අභිධර්මාර්ථ සඞ්ග්‍රහය - අනුරුද්ධ හිමි 1909.pdf

කතෘ :
අනුරුද්ධ හිමි
ප්‍රකාශිත වර්ෂය :
1909
මුද්‍රිත වර්ෂය :
1909
පිටු ගණන :
140
බාගත කිරීම් ගණන :
1
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-21
ගොනුවේ ප්‍රමාණය :
32 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

වෙනත් සංස්කරණ

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 71

අභිධර්මාර්ථ සඞ්ග්‍රහය යනු අනුරුද්ධ මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචිත ප්‍රකට මූලික අභිධර්ම ග්‍රන්ථයයි. බෞද්ධ අභිධර්ම පිටකයේ සාරාංශය කැටිකොට දක්වන මෙම කෘතිය අභිධර්මය හදාරන විද්‍යාර්ථීන්ට මූලික අත්පොතක් ලෙස අතීතයේ සිටම සම්භාවනාවට පාත්‍ර වී ඇත.

මෙම සංස්කරණය සකස් කර ඇත්තේ සිසුන්ට හා ගුරුවරුන්ට පහසුවෙන් ධර්ම කරුණු වටහාගත හැකි වන පරිදි සෝදාහරණ ප්‍රශ්නෝත්තර ක්‍රමයකින් යුක්ත ව්‍යාඛ්‍යානයක් ලෙසිනි. මෙහි මුල් කොටස මූකලංගමුවේ වැඩවිසූ පූජ්‍ය නන්දාරාමනිස්ස ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කර මුද්‍රණයට පිළියෙල කර තිබූ අතර, උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු ඇම්. ධර්මරත්න (ලක්මිණි පහන් කර්තෘ) මහතා විසින් ශුද්ධිපත්‍ර, සංඥාපනය හා අවසාන කොටස් එක්කොට මුල්වරට මුද්‍රණය කෙරිණි. ප්‍රවචන විශාරද හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ පරිශෝධනයෙන් ද මෙය යුක්තය.

පොතේ පළමු මුද්‍රණය අවසන් වීම නිසා ඇල්. චාර්ලිස් පතිරත්න නොතාරිස් මහතාගේ ඉල්ලීම පරිදි ඇම්. ධර්මරත්න මහතාගේ සංස්කරණයෙන් දෙවැනි වර මුද්‍රණය ලෙස ක්‍රි.ව. 1909 දී (බු.ව. 2452) රත්මලානේ වෛද්‍යසමෝදය යන්ත්‍රාලයේදී මෙය මුද්‍රණය කරවා ඇත. පිටු යටින් දක්වා ඇති ප්‍රශ්නෝත්තර විවරණ, දුෂ්කර ස්ථාන පැහැදිලි කෙරෙන ටීකා නය සහ අගනා චිත්තවීථි සටහන් (මරණාසන්න වීථි ආදී) මෙහි විශේෂත්වයකි.

සංඥාපනය

අභිධර්මාර්ථ සඞ්ග්‍රහය.

නානානයවිචිත්‍ර පරමගම්භීර අභිධර්මසප්තප්‍රකරණොක්ත අනවශෙෂාර්ත්‍ථයන් සංක්‍ෂෙපනයෙන් සඞ්ගෘහිතවූ මේග්‍රන්ථය අභිධර්මාර්ත්‍ථ සඞ්ග්‍රහනම්විය.

මේමහාග්‍රන්ථය කවරකලෙක කවරරටකවිසූ කවරාචාර්ය්‍යවරයෙකු විසින් විරචිතදැයි පුරාතන සන්නටීකාදියෙන් නිශ්චය නොකලහැකිවුවත් මේ අනුරුද්ධාචාර්ය්‍යමහාස්වාමිපාදයන් විසින් රචිතයයි පෙනෙන අභිධර්මාවතාරය, නාමරූපපරිච්ඡෙදය, පරමාර්ත්‍ථවිනිශ්චය යන අභිලක්ෂිත අභිධර්මප්‍රකරණත්‍රයක් වර්තමාන කාලයෙහි ලොව ප්‍රචලිතවතිබේ එයින් පරමාර්ත්‍ථවිනිශ්චය නිගමනයෙහිඃ

