අත්ථවසපකරණාවණ්ණනා
අර්ත්ථවශප්රකරණයෙහි - “දස අත්ථවසෙ” යනාදිතන්හි යමක් කිය යුතුද එය ප්රථමපාරාජික වර්ණනාවෙහිම කියනලදී. “යං සඞ්ඝසුට්ඨු තං සඞ්ඝඵාසු” යනාදිතන්හි උපරිම උපරිමපදය යට යන පදයාගේ අර්ත්ථයයි.
“අත්ථසතං ධම්මසතං” යනාදියෙහි වනාහි දසපදයන්හි යම්මේ එකක් එකක් මුල්කොට දසවරක් යොජනාවෙන් පදසියයක් කියනලදද, එහි පශ්චිමපදයාගේ වසයෙන් ධර්මසියයක් දතයුත්තේය. නොහොත් යම් දශඅර්ත්ථ වශයෙන් නිසා තථාගතයන් වහන්සේ විසින් ශ්රාවකයන්ට ශික්ෂාපදයක් පණවන ලද්දේ ද, පෙර කියූ ප්රථම පාරාජික වර්ණනාවෙහි එහි සඞ්ඝසුට්ඨුතා නම් සඞ්ඝයාට හිතබවය. “සුට්ඨු දෙව”යි ආතන්හි වෙත්. “සුට්ඨු භන්තෙ” යනු වචන පිළිගැණීමය. යමෙක් තෙමේ තථාගතයන් වහන්සේගේ වචන පිළිගණීද, ඔහුට ඒ වචන පිළිගැණීම බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස සැප පිණිස වේද, එහෙයින් සඞ්ඝයාට “සුට්ඨු භන්තෙ” යන මාගේ වචනය පිළිගන්නා පිණිස පණවන්නෙමි. නොපිළිගැණීමෙහි ආදීනවයත් පිළිගැණීමෙහි ආනිසංසයත් දක්වාය. බලාත්කාරයෙන් අභිභවනය කොට නොවේය”යි මේ කරුණ ප්රකාශ කරමින් “සඞ්ඝසුට්ඨුතාය” යනු වදාළ සේකැයි මේ ආදිනයින් යම් දශඅර්ත්ථ කෙනෙක් වර්ණනා කරණලද්දාහුද ඔවුන් මෙහි දසවරක් ආබැවින් අර්ත්ථසියයක්, තදර්ත්ථදෙපාතකවූ පදයන්ගේ වසයෙන් ධර්මසියයක් දතයුත්තේය. දැන් අර්ත්ථ ප්රකාශක නිරුක්තීන්ගේ වසයෙන් නිරුක්ති සියයෙක, ධර්මභූතවූ නිරුක්තීන්ගේ වසයෙන් නිරුක්ති සියයකැ’යි නිරුක්ති දෙසියයක්, අර්ත්ථසියයෙහි ඥානසියයෙක, ධර්මසියයෙහි ඥානසියයෙක, නිරුක්ති දෙසියයෙහි ඥානදෙසියයෙකැ’යි ඥානහාරසියයෙක්ද දතයුතුය.
“අත්ථසතං ධම්මසතං ද්වෙ නිරුත්තිසතානි ච,
චත්තාරි ඤාණසතානි අත්ථවසෙ පකරණෙ”
චත්තාරි ඤාණසතානි අත්ථවසෙ පකරණෙ”
යි මෙසේ යමක් වදාරණ ලද්දේ ද, මෙය මේ සඳහා වදාරණ ලද්දේය.
සිංහලසමන්තපාසාදිකාවෙහි මහාවර්ග වර්ණනාව නිමි.
