නවකවාරවණ්ණනා
නවකයන්හි - “නව ආඝාතවත්‍ථූනි” “අනත්‍ථං මෙ අචරි” යනාදීවූ නවයයි. “නව ආඝාතපටිවිනයා” “අනත්‍ථං මෙ අචරි තං කුතෙත්‍ථ ලබ්භාති, ආඝාතං පටිවිනෙති” යනාදි නවයයි. “නව විනීතවත්‍ථූනි” නවවිධ ආඝාත වස්තුන්ගෙන් වැළකීමය. වෙසෙසින් වැළකීය. දුරුකිරීමය. කරුණු නැසීමය. “නවහි සඞ්ඝො භිජ්ජති” “නවන්තං උපාලි අතිරෙක නවන්තං වා සඞ්ඝා භිජ්ජති” “නවන්තං උපාලි අතිරෙකනවන්තං වා සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො ච” යන මොවුහුය. “නව පරමානි” පෙර කියූ පරමයෝම නවක වශයෙන් යොදා දතයුත්තාහ. නව තෘෂ්ණ මූලකයෝ නම්, එෂණ තෘෂ්ණාව නිසා රූපාදි අරමුණු සෙවීම වේ. සෙවීම නිසා රූපාදි අරමුණු ලැබීම වේ. ලැබීම නිසා ඥාන-තෘෂ්ණා-දෘෂ්ටි-විතර්‍ක යන විනිශ්චයන් අතුරෙහි ඥානවිනිශ්චය වේ. විනිශ්චය නිසා ඡන්‍දරාගය වේ. ඡන්‍දරාගය නිසා මමය, මාගේයයි බලවත් සන්නිට්ඨානය වේ. සන්නිට්ඨානය නිසා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පිළිගැනීම වේ. පිළිගැණීම නිසා මාත්සර්‍ය්‍ය වේ. මාත්සර්‍ය්‍ය නිසා රැකීම වේ. ආරක්‍ෂාධිකරණය නිසා දණ්ඩාදාන ශාස්ත්‍රාදාන කලහ විග්‍රහ විවාද තුව තුවං පෛශුන්‍ය මෘෂාවාදයෝය යන මොවුහුය. “නවවිධ මානානි” “සෙය්‍යස්ස සෙය්‍යො හමස්මි” යනාදීවූ මානයෝය. “නව චීවරානි” “තිචීවරං”යිද “වස්සිකසාටිකා”යිදැයි යනාදි නයින් කියන ලද්දාහුය. “න විකප්පෙතබ්බානි” ඉටූකල්හි පටන් විකපනය නොකටයුත්තාහුය. “නව අධම්මිකානි” සඞ්ඝයාහට පිරිනමන ලද්දක් අන් සඞ්ඝ කොටසක්හට හෝ සෑයකට හෝ පුද්ගලයක්හට හෝ පිරිනමාද, සෑයකට පිරිනමන ලද්දක් අන් සෑයකට හෝ සඞ්ඝයාහට හෝ පුද්ගලයක්හට පිරිනමාද, පුද්ගලයක්හට පිරිනමන ලද්දක් අන් පුද්ගලයක්හට හෝ සඞ්ඝයාහට හෝ සෑයකට හෝ පිරිනමාදැයි මෙසේ කියන ලද්දාහුය.
