සංක්‍ෂිප්ත භික්ෂුශීලය - උඩුගම්පල සුවණ්ණජෝති හිමි 1978.pdf

කතෘ :
උඩුගම්පල සුවණ්ණජෝති හිමි
ප්‍රකාශිත වර්ෂය :
1978
මුද්‍රිත වර්ෂය :
1978
පිටු ගණන :
141
බාගත කිරීම් ගණන :
0
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-23
ගොනුවේ ප්‍රමාණය :
36 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

වෙනත් සංස්කරණ

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 71

සංක්‍ෂිප්ත භික්ෂු ශීලය යනු දෙබඩවල සද්ධර්‍මගුප්ත පරිවේණාධිපතිව වැඩවිසූ උඩුගම්පල සුවණ්ණජෝති ස්වාමීන් වහන්සේ විසින් බුද්ධ වර්ෂ 2436 (ක්‍රි.ව. 1893) දී සම්පාදනය කරන ලද ප්‍රකට විනය ග්‍රන්ථයක සංස්කරණයකි.

මෙම කෘතිය ආරණ්‍යවාසී හා ග්‍රාමාන්තවාසී භික්ෂූන් වහන්සේලාගේ ශීල පාරිශුද්ධිය පිණිස විනය පිටකයෙන් උපුටා ගත් ශික්ෂාපද හා උපසපන් විනය නීති සංක්ෂිප්තව හා සරලව විවරණය කරයි. ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ නාඋයනේ අරියධම්ම ස්වාමින්වහන්සේ විසින් සංස්කරණය කරන ලද මෙම මුද්‍රණයට රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ නාහිමියන්ගේ ‘ශාසන නීතිය’ නම් ලිපියක් ද ඇතුළත් වේ.

නබ්බෝවේ ඩබ්ලිව්. ඇල්. දාබරේ මහතාගේ ප්‍රකාශනයක් ලෙස ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රමීය භික්ෂු සංස්ථාවේ 25 වැනි උපසම්පදා සංවත්සරය නිමිත්තෙන් 1978 දී කුලියාපිටියේ ශාස්ත්‍රෝදය මුද්‍රණාලයේ මුද්‍රණය කර ඇත.

ප්‍රකාශකගෙන්

“භික්ෂු ශීලය” නමැති මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත්කිරීම පිළිබඳ අපගේ ප්‍රාර්ථනා වූයේ, අන්තයටම පිරිහෙමින් පවතින භික්‍ෂු විනය මේ සම්බුද්ධ ශාසනයෙහි නගාසිටුවාලීම පිණිස උපස්තම්භක වීමයි. මේ සඳවත ගමන්කරණ යුගයේ විනය ප්‍රතිපත්ති මේ ලෙසින්ම රැකීම අපහසුයයි හෝ අනවශ්‍යයයි සිතන කියන පුද්ගලයන් කොතෙකුත් සිටිය හැකි නමුත් “විනයො නාම බුද්ධසාසනස්ස ආයු” යන අටුවා වදන වැරදි යයි කියන්නන් එතරම් සුලභ නොවේය යනු අපේ විශ්වාසයයි. මෙම විනය ග්‍රන්ථය ආරණ්‍යක භික්ෂූන්වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිසයයි පොතෙහි මුලින්ම විශේෂයෙන් සඳහන් කරන්ට සිදුවූයේ ග්‍රාමාන්තවාසී භික්ෂූන්වහන්සේලා අතරින් ඉතාමත් වැඩිදෙනා වහන්සේලාට මෙම පොත කෙරෙහි අමිහිරි අනවබෝධය පිළිබඳ සැකයෙනි. වර්තමානයෙහි භික්‍ෂු විනය එතරම්ම පිරිහී ඇති බව රහසක් නොවේ. ග්‍රාමාන්තවාසී භික්ෂූන් වහන්සේලා අතරද මෙම භික්ෂුශීලය නමැති ග්‍රන්ථය කෙරෙහි සැලකිලිමත් වන පින්වතුන් වහන්සේලාද තවමත් වැඩසිටින බව අපේ විශ්වාසයයි. උපසපන් භික්ෂූන්වහන්සේගේ පාරිශුද්ධතාවය පිහිටා ඇත්තේ මෙකී භික්ෂුශීලයේ ප්‍රතිපදා මාර්‍ගයෙහි බව ශාසනානුලෝමික ආකල්පසම්පන්න පැවිදි පින්වතුන් වහන්සේලාගේ පමණක් නොව ගිහි බෞද්ධයින්ගේද ඒකාන්ත විශ්වාසයයි. එබැවින් මේ සම්බුද්ධ ශාසනයෙහි නැවතත් භික්‍ෂුවිනය දියුණුවී අධිශීල, අධිචිත්ත, අධිපඤ්ඤාවන්ගෙන් ආලෝකවත් වේවායි අපගේ එකම ප්‍රාර්ථනාවයි.