පඨමගාථාසඞ්ගණිකං
සත්තනගරෙසු පඤ්ඤත්තසික්ඛාපදවණ්ණනා
“එකංසං චීවරං කත්වා” එක් අංශයෙක සිවුරකොට මනාකොට උත්තරාසඞ්ගයකොට, යන අර්ත්ථයි. “පග්ගණ්භිත්වාන අඤ්ජලිං” “දසනඛසමොධානයෙන් බබලන ඇඳිලි ඔසොවා. “ආසිංසමානරූපොව” පතන රූ ඇත්තකු මෙන්. “කිස්ස ත්වං ඉධ මාගතො” කවර කරුණක් නිසා කිනම් වැඩක් පතමින්, ‘උපාලි’ තෝ මෙහි ආයෙහිද, කවරෙක් මෙසේ වදාළේද, යත්:- සම්යක් සම්බුද්ධ තෙමේය. කවරක්හට මෙසේ වදාළේද, යත්:- ආයුෂ්මත් උපාලිස්ථවිරයන්හටය. මෙසේ ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙමේ භාග්යවතුන් වහන්සේ කරා එළැඹැ “ද්වීසු විනයෙසු” යන මේ ගාථාව විචාළේය. ඉක්බිතිව භාග්යවතුන්වහන්සේ මොහුට “භද්දකො තෙ උම්මග්ගො” යනාදිය වදාරා එය විසඳූ සේක. සියලුතන්හි මේ නයය. මෙසේ සියලු ප්රශ්නයන් බුද්ධකාලයෙහි උපාලි ස්ථවිර තෙමේ විචාළේය. භාග්යවතුන් වහන්සේ ප්රකාශ කළසේක. සඞ්ගීති කාලයෙහි මහාකාශ්යප ස්ථවිර තෙමේ විචාළේය. උපාලි ස්ථවිරතෙමේ ප්රකාශ කෙළේය.
එහි “භද්දකො තෙ උම්මග්ගො” තාගේ ප්රඥාව යහපත්ය. ප්රඥා තොමෝ වනාහි අවිද්යාන්ධකාරයෙන් ඉල්ප සිටි බැවින් උම්මග්ගයි කියනු ලැබේ. “තග්ඝ” යනු කරණාර්ත්ථයෙහි නිපාතයෙකි. යම්හෙයකින් මා විචාරහිද, එහෙයින් තට කියන්නෙමි, යන අර්ත්ථයි. සම්පටිච්ඡනාර්ත්ථයෙහි හෝය. “තග්ඝ” යන මෙයින් වචනය පිළිගෙණ කියන්නෙමි’යි වදාළ සේක. “සමාදභිත්වා, විසිබ්බෙන්ති, සාමිසෙන සසිත්ථකං” යන මේ තුන් ශික්ෂාපදයෝ භග්ගජනපදයෙහිදී පණවන ලද්දාහුය.
චතුවිපත්තිවණ්ණනා
“යං තං ආපුච්ඡිම්හ” තෝ යමක් විචාළමෝද, “අකිත්තයී” වදාළ සේක. “නො” අපට “තං තං බ්යාකතං” යමක් යමක් විචාරණ ලද්දේ ද, එය එයම ප්රකාශ කරණලද්දේය. “අනඤ්ඤථා” අන්පරිදි නොකොට ප්රකාශකරණ ලද්දේය.
“යෙදුට්ඨුල්ලා සා සීලවිපත්ති” මෙහි කිසිසේත් සීලවිපත්ති නම් ප්රශ්නයෙක් නැත්තේය. එහෙත් දුට්ඨුල්ලය විසඳනු කැමැති බැවින් මෙය වදාරණ ලදී. සිවුවිපත් අතුරෙහි දුට්ඨුල්ලය එක් විපත්තියක් හා සඞ්ග්රහ කරණලද්දේය. අදුට්ඨුල්ලාය විපත් තුනක් හා සඞ්ග්රහ කරණලද්දේය. එහෙයින් “යෙ දුට්ඨුල්ලා සා සීලවිපත්ති” වදාරා එයම විස්තර වශයෙන් දක්වන්නට “පාරාජිකං සඞ්ඝාදිසෙසො සීලවිපත්තීති වුච්චති” යනු වදාළ සේක.
