සන්න සහිත ආලවක සූත්‍රය 1888.pdf

ප්‍රකාශිත වර්ෂය :
1888
මුද්‍රිත වර්ෂය :
1888
පිටු ගණන :
64
බාගත කිරීම් ගණන :
1
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-18
ගොනුවේ ප්‍රමාණය :
22 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

වෙනත් සංස්කරණ

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 33

සන්න සහිත ආලවක සූත්‍රය යනු සංයුක්ත නිකායට අයත් ආලවක සූත්‍රයේ පාලි පෙළ සහ ඒ සඳහා ලියැවුණු පුරාණ සිංහල සන්නය ඇතුළත් ධර්ම ග්‍රන්ථයකි. මෙහි ආලවක යක්ෂයාගේ දමනය සහ උන්වහන්සේ විසින් දේශනා කරන ලද ගාථාවල ගැඹුරු අර්ථ විවරණය කෙරේ.

සංඥාපනයෙහි සඳහන් වන අන්දමට මෙම සන්නය බුද්ධ වර්ෂ 2312 දී පමණ විසූ පුරාණ පණ්ඩිතවරයෙකු විසින් රචනා කරන ලද්දකි. විවිධ පුස්කොළ පිටපත් සංසන්දනය කරමින් ශාස්ත්‍රාගමධාරී පණ්ඩිත ස්ථවිර කෙනෙකු විසින් මෙය ශුද්ධ කොට සකස් කර ඇත.

මෙම මුද්‍රණය ක්‍රි.ව. 1888 (බුද්ධ වර්ෂ 2432) දී කොළඹ වේල්ල වීදියේ සුදර්ශන යන්ත්‍රශාලාවේදී එෆ්. කුරේ (F. Cooray) විසින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලද්දකි.

සංඥාපනය

ආලවක සූත්‍රය සහ සන්නය.

අප බුදුරජානන්වහන්සේ මීට සාරාසඛ්‍ය කප්සුවහසෙකින් මතුයෙහි ඤෙය්‍ය මුචනැති සුමෙධ නම් මහාතාපස දිවකුරු බුදුන් හමුවැ අනටපත් නිවන් සසර සේ හැර අපරිමිත සතන්වෙත පතළ නතදයායෙන් ඒ බුදුන් නියතවිවරණසිරි ලැබ සසරට වැද එතැන්පටන් ලෝ පහළවූ සියලුබුදුවරයන්ගෙන්ම ලබනලදවිවරණ ඇතීසේක් සමතිස්පෙරුම් පුරා තුසීපුර ඉපිද දිවසුරි විඳින කලැ දසදහසක් ලෝදැහි දෙවි බඹුන් විසින් කරණලද අයදුමෙන් එයින් සැව කිඹුල්වත් පුරවරෙහි සකකුල තිලක වන් සුදොවුන් මහ රඳුන්නිසා මහමායාබිසෝකුස පිළිසිඳ දසඑකඩමසකින් මවුකුසින් බිහිව පුන්සඳ ලෙස කෙමෙන් වැඩිවිය පැමින එකුන්තිස්වන වයෙහි ගිහිසැපත් හැර මහබිනික්මන්කොට පැවිදිව සවසක් මහ පදන් විරියකොට ඇසතු බෝතුරුමුලැ නැගී විදුරසුන් අරා හිඳ නෙකකුරිරු අවිදැරූ සපිරිවර මරදෙව් පරදවා බුදුව සත්සතියවා මහබඹහු අයදුමෙන් බරණැස ඉසිපතන්හි දම්සක් පවත්වා පසුවද දහම්දෙසමින් විනෙදනන් අමාමහනිවන් දක්වනුයේ, සැවැත් නුවර දෙව්රම්වෙහෙර වැඩවදාරණසේක. එසමයෙහි අපමුනිඳු එක්දිනක් අළුයම මහකැළුණු සමවතින් නැඟීසිට මුලුලොව බලා වදාරණසේක්, ආලවක කුමාරයාගේ අනාගාමිඵල ප්‍රාප්තියට හේතු සම්පත් ඇතිබව හා ආලවක යක්ෂයාගේ ශ්‍රොතාපත්තිඵල ප්‍රාප්තියට උපනිශ්‍රය සම්පත් ඇතිබවද යනාදිය දිවැසින් දැක එදවස් පහන්වූ කලැ පෙරවරු කළමනා බුදුකිස නිමවා පස්වරු එක්සිය විසියොදුන් මගගෙවා අලව්වට සමීපයෙහිවූ අලව්‍යකුගේ විමනට වැඩ ඔහු දමනයකොට ඔහුට හා එහි රැස්වූ අනෙක දෙවතාවන්ටද මේසූත්‍රය ප්‍රථමකොට වදාළසේක. අලව්වටදී අලව් රජ ප්‍රමුඛකොට ඇති ඒ නුවර වැසියන්ට දෙවැනිව දෙශනා කළ සේක.