භික්‍ෂුශීලය නමැති මෙම ග්‍රන්ථයට ශාසනානුලෝමික මගපෙන්වීමක් හා මාහැඟි ප්‍රස්තාවනා ලිවීමෙන් හා අප ධෛර්‍ය්‍යවත් කිරීම ආදියෙන් අනුග්‍රහකොට වදාළ අති පූජ්‍ය විද්‍යා විශාරද රාජකීය පණ්ඩිත ඉඳුරුවේ උත්තරානන්ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නායක මාහිමිපාණන් වහන්සේට සහ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රමීය භික්‍ෂු සංස්ථාවෙහි ගරු අනුශාසක අති පූජ්‍ය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මාහිමිපාණන් වහන්සේට ද, මෙම ග්‍රන්ථය යථායෝග්‍යාකාරයෙන් සංස්කරණය කරදීම ගැන පූජ්‍යපාද නාඋයනේ අරියධම්ම ස්ථවිර ස්වාමින් වහන්සේට ද නන් අයුරින් උපස්තම්භක වූ වෙනත් පින්වතුන් වහන්සේලාට ද අපගේ කෘතඥතාපූර්‍වක ගෞරව සම්ප්‍රයුක්ත නමස්කාරයෙන් පුද කරමු. තවද මෙම ග්‍රන්ථකරණයෙන් ජනිත වන ත්‍රිහේතුක මහා පුණ්‍යසම්පත්තිය හිමි කොට අනුමෝදන්ව අනන්ත අප්‍රමාණ සත්ත්වයෝ සංසාර දුකින් මිදෙත්වායි ඥානප්‍රවීණව මෙන් සිතින් ප්‍රාර්ථනා කරමු.

තවද, මෙම භික්‍ෂුශීලය නමැති ග්‍රන්ථය හොඳින් මුද්‍රණය කරදීම ගැන කුලියාපිටියේ ශාස්ත්‍රොදය මුද්‍රණාලය අයිතිකාර පින්වතුන්ට සහ එහි කළමණාකාර, සේවක ආදී සෑම පින්වතුන්ටද අපගේ ප්‍රශංසානුමෝදනා සහිත කෘතඥතාව මෙයින් ප්‍රකාශ කරමු.

ඩබ්ලිවු. ඇල්. දාබරේ
“වසන්ත”
නබ්බෝව,
නාත්තන්ඩිය.

පිළිගැන්වීම

මෙම “භික්ෂුශීලය” නමැති ග්‍රන්ථය මීතිරිගල නිශ්ශරණ වනයෙහි අතිගරු කම්මට්ඨානාචාර්‍ය්‍ය අනුශාසකවූද, ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රමීය භික්‍ෂු සංස්ථාවෙහි ප්‍රධාන අනුශාසකවූද

අති පූජ්‍ය මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ වෙතැ

අතිමහත් භක්තිප්‍රසාදයෙන් හා නමස්කාර පූජාවෙන් යුතුව පිළිගන්වනු ලැබේ.

අපගේ සංස්කරණය.

තථාගතප්පවෙදිතො ධම්මවිනයො විවටො විරොචති (තථාගත දෙශිත ධර්‍මවිනය විවෘතවූයේ බබලයි)

සූර්ය්‍යාලෝකය විවෘතවූයේ ම ආලෝකයෙන් වැඩ ඇත්තවුනට ප්‍රයෝජනවත් වන්නේ ය. සම්බුද්ධදේශිත ධර්මවිනය ද විවෘත වූයේ ම ධර්‍මයෙන් විනයයෙන් වැඩ ඇත්තවුනට ප්‍රයෝජන වන්නේ ය.