“සෙසෙ කඤ්චිපුරෙවරෙ, කාවීරනගරෙ වරෙ කුලෙ සම්භූතභූතෙන, බහුස්සුතෙන ඤාණිනා අනුරුද්ධෙන ථෙරෙන, අනිරුද්ධයසස්සිනා තම්බරට්ඨෙ වසන්තෙන, නගරෙ තඤ්ජනාමකෙ තත්‍ථ සංඝස්විසරෙන, ගූපිතෙන අනාකුලං මහාවිහාරවාසිනං, වාචනාමග්ගනිස්සිතං පරමත්ථං පකාසෙන්තං, පරමත්ථවිනිච්ඡයං පකරණං කතං තෙන, පරමත්ථත්ථවෙදිනා.”

යනුවෙන් මේ අනුරුද්ධාචාර්ය්‍ය මහාස්වාමිපාදයෝ කාඤ්චිපුරී නම් රට කාවේරිනුවර ශ්‍රෙෂ්ඨවංශයක ඉපැද පැවිදිව ධර්මවිනීත සද්ධර්ම බහුශ්‍රැතයෙක්ව තාම්‍රපර්ණී (හිංගොලි) නමිරට (තඤ්ජුර්) තඤ්ජාර නම් නුවර සංඝනායකව වැඩවසනුයේ මහවෙහෙරවැසියන්ගේ වාචනාමාර්ගය ඇසුරුකොට පරමාර්ත්‍ථ විනිශ්චය රචනාකල බව පෙනේ බුද්ධඝොෂාචාර්ය්‍ය මහාස්වාමිපාදයන්ට අනතුරුව පුරාතන බුද්ධශාසනයට මහොපකාරවූ ග්‍රන්ථරචනා කළාවූ ග්‍රන්ථකර්තෲන් අතුරෙන් ධම්මපාල, බුද්ධදත්ත, අනුරුද්ධ යන ආචාර්ය්‍යතුන්නම ප්‍රථමයෙන් බුද්ධශාසනචිරස්ථිතිවනු පිණිස ඉතා පරිශ්‍රමයෙන් විශාල ග්‍රන්ථ රචනාකල උත්තමයන් බව පෙනේ. ධම්මපාලාචාර්ය්‍යමහාස්වාමිපාදනෝ කුදුගත් සඟියේ පොත් දෙලොසකට අටුවාද දීඝනිකායාදි නිකායාට්ඨකථා සතරට පුරාණටීකාද විසුද්ධිමාර්ගටීකා නෙත්ති අටුවා අභිධර්මානුටීකා සච්ච සංඛෙපප්‍රකරණ යනාදියද රචනා කර තිබෙන බව පෙනේ. බුද්ධදත්ත අනුරුද්ධ, යන ආචාර්ය්‍යදෙනම විසින් රචිත ග්‍රන්ථ ඒ ඒ ග්‍රන්ථයෙහි නිගමන ගාථාවාදියෙන් දතයුතුයි.

මේ ආචාර්ය්‍යතුන්නම දක්‍ෂිණභූමියාවේ ආන්ධ්‍රාභිදෙශයෙහි ඉපිද පැවිදිව ලක්දිව වැඩ මහාවිහාරවාසීන්ගේ වාචනාමාර්ගය සකසා ඉගෙන කලින් කල දක්‍ෂිණභූමියාවේද ලක්දිවද වැඩවසමින් ශාසනසඞ්ග්‍රහ කල බව පෙනේ. නෙත්ති අටුවානිගමනයෙහිඃ

“සද්ධම්මුත්තරණට්ඨානෙ, පට්ටනෙ නාගසව්හයෙ ධම්මාසොකමහාරාජ, විහාරෙ වසතා මයා”

යනාදියෙන් නාගපට්ටනමෙහි ධර්මාශොකරාජහුගේ අණින් දඹදිව එකවර ගොඩනැගූ සුවාසූදහසක් විහාරවලට ඇතුළත් විහාරයෙහි වැඩවසන ආචාර්ය්‍යධම්මපාල ස්වාමිපාදයන් විසින් නෙත්ති අටුවාදී යථොක්ත ග්‍රන්ථරාශිය රචනා කළ බව පෙනේ.