නැවතද බුදුහු දෙව්රමට වැඩ අනඳමහතෙරිඳුට තෙවැනිව දෙශනාකළසේක. එසේහෙයින් මේ සූත්‍රය සකල සුරනර කර්ණණ රසායණවිය. සූත්‍රයෝ වනාහි දෙස දෙසක පටිග්ගාහක අත්ථුප්පත්ති යන පඤ්චප්‍රකාරයන්ගේ වශයෙන් නම් ලබති—හේ කිසේයත්.? අප සර්වඥයන් වහන්සේ යම් ප්‍රදෙශයකදී යම් සූත්‍රයක් දෙශනා කළසේක්ද ඒ ප්‍රදෙශවශයෙන් නම් ලබයි, යම් රහත්කෙනෙකුන් විසින් යම් සූත්‍රයක් දෙසනලදද හේ දෙසක වශයෙන් නම් ලබයි, යම් සූත්‍රයක් දෙසු කලැ යමෙකු විසින් ඒ දහම පිළිගන්නාලද නම් ඒ ප්‍රතිග්‍රාහකයාගේ වශයෙන් නම් ලබයි, යම් අර්ථයක් මුල්කොට ගෙනැ යම් සූත්‍රයක් දෙශනාකරණලද නම් ඒ අර්ථ වශයෙන් නම් ලබයි, යමක් ගුණකොට ගෙනැ යම් සූත්‍රයක් දෙසනලද නම් හේ ගුණවශයෙන් නම් ලබයි, ඉන් අම්බට්ඨ සූත්‍රාදිය දෙස වශයෙනුත්, අම්බට්ඨ සූත්‍රාදිය දෙසක වශයෙනුත්, සිඟාලෝවාද සූත්‍රාදිය පටිග්ගාහක වශයෙනුත්, මධුගල සූත්‍රාදිය අර්ථවශයෙනුත්, මධුපිණ්ඩික සූත්‍රාදිය ගුණවශයෙනුදු නම් ලදහ, මේ පඤ්චප්‍රකාරයෙන් මේ චූකළී ප්‍රතිග්‍රාහක වශයෙන් ආලවක සූත්‍රයයි නම් විය. තවද සියලුම සූත්‍රයන්ගේ උත්පත්තිය තොමෝ අජ්ඣාසය, පරජ්ඣාසය, අට්ඨුප්පතතිකයි, පුච්ඡාවසිකයයි සතරවැදෑරුම් වේ, අනුන් විසින් අනුනොදන්නාලදුව බුදුහු තමන් වහන්සේගේම අදහසින් දෙශනාකළ දෙවදූත සූත්‍රාදීන්ගේ උත්පත්තිය අජ්ඣාසය නම්, සෙසියන්ගේ අදහසද අවබොධයද දැනවදාලාවූ චූළරාහුලෝවාද සූත්‍රාදීන්ගේ උපත පරජ්ඣාසය නම්, පැමිණිකාරුණු අරබයා වදාළාවූ දක්ඛිණාවිභඞග සූත්‍රාදීන්ගේ උපත අට්ඨුපත්තික නම් යම් කෙනෙකුන් විසින් අසනලද පැන විසඳීම් වශයෙන් දෙශනා කළ මඞගල සූත්‍රාදීන්ගේ උපත පුච්ඡාවසික නම්, උක්ත චතුර්විධප්‍රකාරයෙන් මේ සූත්‍රයාගේ උත්පත්තිය පුච්ඡාවසික වශයෙනැයි දතයුතු.

