දසකවාරවණ්ණනා
දශකයන්හි - “දස ආඝාත වත්ථූනි” නවකයෙහි කියනලද නවය, “අට්ඨානෙ වා පන ආඝාතො ජායති” යන මෙය සමග දසයෙක් වේ. “ආඝාතපටිවිනයා” ආඝාතප්රතිවිනයකරණයෝද එහි කියනලද නවයම. “අට්ඨානෙ වා පන ආඝාතො ජායති, තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙති” යන මෙය සමග දසය දතයුතුය. “දසවිනීත වත්ථූනි” යනු දශවිධ ආඝාත වස්තූන්ගෙන් විරතිසඞ්ඛ්යාතදශයය. “දස වත්ථුකා මිච්ඡා දිට්ඨි” යනු “නත්ථි දින්නං” යනාදි වසයෙන් දතයුතුය. “අත්ථි දින්නං” යනාදි වසයෙන් සම්යක් දෘෂ්ටිය දතයුතුය. “සස්සතො ලොකො” යනාදි වසයෙන් අන්තග්රාහිකාදෘෂ්ටිය දතයුතුය. “දස මිච්ඡත්තා” මිථ්යාදෘෂ්ටිය ආදිකොට මිත්ථ්යා විමුක්තිය කෙළවරකොට සිටි විපරීතයෝය. සම්මතයෝද සලාකගාහයෝද සමථක්ඛන්ධකයෙහි දක්වන ලදහ.
“දසභඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො” “සීලවා හොති” යනාදිනයින් සමථක්ඛන්ධකයෙහි වදාළ දසයෙන් රාජන්තෙපුරප්රවෙශනයෙහි දශ ආදීනවයෝ රාජශික්ෂාපදයෙහි දක්වන ලදහ. “දසදානවත්ථුනි” ආහාර-පාන-වස්ත්ර-යාන -මාලා -ගන්ධ-විලෙපන-සෙය්යා-ආවස්ථ-පදීපෙය්ය යන මොවුහුය. “දසරතනානි” මුතු මැණික වෙරළු මිණි ආදීහුය. “දස පංසුකුලානි” සොහොනෙහිලූ වත - කඩදොරකඩ දැමූ වත මීයන් කෑවත - වේයන් කෑවත - ගවයන් කෑවත - එළුවන් කෑවත - තුඹස් මත දැමූ වත - නානතොට හෝ අභිෂෙකස්ථානයෙහි ලූවත - සොහොනට ගොස් අවුත් නාහැරදැමූ කිලිටිවත. මේ වස්ත්රයන්හි උපසම්පන්නයා විසින් උත්සාහ කටයුතුය. “දස චීවරධාරණ” “සබ්බනීලකානි චීවරානි ධාරෙන්ති”යි කියනලද්දාවුන්ගේ වසයෙන් දසයයි. කුරුන්දියෙහි කියනලදී. මහාර්ත්ථකථාවෙහි වනාහි නව කැප චීවරයන්හි දියසළුව හෝ තනවෙළුම හෝ බහා දසයයි කියනලදී.
නොවැන්දයුතු පුද්ගලයෝ සෙනාසනක්ඛන්ධකයෙහි දක්වන ලද්දාහුය. දශආක්රොශ වස්තූහු ඔමසවාදයෙහි දක්වන ලද්දාහුය. දශ ආකාරයෝ පෙසුඤ්ඤ ශික්ෂාපදයෙහි දක්වන ලද්දාහුය. “දස සෙනාසනානි” ඇඳ පුටු බිසි කොට්ට පිරියම් කළබිම පැහැය රකිනු පිණිස කළ ඇතිරි ඊමතු ඇතිරී තටු සම්කඩ හිඳින රෙදිකඩ පසතුරුණ තණඇතිරි පන්ඇතිරි යන මොවුහු. “දසවරානි යාචිංසු” විශාඛා තොමෝ අටක් සුද්ධෝදන මහරජතෙමේ එකක්, ජීවකතෙමේ එකකැයි වරදසයක් ඉල්ලූහ. යාගු ආනිසංසයෝද අකප්පිය මාංසයෝද භෙසජ්ජක්ඛන්ධකයෙහි දක්වන ලද්දාහුය. සෙස්ස සියලු තන්හි ප්රකටමය.
දසක වර්ණනාව නිමි.
