පාරාජිකාදිආපත්තිවණ්ණනා
මෙසේ පෘච්ඡානු ක්රමයෙන් සියලු ප්රශ්න විසදා, දැන් “ආපත්තික්ඛන්ධො ච භවන්ති සත්ත” යන මෙහි සඞ්ගාහිත ආපත්ති ස්කන්ධයන්ගේ වෙන්ව නිර්වචන මාත්රයක් දක්වනසේක්. “පාරාජිකං” යනාදිය වදාළ සේක. එහි “පාරාජිකං” යන ගාථාවෙහි මේ අර්ත්ථයයි:- යම් මේ පුද්ගල ආපත්ති ශික්ෂාපද පාරාජිකාවන්හි ඇවත, පාරාජිකා නමැයි කියන ලදද, එයට පැමිණෙන පුද්ගල තෙමේ, යම්හෙයකින් පාරාජික වූයේ පරාජයට පැමිණියේ සද්ධර්මයෙන් ච්යුත වූයේ පැරදුනේ සසුනෙන් ගිලිහුනේ දුරුකටයුත්තේද වේ. ඒ පුද්ගලයා දුරු නොකළ කල්හි නැවැත උපෞෂථ පවාරණාදි ප්රභෙදවූ සංවාසය නැත්තේය. “තෙනෙතං ඉති වුච්චති” ඒ කාරණයෙන් මේ ඇවැත පාරාජිකැයි කියනු ලැබේ. මේ මෙහි සඞ්ක්ෂෙපාර්ත්ථයයි. යම්හෙයකින් පාරාජික වූයේද එහෙයින් මෙය පාරාජිකයි කියනු ලැබේ.
ද්විතීය ගාථාවෙහිද ව්යඤ්ජනය නොගෙණ අර්ත්ථය පමණක්ම දක්වන්නට “සඞ්ඝොව දෙති පරිවාසං” යනාදිය කියනලදී. මේ මෙහි අර්ත්ථයයි. මේ ඇවැතට පැමිණ නැගී සිටිනු කැමැත්තහුගේ යම් ඒ ඇවතින් නැගී සිටීමක් වේද, ඒ මහණහුට පිරිවෙස් දීම පිණිස ආදියෙහිද ආදියෙන් සෙස්සෙහි මානතදීම පිණිස, මූලාය පටිකස්සනය සමග හෝ මානතදීම පිණිස මද්ධ්යයෙහිද, අබ්හානය පිණිස අවසානයෙහිද සඞ්ඝතෙමේ කැමැති වියයුත්තේය. මෙහි සඞ්ඝයාගෙන් වෙන්ව එකද කර්මයක් කරන්නට නොහැකියයි සඞ්ඝ තෙමේ ආදියෙහිද මද්ධ්යයෙහිද සෙස්සෙහිද කැමැතිවිය යුත්තේ මෝහටනුයි සඞ්ඝාදිසෙස නම.
තෘතීය ගාථාවෙහි “අනියතො” යම්හෙයකින් නියත නොවේද, එහෙයින් අනියතය. මේ ආපත්ති ස්කන්ධය යන අර්ත්ථයි. කවර කරුණකින් නියත නොවේද, යත්:- “අනෙකංසිකතං පදං” යම්හෙයකින් මේ ශික්ෂාපදය නොසනිටුහන් කරණලද්දේ ද යන අර්ත්ථයි. අනෙකාන්තයෙන් කරණලද්දේය. “තිණ්ණමඤ්ඤතරං ඨානං” පරිජි, සඟවෙසෙස්, පචිති යන තුන් ධර්මයන් අතුරෙන් එක්තරා එකකින් කරවිය යුත්තේමයයි එහි කියන ලදී. එහෙයින් “අනියතොති පවුච්චති” ඒ ආපත්තිස්කන්ධය තෙමේ අනියතයයි කියනු ලැබේ. එකාන්තයෙන් සනිටුහන් නොකොට හැකි පරිජි, සඟවෙසෙස්, පචිති යන ඇවැත් තුනින් උපදින ඇවැත අනියතය යන අදහසි. තුන් ධර්මයන් අතුරෙන් එක්තරා ස්ථානයකට යම්සේද, ධර්මදෙකක් අතුරෙන් එක්තරා ස්ථානයකට යම්සේද, ධර්මදෙකක් අතුරෙන් එක්තරා ස්ථානයකටද මෙසේයයි යම්තැනෙක්හි කියන ලද හෙද අනියතයමය.