ආචාර්ය්‍ය බුද්ධදත්ත මහාස්වාමිපාදයන් විසින් විරචිත විනය විනිශ්චය නිගමනයෙහි

“සෙට්ඨස්ස චොලරට්ඨස්ස, නාභිභූතෙ නිරාකුලෙ සබ්බස්ස පන ලොකස්ස, ගාමෙ සම්පිණ්ඩිතෙ විය කාවේරජලසම්පාත, පරිපූතමහීතලෙ ඉද්ධෙ සබ්බඞ්ගසම්පන්නෙ, මඞ්ගලෙ භූතමඞ්ගලෙ පවරකාරුපාකාර, පරිඛාපරිවාරිතෙ විහාරෙ වෙණ්හුදාසස්ස, දස්සනීයෙ මනොරමෙ”

යනාදි ගාථාපන්තියෙන් හා “උරගපුරෙන බුද්ධදත්තෙන” “තම්බපණ්ණියෙන පරමමහාවෙය්‍යාකරණෙන” යනාදියෙන්ද මේ ආචාර්ය්‍යමහාස්වාමිපාදයෝ තාම්‍රපර්ණී (හිංගොලි) යෙහි (නාගපුරී - නාගපට්ටන නගරයෙහි ඉපිද සසුන්වැද ලක්දිවවැඩ මහාවිහාරවාසීන්ගෙන් ධර්මවිනය ඉගෙන බහුශ්‍රැතව මෑතභාගයෙහි සොලීරටට නාභියක්වැනිවූ කාවේරි පටුනෙහි විෂ්ණුදාසනමකෙනෙකු විසින් කරවා පිළිගන්වනලද විහාරයෙහි වැඩවසන්නාහු විනයවිනිශ්චය රචනා කළබවුනුත් උන්වහන්සේගේ අභිධර්මාවතාරනිගමනයෙහිඃ

“නානාරතනසමුප්පත්තිභූතෙ, විචිත්තනෙකධාතුකොටෙ කාවේරපට්ටනෙ රම්මෙ, නානාගාමොපසොභිතෙ කෙලාසසිඛරාකාර, පාසාදපතිමණ්ඩිතෙ කාරිතෙ ඛන්ධදාසෙන, දස්සනීයෙ මනොරමෙ”

යනාදි ගාථාපන්තියෙන් බුද්ධදත්තාචාර්ය්‍ය මහාස්වාමිපාදයෝ කාවේරිපටුනෙහි ඛන්ධ (කුමාර) දාසනම් තැනැත්තාවිසින් කරවා දෙනලද විහාරයෙහි වැඩවසන්නාහු අභිධර්මාවතාරය රචනාකළේදැයි පෙනේ.

මෙසේ අනුරුද්ධාචාර්ය්‍ය මහාස්වාමිපාදයෝ කාඤ්චිපුර රට කාවේරිපටුනෙහි ඉපිද සසුන්වැද ලක්දිව වැඩ මහාවිහාරවාසීන්ගෙන් ධර්මවිනය ඉගෙන මුළු සසුන්බරකාරාචාර්ය්‍යයෙක්ව හිංගොලියෙහි තඤ්ජාලක්‍ෂණනම් නුවර සංඝනායක ධුරය දරණ සමයෙහි ‘පරමාර්ත්‍ථවිනිශ්චය’ නාමරූපපරිච්ඡෙදය” යනප්‍රකරණද්වය හා නම්බනම් උපාසකයාගේ අයැදුමෙන් මේ ‘අභිධර්මාර්ත්‍ථසඞ්ග්‍රහය” ද රචනා කළෝයි පෙනේ. මේ අභිධර්මාර්ථ සංග්‍රහයෙහි නම සඳහන්වූ මුල සොම්විහාරය. ලක්දිව මුල්තෝපලානේ මුන්වහන්සේ ලදරූකාලයෙහි ඉගෙනගත් විහාරයයි හැඟේ නම්බනම් උපාසකයා සිංහල ජාතිකයෙක්නොව ඉන්දියානු ජාතිකයෙකැයි හැඟේ.