තවද මෙම සූත්‍රය වනාහි බුදුරජානන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ධර්මසඞ්ගීති කාරක අර්හතුන් විසින් සඞගායනා කොට සංයුක්තනිකායෙහි අන්තර්ගත කරණලදී. හේ මේ සූත්‍රයට පුරාණ පණ්ඩිතයෙකුන් විසින් කරණලද බොහෝවූ ධර්ම කාරණයන්ගෙන් යුත් විස්තර සන්නයක්ද තිබේ. ඒ සන්නකතෘ මෙනම් ඇත්තෙකැයි යනු සැකසහිත නමුත් කාලය බුද්ධවර්ෂ 2312 වන වර්ෂයයි අවසානයෙහි පෙනේ. ගිහි පැවිදි බොහෝ උදවියට මහෝපකාරීවූ මෙම සූත්‍ර සන්නය පිටපත් කීපයක් එක්කොට අවුලාවලත් සමකර බලා අප විසින් යථාශක්තීන් සකස්කරණලද නමුදු අප ප්‍රමාදාදීන් ජනිතවූද, අච්චුගැසීමේදී සිදුවියයි හැඟෙන්නාවූද, යම් යම් අක්‍ෂර ඌනාතිරෙකාදි දොස් ඇතත් එහි පණ්ඩිතයෝ සමාධි කටයුතු. තවද මෙහි පෙළ වශයෙන් මුලට සූත්‍රයද යොදා ඇත, එහිදු යම් අක්‍ෂරෙපාධිකාදි දෙසැත්නම් ඒ සන්නය සමග සමකර බැලීමෙන් තේරුම්ගන්ට හැකිබවත් දතයුතු.

1 යො’හිංදවාන මතිහිංස නමිද්ධි පත්තං සද්ධිංබලෙන විවිධෙන අජෙය්‍යසත්තං යක්ඛම්පි ආලවක මාඛ්‍යමනන්ත තෙජො කාමංදමෙයි තමහං සිරසානමාමි.

2 සඞ්ඛාත ධම්මනරසාරථිනායකෙන සම්භාසිතං සමභිපූජිත මුත්තමං ච සංසාරභීති මතිපාතකරං සුධම්මං සද්ධාසුදාර සුඛදං තමහංනමාමි.

3 බුද්ධානුවාද හරිසෙනහ නිරඤ්ඤ පඤ්ඤා සුද්ධංසයො විසදචාරු දයාකරොයො සද්ධාදිසත්ත ධනවාරිය සද්ධ සද්ධං අද්ධාවිසුද්ධ සුඛදං තමහං නමාමි.

4 විරජනතිජ්ජ යදිජ්ජත පමාදදෙසා දෙසඤ්ඤදාණො විගතනුස්ස මලාවතෙයෙ වරෙජ්ඣ පොක්ඛරදලෙ වියවාරිබින්දු සොබොවනූ සාධුජනතා සරපන්කාමා.

5 සම්මාපවත්තතු චිරාය ජිනස්සධම්මො ධම්මෙච රග්ගුබරණී පතයොච ලොකෙ ලොකොදුලද්ධිමපනෙතු විරාගකාමො කාමංපවස්සතු ඝනොබිල සස්සහෙතු.