාරාමය,
අංක : 115,
විජේරාම මාවත,
කොළඹ 7.