මේ අනුරුද්ධාචාර්ය්‍ය මහාස්වාමිපාදයෝ කවර කලෙක මේ ප්‍රකරණය රචනා කළේදැයි නිශ්චය නොකලහැකි නමුත් අභිධර්මාවතාර ටීකා පථිකාරීකා ආදී ප්‍රගුණ මහාග්‍රන්ථ නිර්මාණයෙන් සද්ධර්මශාසනය බොහෝකල් සිටිනා සේකළ ආචාර්ය්‍ය ශාරීපුත්‍ර මහාස්වාමිපාදයන් හා තච්ඡිෂ්‍ය සුමඞ්ගල ස්වාමිපාදයන් විසිනුත් මේ අභිධර්මාර්ත්‍ථ සඞ්ග්‍රහයට විස්තර සිංහලාවබොධව්‍යාඛ්‍යානයක් හා අභිධර්මාර්ත්‍ථ විභාවිනීනාම මහාටීකාවක් ලියාතිබෙන බව පෙනෙන හෙයින්ද දිඹුලාගල විසූ සමන්තපාසාදිකා සන්නකාර මහාකාශ්‍යපස්ථවිර ස්වාමිපාදයන් විසින් පළමු කොට සංක්‍ෂෙපටීකාවක් ලියා තිබෙන හෙයින්ද ඒ කාලයෙන් ප්‍රමාණය කොට ගිණූ කල මේ අනුරුද්ධාචාර්ය්‍ය මහාස්වාමිපාදයෝ මීට වර්ෂ දහසකට පමණ ප්‍රථමයෙන් විසූ බව ඔප්පුවේ.

“පොරාණෙහි අනෙකාපි, කතායෙවෙත්ථ වණ්ණනා නතාහි සක්කා සකලො, අත්ථො විඤ්ඤාතුමෙත්ථ ඉධ”

යන විභාවිනීටීකා ගාථාවෙන් මෙ අභිධර්මාර්ත්‍ථ සඞ්ග්‍රහයට ලක්දිව පොරාණිකයන් විසින් ලියනලද ටීකා කීපයක් පැවතිබව පෙනෙන ක්‍රමයෙන් දිඹුලාගල මහාකාශ්‍යපස්ථවිරයන් විසින් රචිත පුරාණටීකාවද ශාරීපුත්‍ර මහාස්වාමිපාදයන්ගේ සන්නයද සුමඞ්ගල මහාස්වාමිපාදයන්ගේ ටීකාවද හැර වෙන පොතක් ඇතිබව නොපෙනේ= මෙසේ ලක්දිව සම්භාවනීය ආචාර්ය්‍යවරයන් විසින් සන්නටීකා ලියමින් පුරාතන පටන් මේ ග්‍රන්ථය ආභිධර්මිකාචාර්ය්‍යවරයන්ගේ හස්තසාර ධනයක් මෙන් පැවැත්තේය. බුරුමරට සද්ධම්මජොතිපාල යන නමින් ප්‍රකටව විසූ ඡපදචාර්ය්‍යන් තෙමේ විජයබාහුනම් රජතුමාණන්ගේ අයදුමෙන් මේ අභිධර්මාර්ත්‍ථසඞ්ග්‍රහයට ලියනලද සච්චසඞ්ඛෙපවණ්ණනා නම් ටීකාවෙන් හා රතනාපුර නගර කාලයෙහි ලියනලද මණිසාරමඤ්ජුසා නම් විභාවිනීටීකාවේ අනුටීකාවෙන්ද වෙන නොයෙක් ආචාර්ය්‍යයන් විසින් ලියනලද සන්න ගැටපද ආදියද ඇතිබව පෙනේ. එමෙන්ම එරටවැසි ශාක්‍ය පුත්‍රවූ පණ්ඩිත ජනයන් විසින් අභිධර්මයෙහි මහාසාගර තරණය කිරීම් පිණිස මේ ප්‍රකරණය මනාප්‍රකාරයෙන් පිළිගෙණ තිබේ.