දැන් තුන් විපත්තීන්ගේ වසයෙන් අදුට්ඨුල්ලය දක්වන්නට “ථුල්ලච්චයං” යනාදිය වදාළසේක. එහි “යො චායං අක්කොසති හාසාධිප්පායො” යන මෙය දුර්භාෂිතය පිළිබඳ වස්තුව දක්වනු පිණිස වදාරණ ලදී.
“අබ්හාචික්ඛන්ති” “තථාහං භගවතා ධම්මං දෙසිතං, ආජානාමි”යි කියමින් ගර්හා කෙරෙත්.
“අයං සා ආජීවවිපත්ති සම්මතා” මෝ ආජීවවිපත්ති තොමෝ ශික්ෂාපද සයකින් සඞ්ග්රහ කරණලදී. ආජීවවිපත්ති නම් සිවුවන විපත්තියයි සම්මත කරන ලදී. මෙපමණකින් “අදුට්ඨුල්ලං” යන මෙය විසඳන ලද්දේය.
දැන් “යෙ ච යාවතතියකා” ප්රශ්නය විසඳන්නට “එකාදස” යනාදිය වදාළසේක.
ඡෙදනකාදිවණ්ණනා
යම්හෙයකින් වනාහි “යෙච යාවතතියකා” යන මේ ප්රශ්නය “එකාදස යාවත්තියකා”යි සඞ්ඛ්යා වශයෙන් විසඳන ලදද, එහෙයින් සඞ්ඛ්යානුසන්ධි වශයෙන්ම “කති ඡෙදනකානි” යනාදීවූ අන් අතුරු ප්රශ්නයන් විචාළේය. ඒ ප්රශ්නයන් විසදනු පිණිස “ඡ ඡෙදනකානි” යනාදිය කියනලදී. එහි “එකං භෙදනකං එකං උද්දාලනකං -පෙ- සොදස ජානත්ති පඤ්ඤත්තා” යන මේ ම පෙර නොවීය. සෙස්ස මහාවග්ගෙහි විභාගකරණ ලද්දේමය. යම් මේ පෙර නොවූවක්වේද, එහි “එකං භෙදනකං” යනු හිඳිගේය. “එකං උද්දාලනකං” යනු පුළුන් එළා මැසූ ඇඳපුටුය. “සොදස” යනු සොළොසය. “ජානන්ති පඤ්ඤත්තා” “ජාතං”යි මෙසේ කියා පණවන ලද්දාහුය. ඔවුහු මෙසේ දතයුත්තාහ. “ජානං සඞ්ඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමෙය්ය, ජානං පුබ්බූපගතං භික්ඛුං අනුපඛජ්ජ නිසජ්ජං කප්පෙය්ය, ජානං සප්පාණකං උදකං තිණං වා මත්තිකං වා සිඤ්චෙය්ය වා සිඤ්චොපෙය්ය වා, ජානං භික්ඛුණීපරිපාචිතං පිණ්ඩපාතං භුඤ්ජෙය්ය, ජානං ආසාදනාපෙක්ඛා භුත්තස්මිං පාචිත්තියං, ජානං සප්පාණකං උදකං පරිභුඤ්ජෙය්ය, ජානං යථාධම්මං නිහතාධිකරණං, ජානං දුට්ඨුල්ලං ආපත්තිං පටිච්ඡාදෙය්ය, ජානං ඌනවීසතිවස්සං පුග්ගලං උපසම්පාදෙය්ය, ජානං ථෙය්යසන්ථෙන සද්ධිං, ජානං තථාවාදිනා භික්ඛුනා අකතානුධම්මෙන, ජානං තථානාසිතං සමණුද්දෙසං, ජානං සඞ්ඝිකං ලාභං පරිණතං පුග්ගලස්ස පරිණාමෙය්ය, ජානං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නං භික්ඛුණිං නෙව අත්තනා පටිචොදෙස්සං, ජානං චොරිං වජ්ඣං විදිතං අනපලොකෙත්වා, ජානං සභික්ඛුකං ආරාමං අනාපුච්ඡා පවිසෙය්ය” යන මේ සොළොසය.