අසාධාරණාදිවණ්ණනා
දැන් “සාධාරණං අසාධාරණං” මේ පුරිම ප්රශ්නය විසඳමින්, “වීසං ද්වෙ සතානි” යනාදිය කීහ. එහි මෙහෙණන් හා අසාධාරණ තන්හි, “ඡ සඞ්ඝාදිසෙසා” සුක්කවිසට්ඨි-කායසංසග්ග- දුට්ඨුල්ල-අත්තකාම-කුටිකාර-විහාරකාර යන සයය. “ද්වීහි අනියතෙහි අට්ඨ” අනියත දෙක සමග අටය.
මේ නිසගිදොළොසය -
“ධොවනඤ්ච පටිග්ගහො කොසෙය්ය සුද්ධ ද්වෙභාගා, ඡබ්බස්සානි නිසීදනං, දෙවලොමා පඨමො පත්තො වස්සිකාරඤ්ඤකෙන ච”යි
“ද්වාවීසති ඛුද්දකා” -
සියලු භික්ෂුණී වර්ගය, පරම්පරභොජනය, අනතිරිත්ත භොජනය, අභිහට භොජනය, ප්රණීතභොජනය, අචෙලකය, විකාලයෙහි ගාමප්පවෙසය, දැන දුට්ඨුල්ලච්ඡාදනය,
මාගමක හා සංවිධානකොට ගමනය, අනික්ඛන්තරාජකය, විද්යමාන මහණහු නොවිචාරා විකාලයෙහි ගාමප්පවෙසනය,
නිසීදනයෙහි යම් ශික්ෂාවක්, යම් වස්සිකසාටිකා ශික්ෂාවක් කියනලදද, යන මේ දෙවිසි ශික්ෂාවෝ ක්ෂුද්රක වස්තුවෙහි මොනවට ප්රකාශ කරණලද්දාහුය.
මොවුහු මෙහෙණන් හා සාධාරණ නොවූ මහණුන්ට පණවන ලද ශික්ෂාපදයෝය. මහණුන් හා අසාධාරණ ශික්ෂාපදයන්හි “සඞ්ඝම්හා දස නිස්සරෙ” “සඞ්ඝම්හා නිස්සාරීයති”යි මෙසේ විභඞ්ගයෙහි කියන ලද මාතෘකාවෙහි වනාහි “නිස්සාරණීයං සඞ්ඝාදිසෙසං”යි ආ දසයය. “නිස්සග්ගියානි ද්වාදස” භික්ෂුණී විභඞ්ගයෙහි විභාගකරණලද නිසගිහුමය. ක්ෂුද්රශික්ෂාවෝද එහි භික්ෂුණි විභඞ්ගයෙහි විභාග කරණලද ක්ෂුද්ර ශික්ෂාවෝමය. එසේ සතර පාටිදෙසනීයයෝය. මෙසේ එක්සිය තිසක් ශික්ෂාවෝ විභඞ්ඝයෙහි මෙහෙණන්හට මහණුන් හා අසාධාරණයෝය. සෙස්ස, මේ සාධාරණ අසාධාරණයන් විසදීමෙහි ප්රකටමය.
දැන් විපත්තීහුද “යෙහි සමථෙහි සම්මන්ති” යන මේ ප්රශ්නය විසඳනසේක් “අට්ඨෙව පාරාජිකා” යනාදිය වදාළසේක. එහි “දුරාසදා” යන මෙයින් ඒ අෂ්ට පාරාජිකාවන් ප්රතිභයසහිතබව දක්වාලන්නෝය. මොවුහු කෘෂණ සර්පාදීන් මෙන් නොපැමිණිය යුත්තාහුය. නොඑළැඹිය යුත්තාහුය. නොලංවිය යුත්තාහුය. ලංවනු ලබන්නාහු මූලච්ඡෙදය පිණිස පවත්නාහුය. “තාලවත්ථුසමූපමා” සියලු තල් උදුරා දමා තල්වත්ත පමණක් කිරීම හා සමඋපමා ඇත්තාහුය. යම්සේ වස්තුව පමණක් කළ තල්රුක නැවැත පියවිසැහැවි ඇත්තේ නොවේද, මෙසේ නැවත පියවි සැහැවි ඇත්තෝ නොවෙති.
මෙසේ සාධාරණ උපමා දක්වා නැවත එකක් එකක්හට වදාළ උපමා දක්වන සේක්. “පණ්ඩුපලාසො” යනාදිය වදාළසේක. “අවිරූළ්හි භවන්ති තෙ” යම්සේ මේ පඬු පැහැති කොළපත් ආදී වස්තු නැවැත නිල් පැහැතිවීම් ආදිභාවයෙන් නොවැඩෙන සැහැවි ඇත්තාහු වෙත්ද, එසේ පරිජි ඇවතට පැමිණියාහුද නැවැත පියවි සිල් නොලැබීමෙන් නොවැඩෙන සැහැවි ඇත්තාහු වෙත්ය යන අර්ත්ථයි. මෙපමණකින් “විපත්තියො ච යෙහි සමථෙහි සම්මන්ති” යන මෙහි අටවැදෑරුම් පාරාජික විපත්තීහු කිසියම් සමථයකින් සමථය නොවෙත්යයි මෙසේ දක්වන ලද්දේ වේ. යම් විපත්තීහු සමථය වෙත්ද, ඔවුන් දක්වනු පිණිස “තෙ වීසති සඞ්ඝාදිසෙසා” යනාදිය කියනලදී. එහි “තීහි සමථෙහි” යන මෙය සර්වසඞ්ග්රාහිකවචනයි. සඞ්ඝාදිසෙසයෝ සමථ දෙකකින් සමථයට පැමිණෙත්. තිණවත්ථාරකයෙන් සමථයට නොපැමිණෙත්. සෙස්සෝ තුන් සමථයෙන්ම සමථයට පැමිණෙත්.