භික්ෂුශීලය නමැති මේ ග්‍රන්ථයද තථාගත විනය විවෘත කරන්නකි. මෙම ග්‍රන්ථයේ කර්තෘන් වහන්සේ ධර්‍මවිනය ධර සම්භාවනීය මහා ස්ථවිරයන් වහන්සේ නමෙකි. එතුමන් වහන්සේ විසින් විනය පිටකය ප්‍රධාන වූ ත්‍රිපිටකයේ අභිරුචිවත් විනයකරුණු එක්තැන් කොට මෙය සම්පාදනයෙන් බුද්ධවර්ෂ 2436 නොහොත් ක්‍රි: ව: 1893 දී ප්‍රසිද්ධ කර තිබේ.

ප්‍රතිවේධ ශාසනයට බැසලීමට ප්‍රතිපත්තිය අත්‍යාවශ්‍යකය. ප්‍රතිපත්තිය බැසලීමට ප්‍රඥප්තිය මුල කාරණයයි. නිස්සරණාධ්‍යාශයෙන් ශාසනගත වන බුද්ධපුත්‍රයන් වහන්සේගේ පාරිශුද්ධි විනයඥානය විසඳ කරවාලීමේ ශාසන ගෞරවයෙන් භික්ෂු ශීලය නමැති මේ විනය ග්‍රන්ථය සංස්කරණය කිරීමට ආරාධනා කෙළේ, ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ශාසනාභිවෘද්ධියට ධෛර්ය්‍යප්‍රදානය කරණ නබ්බෝවේ ඩබ්ලිව්. ඇල්. දාබරේ මහත්මයා විසිනි.

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක තැන්පත් ආචාර්ය්‍යොත්තම රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මහා ස්ථවිර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රතිඥාදානය සමඟ ලත් අනුඥාය පරිදි, අප හිතවත් පල්ලෙගම මණිඤ්ඤ ආයුෂ්මතුන් වහන්සේ සමඟ මෙය අවසානය තෙක් සංස්කරණය කරන ලද බව සතුටෙන් සඳහන් කරමු.

අති දීර්ඝ වාක්‍ය කෙටි කරමින් අවබෝධයට පහසුවන පරිදි මෙය සකස් කිරීමට සිදුවිය. ප්‍රථමයෙන් ම භික්ෂුශීලය නම් ග්‍රන්ථය සම්පාදනය කරනලද දෙබඩවෙල සද්ධම්මගුප්ත පිරිවෙන් පති සිරිපවර ධර්මකීර්ති ශ්‍රී උඩුගම්පොල සුවණ්ණජෝත්‍යභිධාන මහාස්ථවිරපාදයන් වහන්සේට මෙහි සම්පූර්ණ ගෞරවය පිරිගමමින් ශ්‍රද්ධා ප්‍රවෘත්ත බුද්ධපුත්‍රයන් වහන්සේට ශීලස්කන්ධපූරණයට මෙය මනෝපකාරී ආශ්වාසික වස්තුවක් වේවායි ප්‍රාර්ථනා කරමු.

මේ භික්ෂු ශීල සංස්කරණය මුලසිට අගතෙක් සංශෝධනය කොට ශාසනනීතිය නමින් පෙරවදනක් සපයා අනුග්‍රහ කල අතිගරු ආචාර්ය්‍යොත්තම පූජ්‍ය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මහාස්ථවිර ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්, භාරවත් ප්‍රස්තාවනාවක් සම්පාදනයෙන් ග්‍රන්ථගෞරවය හා උද්‍යෝගය ප්‍රදානය කල අතිගරු රාජකීය පණ්ඩිත විද්‍යාවිශාරද ඉඳුරුවේ උත්තරානන්ද අධිකරණ නායක මහාස්ථවිර ස්වාමීන්ද්‍රයන්වහන්සේටත් දීර්ඝායුෂ ශ්‍රී ප්‍රාර්ථනා කරමින් වැඳ නමස්කාර කරමු.

ධ්‍යාන විදර්ශනා මාර්ගෝප ලාභී ආර්‍ය්‍ය බුද්ධ පුත්‍රයන්වහන්සේලා පහළවී සම්බුද්ධ ශාසනාම්බරය හිරු දහසක් සඳ දහසක් නැංගාක් මෙන් අතිශයින් ශෝභාමත්ව බැබලීමට පත්වේවා.