එහෙයින් අභිධර්මමාර්ගානුසාරී උදාරතරකාරණයන් විසින් පළමු කොට මේ ප්‍රකරණය වාචොද්ගතව ප්‍රගුණ කොට දෙවනුව මෙහි ප්‍රශ්නොත්තර ක්‍රමයෙන් දක්වා තිබෙන ප්‍රමාණ සියලු පරමාර්ත්‍ථ ධර්මයන්ගේ නාම, සඛ්‍යා, භූමි, ජාති, ප්‍රභෙද යන පස් ආකාරය පඤ්චලක්‍ෂණයෙන් අභ්‍යාසාකාරයට පුහුණුකොට තුන්වෙනුව ටීකානය, චොදනාපරිහාරනාදී විස්තර කථාමාර්ග සහිතව ගුරුමුඛයෙන් අර්ත්‍ථ අස්වා ඉගෙන ගත යුතුයි. මෙපමණකින් සියලු අභිධර්මපිටකය සංක්‍ෂෙපයෙන් දුටුසේනම්වේ විස්තර කැමැත්තන් විසින් අනුක්‍රමයෙන් අභිධර්මපිටක අටුවා මූලටීකා අභිධර්මාවතාර ධාතුකථා යමක පට්ඨානාදිය ඉගෙනගත යුතුයි. මේ ප්‍රකරණයට අපරව තිබෙන මාහැඟි සිංහලාවබොධව්‍යාඛ්‍යානය අභිධර්මනයානුගතුන්ට දුරවබොධහෙයින් නුගත්නට කොයින් අර්ත්‍ථාවබොධකිරීම්ද? ගුරුශිෂ්‍යයන්ට පාඩම් වශයෙන් පහසුවෙන් අර්ත්‍ථාවබොධකිරීම්ටවත් පහසුවන පිණිස ඒ ඒ පිටුවල අඩියෙවූ පෙළේ ආ සියලු අර්ත්‍ථ ඒ ඒ පිටුවල යටභාගයෙහි ප්‍රශ්නොත්තර වශයෙන් යොදා යලිත් දුර්බොධනීය ස්ථානයන්ගේ ටීකානය හා කාම රූපාරූප ලොකොත්තර අභිඥා සමාපත්ති ප්‍රත්‍යවෙක්‍ෂා මරණාසන්නාදීවු අවස්ථාවන්හි අනෙකප්‍රකාරව උපදනා චිත්තවීථීන්ගේ සටහන් සිතුයම්ද යොදා ඇත්තේයි.

මේ මාහැඟි ප්‍රකරණය මීට පස්විසි වර්ෂයකට මත්තෙන් මූකලංගමුවේ වැඩවිසූ යෝගියානේ ගෞ: නන්දාරාමනිස්ස ස්ථවිරපාදයන් විසින් ප්‍රශ්නොත්තර සන්නය සෝදා මුද්‍රණයකරණ අතර පොත නිමකිරීමට මත්තෙන් ස්වර්‍ගස්ථවූ බැවින් අවසානයෙහි ශුද්ධිපත්‍ර සංඥාපනාදිය අපවිසින් යොදා වැඩි නිමකරණලදී ඒ පොත විකිනී අවසාන වූ බැවින් අයිතිකාරයන්ගේ ඕනෑකම පිට මේ ද්විතීය සංස්කරණයද අපවිසින්ම කොට මුද්‍රණය කරවන ලදී.

බු: ව: යෙ=ඇම්. ධර්මරත්න, (ලක්මිණිපහන්කර්තෲදීමිභ )

බු: ව: යෙ=ඇම්. ධර්මරත්න,
(ලක්මිණිපහන්කර්තෲදීමිභ )