උපොසථාදිපුච්ඡාවිස්සජ්ජනා
“උපොසථකම්මස්ස කො ආදි” යනාදීවූ පෘච්ඡාවන්ගේ විසඳීමෙහි “සාමග්ගි ආදි” යනු ‘උපෞෂථය කරන්නෙමු’යි සීමාව ශුද්ධකොට ඡන්‍දපාරිසුද්ධිය ගෙණවුත් රැස්වූවන්ගේ කායසාමග්‍රිය ආදියය. “කිරියාමජ්ඣෙ” පූර්‍වකෘත්‍යයකොට ප්‍රාතිමොක්‍ෂ ඔසාරණ ක්‍රියා මද්ධ්‍යයෙහිය. “නිට්ඨානං පරියොසානං” “සබ්බහෙව සමග්ගෙහි සම්මොදමානෙහි අවිවදමානෙහි සික්‍ඛිතබ්බං” යන මෙය පාතිමොක්‍ඛනිට්ඨානයයි. කෙළවරය. “පවාරණකම්මස්ස සාමග්ගි ආදි” ‘පවාරණය කරන්නෙමු’යි සීමාව ශුද්ධකොට ඡන්‍දපවාරණය ගෙණවුත් රැස්වූවන්ගේ කාය සාමග්‍රිය ආදියය. “කිරියාමජ්ඣෙ” පවාරණ ඤත්තියද පවාරණකථාවද මද්ධ්‍යයෙහිය. සඞ්ඝනවකයාගේ “පස්සන්තො පටිකරිස්සාමි” යන වචනය පර්‍ය්‍යාවසානයයි. තර්‍ජනීය කර්‍මාදීන් අතුරෙහි වස්තුනම්, යම් වස්තුවකින් කර්‍මාහවේද, ඒ වස්තුවය. “පුග්ගලො” යමකු විසින් ඒ වස්තුව කරණලද්දේ ද ඒ පුද්ගල තෙමේය. “කම්මවාචා පරියොසානං” “කතං සඞ්ඝෙන ඉත්‍ථන්නාමස්ස භික්‍ඛුනො තජ්ජනීයකම්මං ඛමති සඞ්ඝස්සා තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමි”යි මෙසේ ඒ ඒ කර්‍මවාක්‍යයාගේ කෙළවර වචනය පර්‍ය්‍යාවසානයයි. සෙස්ස සියලුතන්හි ප්‍රකටමය.
උපොසථාදිවිස්සජ්ජන වර්‍ණනාව නිමි.
අත්ථවසපකරණාවණ්ණනා
අර්‍ත්‍ථවශප්‍රකරණයෙහි - “දස අත්‍ථවසෙ” යනාදිතන්හි යමක් කිය යුතුද එය ප්‍රථමපාරාජික වර්‍ණනාවෙහිම කියනලදී. “යං සඞ්ඝසුට්ඨු තං සඞ්ඝඵාසු” යනාදිතන්හි උපරිම උපරිමපදය යට යන පදයාගේ අර්‍ත්‍ථයයි.