මෙයට,
ශාසනස්ථිතිකාමී,
නාඋයනේ අරියධම්ම ස්ථවිර
ගුණසීහ යෝගාශ්‍රමය
ගල්දූව - කහව.
2520
1977 අප්‍රියෙල් 10

ශාසන නීතිය

නීතිය විවිධයි. භාෂාවක් නිවැරදිව පැවතීමට උපකාරවන උපදෙශ මාර්ගය ශබ්දනීති නමින් දක්නා ලැබේ. ඒ ව්‍යාකරණයයි. ශබ්දනීති සංඛ්‍යාත ව්‍යාකරණය භාෂා පීතෘ වශයෙන්ද, භාෂාවක ආණ්ඩුව වශයෙන්ද සැලකීම සුදුසුය. එයට පටහැනි මනුෂ්‍යයෝ භාෂා දූෂකයෝ වෙති. ඔවුන්ගෙන් සිදුවනුයේ භාෂාවක් උම්මත්තක පසිබ්බකයක් (පිස්සීගෙ පලුමල්ලක්) බවට පත්වනු පමණක් නොවේ. භාෂාවක රසය, භාෂාවක ජීවය මිරිකී තැලී විනාශව පත්වනු ද යෙදේමැයි.

භාෂාවක නිරාකුල පැවැත්මට ශබ්දනීති නමින් හැඳින්වෙන ව්‍යාකරණය වනලද්දාක් මෙන් ත්‍රිශික්ෂා (සීල - සමාධි පඤ්ඤා) සංඛ්‍යාත බුද්ධශාසනයාගේ නිරාකුල පැවැත්මට උපයෝගීවන ශික්ෂා ප්‍රඥප්ති සමුදාය ශාසනනීතිය වශයෙන් තේරුම් ගත යුත්තේ ය. ශාසන විනය වශයෙන්ද, ශාසනයේ ආණ්ඩුව වශයෙන්ද භික්‍ෂූන්ගේ ශික්‍ෂා ප්‍රඥප්ති සංඛ්‍යාත මේ ශාසනනීතිය මැයි. මේ ශාසනනීතිය මැනැවින් රකින්නන්ට ශාසන පාලනයට නිල බලයෙන් පත්වන පාලකයෙක් - අමුතු ආණ්ඩුකාරයෙක් අවශ්‍ය නැත. ශාසන පාලනයට නායකයන් කාරකයන් අවශ්‍ය නැත. ශීල භාවනා ප්‍රතිපත්ති මාර්‍ගය දක්වන කල්‍යාණමිත්‍ර අනුශාසකයෙක් - මාර්ගෝපදේශකයෙක් මිස ශාසනයට නායක - කාරකයන් අවශ්‍ය දැයි සිතා බලනු මැනැවි.

බුදුරජාණන් වහන්සේ විසින් දෙශිතවූ ප්‍රඥප්තවූ ධර්‍මයම විනයම ශාසනයාගේ පාලනයෙහි අභෙද්‍ය බලමහිමයෙන් යුක්තය. සැම බුදුවදනක් පාසා, සැම බුදුපැණවුමක් පාසා බුදුරාජාණන් වහන්සේ ශාසනාධිපත්‍යයෙන් ජීවමාන වනසැටි, “යො වො ආනන්ද මයා ධම්මො ච විනයො ච දෙසිතො පඤ්ඤත්තො සො වො මමච්චයෙන සත්ථා” ආනන්දය! මා විසින් දෙශනාලද පණවනලද යම් ධර්‍මයක් විනයක් වේද ඒ ධර්‍මවිනය මගේ ඇවෑමෙන් ඔබට ශාස්තෘ වන්නේය යන මේ අන්වැසිලි දේශනයෙන් වටහාගත හැකිය. මේ අන්වැසිල්ල, මේ මෙහෙයවීම ආනන්දහිමියන්ට පමණක් නොවේ, අප සැමටය. නිරාමිස සංකල්පයෙන් නිස්සරණාර්ථිව සසුන් පිළිවෙත් මගට බැසගත් බුදුපුත් සඟපිරිස ප්‍රාණපරිත්‍යාගයෙන් බුදු අණ රක්නා බවට බුදුරජාණන් වහන්සේම සහතික කලසේක. “යං පහාරාද මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තං මම සාවකා ජීවිතහෙතුපි නාතික්කමන්ති. (පහාරාදසුත්ත) පහාරාදය! මා විසින් මගේ ශ්‍රාවකයන්ට පණවනලද විනය ශික්ෂා ජීවිතය නිසාවත් කඩ නොකරන්නාහ යි සහතික කොට වදාළේ සැබෑ බුදුපුතුන්ගේ සසුන් සුරතලයෙන් ලොව සැපතේවා යන මිහිරිකරුණා බැල්මෙනි. මේ බුදුසහතිකයෙන් පණගැන්වී බිඳ හෝ නොකැඩී ජීවිතය නොතකා සීලගුණ පිරූ බුද්ධශ්‍රාවක උතුමන්ගේ අසිරිමත් ජීවිත සටහන් ශාසන ඉතිහාසයේ දිප්තව පවත්නේ සසුන් පෙරහැරට එක්වන අනුශාසකයන්ට එළිය දෙන නොනිවෙන පහන් ලෙසිනි.