“ද්වෙ උපොසථා ද්වෙ පවාරණා” යන මෙය මහණුන්ගේද මෙහෙණන්ගේද වසයෙන් වදාරණ ලදි. විභක්තිය පමණක් දැක්වීම් වසයෙන්ම මේ වදාරණලදය. සමථයන්ගෙන් සන්සිඳීම් වසයෙන් නොවදාරණලදය. භික්ෂුඋපෞෂථය, භික්ෂුණි උපෞෂථය, භික්ෂු පවාරණය. භික්ෂුණි පවාරණය යන මේ සිවු විභක්තීහු විභජනයෝය යන අර්ත්ථයි. “චත්තාරී කම්මානි” අධර්මයෙන් ව්යාග්රාදීවූ උපෞෂථ කර්මයෝය. “පඤ්චෙව උපොසථා චතුරො භවන්ති අනඤ්ඤථා” මහණුන්හට උද්දෙස පසෙක්ද, මෙහෙණන්හට උද්දෙස සතරෙක්ද වෙත්. අන් අයුරකින් නොවෙත්. මේ අන්යවූද විභක්තීහු වෙත්. “ආපත්තික්ඛන්ධා ච භවන්ති සත්ත අධිකරණානි චත්තාරි” මේ විපත්තීහු වනාහි සමථයන්ගෙන් සමථයට පැමිණෙති. එහෙයින් “සත්තහි සමථෙහි” යනාදිය වදාළ සේක. නොහොත් “ද්වෙ උපොසථා ද්වෙ පවාරණා චත්තාරි කම්මානි පඤ්චෙව උද්දෙසා චතුරො භවන්ති අනඤ්ඤථා” යන මේ විභක්තීන් නිසාද “නස්සන්තෙ තෙ විනස්සන්තෙ තෙ” යනාදි නයින් යම් ආපත්තීහු උපදිත්ද ඒ ආපත්තීහු යම්හෙයකින් උක්තප්රකාරවූම සමථයන්ගෙන් සන්සිඳෙත්ද, එහෙයින් එය මූලක වූ ආපත්තීන්ගේ සමථය දක්වනු පිණිසද ඒ විභක්තීහු දක්වනලදහයි දතයුතුය. “කිච්චං එකෙන” කෘත්යාධිකරණය එක් සමථයකින් සන්සිඳෙන්නේය.
පාරාජිකාදිආපත්තිවණ්ණනා
මෙසේ පෘච්ඡානු ක්රමයෙන් සියලු ප්රශ්න විසදා, දැන් “ආපත්තික්ඛන්ධො ච භවන්ති සත්ත” යන මෙහි සඞ්ගාහිත ආපත්ති ස්කන්ධයන්ගේ වෙන්ව නිර්වචන මාත්රයක් දක්වනසේක්. “පාරාජිකං” යනාදිය වදාළ සේක. එහි “පාරාජිකං” යන ගාථාවෙහි මේ අර්ත්ථයයි:- යම් මේ පුද්ගල ආපත්ති ශික්ෂාපද පාරාජිකාවන්හි ඇවත, පාරාජිකා නමැයි කියන ලදද, එයට පැමිණෙන පුද්ගල තෙමේ, යම්හෙයකින් පාරාජික වූයේ පරාජයට පැමිණියේ සද්ධර්මයෙන් ච්යුත වූයේ පැරදුනේ සසුනෙන් ගිලිහුනේ දුරුකටයුත්තේද වේ. ඒ පුද්ගලයා දුරු නොකළ කල්හි නැවැත උපෞෂථ පවාරණාදි ප්රභෙදවූ සංවාසය නැත්තේය. “තෙනෙතං ඉති වුච්චති” ඒ කාරණයෙන් මේ ඇවැත පාරාජිකැයි කියනු ලැබේ. මේ මෙහි සඞ්ක්ෂෙපාර්ත්ථයයි. යම්හෙයකින් පාරාජික වූයේද එහෙයින් මෙය පාරාජිකයි කියනු ලැබේ.
ද්විතීය ගාථාවෙහිද ව්යඤ්ජනය නොගෙණ අර්ත්ථය පමණක්ම දක්වන්නට “සඞ්ඝොව දෙති පරිවාසං” යනාදිය කියනලදී. මේ මෙහි අර්ත්ථයයි. මේ ඇවැතට පැමිණ නැගී සිටිනු කැමැත්තහුගේ යම් ඒ ඇවතින් නැගී සිටීමක් වේද, ඒ මහණහුට පිරිවෙස් දීම පිණිස ආදියෙහිද ආදියෙන් සෙස්සෙහි මානතදීම පිණිස, මූලාය පටිකස්සනය සමග හෝ මානතදීම පිණිස මද්ධ්යයෙහිද, අබ්හානය පිණිස අවසානයෙහිද සඞ්ඝතෙමේ කැමැති වියයුත්තේය. මෙහි සඞ්ඝයාගෙන් වෙන්ව එකද කර්මයක් කරන්නට නොහැකියයි සඞ්ඝ තෙමේ ආදියෙහිද මද්ධ්යයෙහිද සෙස්සෙහිද කැමැතිවිය යුත්තේ මෝහටනුයි සඞ්ඝාදිසෙස නම.