“අත්‍ථසතං ධම්මසතං” යනාදියෙහි වනාහි දසපදයන්හි යම්මේ එකක් එකක් මුල්කොට දසවරක් යොජනාවෙන් පදසියයක් කියනලදද, එහි පශ්චිමපදයාගේ වසයෙන් ධර්‍මසියයක් දතයුත්තේය. නොහොත් යම් දශඅර්‍ත්‍ථ වශයෙන් නිසා තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට ශික්‍ෂාපදයක් පණවන ලද්දේ ද, පෙර කියූ ප්‍රථම පාරාජික වර්‍ණනාවෙහි එහි සඞ්ඝසුට්ඨුතා නම් සඞ්ඝයාට හිතබවය. “සුට්ඨු දෙව”යි ආතන්හි වෙත්. “සුට්‍ඨු භන්තෙ” යනු වචන පිළිගැණීමය. යමෙක් තෙමේ තථාගතයන් වහන්සේගේ වචන පිළිගණීද, ඔහුට ඒ වචන පිළිගැණීම බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස සැප පිණිස වේද, එහෙයින් සඞ්ඝයාට “සුට්ඨු භන්තෙ” යන මාගේ වචනය පිළිගන්නා පිණිස පණවන්නෙමි. නොපිළිගැණීමෙහි ආදීනවයත් පිළිගැණීමෙහි ආනිසංසයත් දක්වාය. බලාත්කාරයෙන් අභිභවනය කොට නොවේය”යි මේ කරුණ ප්‍රකාශ කරමින් “සඞ්ඝසුට්ඨුතාය” යනු වදාළ සේකැයි මේ ආදිනයින් යම් දශඅර්‍ත්‍ථ කෙනෙක් වර්‍ණනා කරණලද්දාහුද ඔවුන් මෙහි දසවරක් ආබැවින් අර්‍ත්‍ථසියයක්, තදර්‍ත්‍ථදෙපාතකවූ පදයන්ගේ වසයෙන් ධර්‍මසියයක් දතයුත්තේය. දැන් අර්‍ත්‍ථ ප්‍රකාශක නිරුක්තීන්ගේ වසයෙන් නිරුක්ති සියයෙක, ධර්‍මභූතවූ නිරුක්තීන්ගේ වසයෙන් නිරුක්ති සියයකැ’යි නිරුක්ති දෙසියයක්, අර්‍ත්‍ථසියයෙහි ඥානසියයෙක, ධර්‍මසියයෙහි ඥානසියයෙක, නිරුක්ති දෙසියයෙහි ඥානදෙසියයෙකැ’යි ඥානහාරසියයෙක්ද දතයුතුය.
“අත්‍ථසතං ධම්මසතං ද්වෙ නිරුත්තිසතානි ච,
චත්තාරි ඤාණසතානි අත්‍ථවසෙ පකරණෙ”
යි මෙසේ යමක් වදාරණ ලද්දේ ද, මෙය මේ සඳහා වදාරණ ලද්දේය.
සිංහලසමන්තපාසාදිකාවෙහි මහාවර්‍ග වර්‍ණනාව නිමි.
පඨමගාථාසඞ්ගණිකං
සත්තනගරෙසු පඤ්ඤත්තසික්ඛාපදවණ්ණනා
“එකංසං චීවරං කත්‍වා” එක් අංශයෙක සිවුරකොට මනාකොට උත්තරාසඞ්ගයකොට, යන අර්‍ත්‍ථයි. “පග්ගණ්භිත්‍වාන අඤ්ජලිං” “දසනඛසමොධානයෙන් බබලන ඇඳිලි ඔසොවා. “ආසිංසමානරූපොව” පතන රූ ඇත්තකු මෙන්. “කිස්ස ත්‍වං ඉධ මාගතො” කවර කරුණක් නිසා කිනම් වැඩක් පතමින්, ‘උපාලි’ තෝ මෙහි ආයෙහිද, කවරෙක් මෙසේ වදාළේද, යත්:- සම්‍යක් සම්බුද්ධ තෙමේය. කවරක්හට මෙසේ වදාළේද, යත්:- ආයුෂ්මත් උපාලිස්ථවිරයන්හටය. මෙසේ ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹැ “ද්වීසු විනයෙසු” යන මේ ගාථාව විචාළේය. ඉක්බිතිව භාග්‍යවතුන්වහන්සේ මොහුට “භද්දකො තෙ උම්මග්ගො” යනාදිය වදාරා එය විසඳූ සේක. සියලුතන්හි මේ නයය. මෙසේ සියලු ප්‍රශ්නයන් බුද්ධකාලයෙහි උපාලි ස්ථවිර තෙමේ විචාළේය. භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළසේක. සඞ්ගීති කාලයෙහි මහාකාශ්‍යප ස්ථවිර තෙමේ විචාළේය. උපාලි ස්ථවිරතෙමේ ප්‍රකාශ කෙළේය.