අඹබාධක තිස්ස හිමියන් මේ ජාතියේ උපන් සිංහල උපාසක තුමකුගේ කරලබඳි ඇත්ම සීලගුණ ප්‍රත්‍යවෙක්ෂණයෙන් රහත්වූ හැටි සිහි කටයුතු මැයි. අනුරාධපුරයෙ සිට රුහුණ බලා වඩින තිස්ස හිමියන් ආශාරක්‍ෂා ඇසින්දීමෙන් කලාන්තව අතරමග අඹගසක් යට වැතිරගත්තේ පණගහ නටම අමාරුවෙනි. බඩගිනි වේදනාව බලවත්ව පැවැති නමුත් ගසයට වැටීතිබූ ඉදුණු අඹ වැලඳීමට උන්වහන්සේ සිත යෙදුවේ නැත. ශික්ෂා ගෞරවයෙන්, නොපිළිගෙන වැළඳීමෙන් සිල් කෙලෙසෙන හෙයිනි. දවිරැකීමට වඩා සිල් රැකීම අගය කොට උතුම් කොට ඒ සුළු ඇවතකට පවා පත් නොවී තිස්ස හිමියන එදා පරම සුසිලවන්තභාවත් සංගතවූයේ මෙතන මොනම බලපෑමක් කටවත්වත්කම නොවේයි. මගේ සර්වඥයෝ පණිවුඩයක් සිකපද හොබවීතියි වදාළ ඒ බුදු සහතිකය සිහිකිරීමෙනි. ශාසනය නිසිපෙවු විනය ශික්ෂාව නියාමක ස්වරූපයෙන් ගෙන සිල්ගුණ සපුරා සසුන් මගට පහන්වූ ශාසන වීර සංඝරුවනට නමස්කාර වේවා.

විනය සංග්‍රහයක්වූ මේ භික්‍ෂුශීලය මෙයින් අවුරුදු සුමඃසුමකට පෙර වැඩසිටි විශේෂඥ ශාසන හිතකාරී උත්තමයෙක කෙකෙකුත් විසින් ප්‍රතිපාදිත ව පලවූ අගනා ග්‍රන්ථයෙකි. මේ පිලිබඳ සියලු විස්තර මෙන්ම එපෙබන ප්‍රස්තාවනාවෙන් හෙලි පෙහෙළිවනු ඇත. ශාසන චරියාතිය ගැන අතිශයින් දුක්වන, ශාසන පරමාර්ථයෙහි නකල බුද්ධිදුභාවයක් ඇති, ශාසනය නගා සිටුවීමේ ඡන්දෝත්තරීය ප්‍රාර්ථනා බද්ධ නබ්බෝවේ පින්වත් ඩබ්ලිව්. ඇල්. දාබරේ මහත්මා මෙ විනය ග්‍රන්ථය තවත් වරක් පළකිරීමට අදහස් කොට එය සුදුසු පරිදි සකසා දෙන ලෙස අපේ අරියධම්ම ස්ථවිර සමට ආරාධිත වූයේ අපගේ ද අනුමතිය ඇතිවය. නිවීහෙන සසුන් පහනට මෙය තෙල් එකතුවක් වේවා.

නිබ්බානපච්චයො හොතු

කඩවැද්දුවේ ජිනවංශ ස්ථවිර, ගුණවර්‍ධන යෝගාශ්‍රමය, ගල්දූව - කහව.