චතුර්ත්ථ ගාථාවෙහි “අච්චයො තෙන සමො නත්ථි” දෙසනාගාමී වූ වරද අතුරෙහි ඒ හා සමාන මහත් වරදක් නැත්තේය. “තෙනෙතං ඉති වුච්චති” වරද මහත් බැවින් මෙය ථුල්ලච්චයයි කියනු ලැබේය යන අර්ත්ථයි.
පඤ්චම ගාථාවෙහි “නිස්සජිත්වාන දෙසෙති තෙනෙතං” නිසදී දෙසිය යුතු බැවින් “නිස්සග්ගිය”යි කියනු ලැබේය යන අර්ත්ථයි.
සවන ගාථාවෙහි “පාතෙති කුසලං ධම්මං” සිතා දැන පැමිණෙන්නහුගේ කුශලධර්මසඞ්ඛ්යාත වූ කුශලචිත්තය හෙලයි. එහෙයින් සිත හෙලානුයි පාචිත්තිය නම. යමකට සිත හෙලාද ඒ සිත යම්හෙයකින් ආර්ය්ය මාර්ගය වරදවාද සිත මුළාකිරීමට කරුණකුත් වේද, එහෙයින් “අරියමග්ගං අපරජ්ඣති චිත්තසම්මොහනට්ඨනං”යිද කියනලදී.
පාටිදෙසනීය ගාථාවන්හි “ගාරය්හං ආවුසො ධම්මං ආපජ්ජි”යි කියනලද ගර්හා කටයුතු බව පිළිබඳ කරුණු දක්වනු පිණිසම “භික්ඛු අඤ්ඤාතකො සන්තො” යනාදිය කියනලදී. පිළිදෙසියයුතු බැවින් ඒ ආපත්ති තොමෝ “පාටිදෙසනීය”යි කියනු ලැබේ.
දුක්කට ගාථාවෙහි “අපරද්ධං විරුද්ධං ඛලිතං” යන මේ සියල්ල “යඤ්ච දුක්කටං”යි මෙහි කියනලද දුක්කටයාගේ පර්ය්යාය වචනයි. යමක් වනාහි නොමනාව කරණලදද, විරූපව හෝ කරණලදද ඒ දුක්කට නම. ඒ මේ දුක්කටය. යම්සේ ශාස්තෘහු විසින් වදාරණ ලද්දේද, එසේ නොකළබැවින් අපරද්ධ නම. කුසලය වරදවා පැවැති බැවින් විරුද්ධ නම. ආර්ය්යයවෘත්ත ප්රතිපදාවට නොනැගි බැවින් ඛලිත නම. “යං මනුස්සො කරෙ” යන මෙය වනාහි මෙයට උපමා දැක්වීමය. ඒ පිළිබඳ අර්ත්ථය මෙසේය:- යම්සේ ලෝකයෙහි මනුෂ්යයෙක් තෙමේ ප්රකටව හෝ රහස්හි හෝ යම් පාපයක් කෙරේද, එය දුක්කටයයි කියත්. මෙසේ මෙද බුදුරජුන් විසින් පිළිකුල් කළ ලාමක භාවයෙන් පැවැති පාපයෙකි. එහෙයින් දුක්කටැයි දතයුතුය.
දුබ්භාසිත ගාථාවෙහි “දුබ්භාසිතං දුරාභට්ඨං” නපුරුකොට කියන ලද්දේනුයි දුරාභට්ඨ නම. යමක් නපුරුකොට කියනලද්දේද, එය දුර්භාෂිතය යන අර්ත්ථයි. තවද බොහෝසේ සකිලිටි වූ යම් පදයක්වේද, එය සංකිලිට්ඨ නම. යම්හෙයකින් ඒ පදය වේය යන අර්ත්ථයි කීයේය, යත්:- “යඤ්ච විඤ්ඤූ ගරහන්ති” යම්හෙයකින් එයට නුවණැත්තෝ ගරහත්ද යන අර්ත්ථයි. “තෙනෙතං ඉති වුච්චති” ඒ සකිලිටි බැවින්ද, නුවණැත්තන්ගේ ගැරහීමෙන්ද මේ අයුරින් මෙය කියනු ලැබේ. දුර්භාෂිතයයි මෙසේ කියනු ලැබේය යන අර්ත්ථයි.