එකාදසකවාරවණ්ණනා
එකාදශකයන්හි - “එකාදස” පණ්ඩකාදි එකොළොසය. “එකාදසපාදුකා” රුවණින් කළ දසයෙක. කාෂ්ටමය පාදුකා එකක. තෘණපාදුකා මුඤ්චපාදුකා බබ්බජපාදුකාදීහු කාෂ්ට පාදුකසඞ්ග්රහයටම යෙත්. “එකාදස පත්තා” තම්බලොහමය පාත්රය සමග හෝ දාරුමය පාත්රය සමග හෝ දශරත්නමය පාත්රයෝය. “එකාදසචීවරානි” සියල්ල නිල් පැහැති සිවුර ආදී වූ එකොළොසය. “එකාදසයාවත්තියකා” උක්ෂිප්තානුවර්තිකා භික්ෂුණිය, සඞ්ඝාදිසෙස අටය. අරිට්ඨය චණ්ඩකාලීය යන එකොළොසය. “නසි අනිමිත්තා” යනාදීහු අන්තරායිකයෝ නම්හ “එකාදස චීවරානි අධිට්ඨාතබ්බානි” තුන්සිවුර වැසිසළු සිවුර හිඳින සිවුර පසතුරුණ කස් පිළිසන මුවපිස්නාසේල පිරිකරසේල දියසළු තනවෙළුම යන මොවුහුය. “න විකප්පෙතබ්බානි” මේ සිවුරු එකොලොසම ඉටූ කල්පටන් විකප්පනය නොකට යුතුය. ගණ්ඨීහුද වීඨයෝද හූමය ගණිඨිකවීඨය සමග එකොළොස වෙති. ඒ සියල්ලෝ ඛුද්දකවත්ථුදුක්ඛන්ධකයෙහි දක්වන ලදහ. පෘථිවීහු පෘථිවි ශික්ෂාපදයෙහි දක්වන ලදහ. නිශ්ශ්රය ප්රතිප්රශ්රබ්ධීනු උපාද්ධ්යායයා කෙරෙන් පසය, ආචාර්ය්යයා කෙරෙන් සයයි මෙසේ එකොළොසෙකි. නොවැන්දයුතු පුද්ගලයෝ නග්නයා සමග එකොළොස් දෙනෙකි. ඒ සියල්ලෝ සෙනාසනක්ඛන්ධකයෙහි දක්වන ලදහ. එකාදසපරමයෝ පෙර කියූ තුදුස අතුරෙහි එකාදසක වසයෙන් යොදා දතයුත්තාහ. “එකාදසවරානි” යනු මහාප්රජාපතිය විසින් ඉල්ලූ වරය සමග පෙර කියූ දසයයි. “එකාදස සීමා දොසා” “අතිඛුද්දකං සීමං සම්මන්නති’ යනාදි නයින් කර්මවර්ගයෙහි එන්නාහුය.
ආක්රොශක පරිභාෂක පුද්ගලයා කෙරෙහි පවත්නා එකොළොස් ආදීනවයෝ නම් ‘මහණෙනි’ යම්ඒ මහණෙක් තෙමේ සබ්රම්සරුන්ට ආක්රොශ පරිභව කෙරේද, ආර්ය්යොපවාදීවේද හෙතෙමේ එකොළොස් වැදෑරුම් වූ ව්යසනයන්ගෙන් එක්තරා ව්යසනයකට නොපැමිණෙන්නේය යන යමක්වේද, මෙය කරුණු රහිතය. අවකාශ රහිතය. කවරනම් එකොළොසකින්ද, යත්:- නොපැමිණි ගුණයට නොපැමිණේ. පැමිණි ගුණයෙන් පිරිහේ. ඔහුට සද්ධර්මය පිරිසිදු නොවේ. සද්ධර්මය කෙරෙහි හේ අධිමානික වේ. ආලය නැතියෙක්ව හෝ බඹසර හැසිරේ. එක්තරා කිලිටි වූ ඇවැතකට හෝ පැමිණේ. ශික්ෂා ප්රත්යඛ්යානයකොට හෝ ගිහි බවට පැමිණේ. දැඩි රොගාබාධයක් හෝ පහසන්නේය. උමතුබවට හෝ පැමිණේ. චිත්තවික්ෂෙපයට හෝ පැමිණේ. සිහිමුළාව කලුරිය කෙරේ. කරජකායයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැපසෙන් පහවූ දුකට පිහිට වූ විවසව ජනිතවන නිරයෙහි උපදී, යනුයි. මෙහිද සද්ධර්මයි බුද්ධ වචනය අදහස් කරණලදී.