“නව පටිග්ගහා-පරිභොගා” මෙම දානයන්ගේ ප්‍රතිග්‍රහණයෝද පරිභොගයෝද යන මොවුහුය. “තීනි ධම්මිකානි දානානි” සඞ්ඝයාහට පිරිනැමුනක් සඞ්ඝයාහටම දේද, සෑයකට පිරිනැමුනක් සෑයකටම දේද, පුද්ගලයක්හට පිරිනැමුනක් පුද්ගලයක්හටම දේද යන මේ තුන වේ. ප්‍රතිග්‍රහ පරිභෝගයෝද ඔවුන්ගේ ප්‍රතිග්‍රහයෝද පරිභොගයෝද වෙති. “නව අධම්මිකා පඤ්ඤත්තියො” අධම්මවාදී පුග්ගලො, අධම්මවාදී සම්බහුලා, අධම්මවාදී සඞ්ඝො”යි මෙසේ ත්‍රිකතුනෙක් සමථක්‍ඛන්‍ධකයෙහි දක්වන ලද්දේය. “ධම්මිකා පඤ්ඤත්තියො” ධාර්මික ප්‍රඥප්තීහුද ‘ධම්මවාදීපුග්ගලො’ යනාදි නයින් එහිම දක්වන ලදහ. “අධම්ම කම්මෙ ද්වෙ නවකානි” ඔවාදවර්‍ගයෙහි ප්‍රථම ශික්‍ෂාපද නිර්‍දෙශයෙහි දුක්කට වසයෙන් වදාරණ ලද්දාහුය. “ධම්මකම්මෙ ද්වෙ නවකානි” එහිම පාචිත්තිය වසයෙන් වදාරණ ලද්දාහුය. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
නවක වර්‍ණනාව නිමි
දසකවාරවණ්ණනා
දශකයන්හි - “දස ආඝාත වත්‍ථූනි” නවකයෙහි කියනලද නවය, “අට්ඨානෙ වා පන ආඝාතො ජායති” යන මෙය සමග දසයෙක් වේ. “ආඝාතපටිවිනයා” ආඝාතප්‍රතිවිනයකරණයෝද එහි කියනලද නවයම. “අට්ඨානෙ වා පන ආඝාතො ජායති, තං කුතෙත්‍ථ ලබ්භාති ආඝාතං පටිවිනෙති” යන මෙය සමග දසය දතයුතුය. “දසවිනීත වත්‍ථූනි” යනු දශවිධ ආඝාත වස්තූන්ගෙන් විරතිසඞ්ඛ්‍යාතදශයය. “දස වත්‍ථුකා මිච්ඡා දිට්ඨි” යනු “නත්‍ථි දින්නං” යනාදි වසයෙන් දතයුතුය. “අත්‍ථි දින්නං” යනාදි වසයෙන් සම්‍යක් දෘෂ්ටිය දතයුතුය. “සස්සතො ලොකො” යනාදි වසයෙන් අන්තග්‍රාහිකාදෘෂ්ටිය දතයුතුය. “දස මිච්ඡත්තා” මිථ්‍යාදෘෂ්ටිය ආදිකොට මිත්‍ථ්‍යා විමුක්තිය කෙළවරකොට සිටි විපරීතයෝය. සම්මතයෝද සලාකගාහයෝද සමථක්‍ඛන්‍ධකයෙහි දක්වන ලදහ.
“දසභඞ්ගෙහි සමන්නාගතො භික්‍ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො” “සීලවා හොති” යනාදිනයින් සමථක්‍ඛන්‍ධකයෙහි වදාළ දසයෙන් රාජන්තෙපුරප්‍රවෙශනයෙහි දශ ආදීනවයෝ රාජශික්‍ෂාපදයෙහි දක්වන ලදහ. “දසදානවත්‍ථුනි” ආහාර-පාන-වස්ත්‍ර-යාන -මාලා -ගන්‍ධ-විලෙපන-සෙය්‍යා-ආවස්ථ-පදීපෙය්‍ය යන මොවුහුය. “දසරතනානි” මුතු මැණික වෙරළු මිණි ආදීහුය. “දස පංසුකුලානි” සොහොනෙහිලූ වත - කඩදොරකඩ දැමූ වත මීයන් කෑවත - වේයන් කෑවත - ගවයන් කෑවත - එළුවන් කෑවත - තුඹස් මත දැමූ වත - නානතොට හෝ අභිෂෙකස්ථානයෙහි ලූවත - සොහොනට ගොස් අවුත් නාහැරදැමූ කිලිටිවත. මේ වස්ත්‍රයන්හි උපසම්පන්නයා විසින් උත්සාහ කටයුතුය. “දස චීවරධාරණ” “සබ්බනීලකානි චීවරානි ධාරෙන්ති”යි කියනලද්දාවුන්ගේ වසයෙන් දසයයි. කුරුන්‍දියෙහි කියනලදී. මහාර්‍ත්‍ථකථාවෙහි වනාහි නව කැප චීවරයන්හි දියසළුව හෝ තනවෙළුම හෝ බහා දසයයි කියනලදී.