විමුක්තිසඞ්ග්‍රහව - ලංකාසෙනෙවිරත් පිරිවෙන්හිමි 1891.pdf

කතෘ :
ලංකාසෙනෙවිරත් පිරිවෙන්හිමි
ප්‍රකාශිත වර්ෂය :
1891
මුද්‍රිත වර්ෂය :
1891
පිටු ගණන :
146
බාගත කිරීම් ගණන :
1
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-14
ගොනුවේ ප්‍රමාණය :
24 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

වෙනත් සංස්කරණ

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 74

විමුක්ති සංග්‍රහව යනු මීට වසර හාරසියයකට පමණ පෙර (ගම්පොළ/කෝට්ටේ යුගයේ) වැඩ විසූ ලංකාතිලක විහාරවාසී ලංකාසෙනෙවිරත් පිරිවෙන්හිමි මහාස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත භාවනා කර්මස්ථාන හා විදර්ශනා මාර්ගය විස්තර කෙරෙන අගනා ධර්ම ග්‍රන්ථයකි.

මෙහි එන පාලි ගාථා සහ දුරවබෝධ පාඨයන්හි අර්ථය මනාව වටහාගනු පිණිස විද්‍යෝදය පරිවේණාධිපති පූජ්‍ය හේයියන්තුඩුවේ දේවමිත්ත ස්ථවිරයන් වහන්සේ විසින් ‘භාවද්‍යොතක’ නම් සන්නය ලියා සකස් කර ඇත. බුලත්සිංහලගේ කොර්ණෙලිස් කුරේ අප්පුහාමි විසින් මුද්‍රණය අරඹා හදිසියේ අභාවප්‍රාප්ත වූ බැවින්, ඔහුගේ සොහොයුරු බුලත්සිංහලගේ සුවේතන් කුරේ අප්පුහාමිගේ දායකත්වයෙන් බුද්ධ වර්ෂ 2434 දී (ක්‍රි.ව. 1891) කොළඹ ලංකාභිනවවිශ්‍රුත යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවා තිබේ.

සතර සතිපට්ඨානය, පටිච්චසමුප්පාදය, ධාතු මනසිකාරය ඇතුළු නිර්වාණාවබෝධයට හේතුවන ගැඹුරු ධර්ම කරුණු විමර්ශනාත්මකව හා උපමාවන් ඇසුරින් මෙහි විග්‍රහ කර ඇත.

විඥාපනය.

විමුක්තිසඞ්ග්‍රහය.

මීට අවුරුදු හාරසිය තිස්හතරකට පමණ පූර්වයෙහි ලංකාතිලකවිහාරවාසී මහාස්ථවිර කෙනෙකුන් විසින් මේ ප්‍රකරණය කළ බවත් මේ ග්‍රන්ථකර්තෘ ලංකාසෙනෙවිරත් පිරිවෙන්හිමියන් බවත් මේ ග්‍රන්ථාවසානයෙහි යොදනලද ගාථාදියෙන් පෙනේ - එයින් ලංකාසෙනෙවිරත් පිරිවෙන් ලංකාතිලක විහාරය හෝ හෝ ඒ සම්බන්ධ කොට පිහිටුවනලද්දක් හෝ වියයුතු බැව් පෙනේ - මේ ප්‍රකරණය බෝධිසත්වයන්ට ප්‍රයෝජනවත් මහත් ධර්‍මරාශියක් අන්තර්ගත කොට කරණලද්දකි.

මේ ප්‍රකරණය ශුද්ධ කොට මෙහි දුරවබෝධ ගාථා පාඨයන්ගේ සුඛාවබෝධය සඳහා අප විසින් ලියනලද භාවද්‍යොතක සන්නයකුත් යොදා බුලත්සිංහලගේ කොර්‍ණෙලිස් කුරේ අප්පුහාමි විසින් මුද්‍රණය කරවන්ට ආරම්භකරණලදී ත් මුද්‍රණය කරගෙනියන අතර ඒ කර්‍මසමාප්තිය වන්නට ප්‍රථමයෙන් ඒ මහතාට ලෙඩක් වැලඳී සුව නොලදින් පරලොකප්‍රාප්තවිය - එබැවින් මේ පොත ඒ වෙනුවෙන් ඒ මහතාගේ සහෝදර වූ සුවේතන් කුරේ අප්පුහාමි විසින් මුද්‍රණයකරවා ප්‍රසිද්ධකරණලදී.

මීට අපගේ ආචාර්ය්‍යවූ කොළඹ විද්‍යොදය පරිවෙණාධිපති ශ්‍රී සුමඞ්ගලාභිධාන ප්‍රධාන නායක ස්ථවිරපාදයන් වහන්සේගෙනුත් අපගේ ශ්‍රී දෙවරක්‍ෂිතාවාසී බටුවන්තුඩාවේ පණ්ඩිතයන්ගෙනුත් උපකාර ලැබුණු බව ගෞරවයෙන් දන්වමු.

මෙබව දන්වන්නේ

H. DEVAMITTA.