එකාදසකවාරවණ්ණනා
එකාදශකයන්හි - “එකාදස” පණ්ඩකාදි එකොළොසය. “එකාදසපාදුකා” රුවණින් කළ දසයෙක. කාෂ්ටමය පාදුකා එකක. තෘණපාදුකා මුඤ්චපාදුකා බබ්බජපාදුකාදීහු කාෂ්ට පාදුකසඞ්ග්‍රහයටම යෙත්. “එකාදස පත්තා” තම්බලොහමය පාත්‍රය සමග හෝ දාරුමය පාත්‍රය සමග හෝ දශරත්නමය පාත්‍රයෝය. “එකාදසචීවරානි” සියල්ල නිල් පැහැති සිවුර ආදී වූ එකොළොසය. “එකාදසයාවත්තියකා” උක්‍ෂිප්තානුවර්තිකා භික්‍ෂුණිය, සඞ්ඝාදිසෙස අටය. අරිට්ඨය චණ්ඩකාලීය යන එකොළොසය. “නසි අනිමිත්තා” යනාදීහු අන්තරායිකයෝ නම්හ “එකාදස චීවරානි අධිට්ඨාතබ්බානි” තුන්සිවුර වැසිසළු සිවුර හිඳින සිවුර පසතුරුණ කස් පිළිසන මුවපිස්නාසේල පිරිකරසේල දියසළු තනවෙළුම යන මොවුහුය. “න විකප්පෙතබ්බානි” මේ සිවුරු එකොලොසම ඉටූ කල්පටන් විකප්පනය නොකට යුතුය. ගණ්ඨීහුද වීඨයෝද හූමය ගණිඨිකවීඨය සමග එකොළොස වෙති. ඒ සියල්ලෝ ඛුද්දකවත්‍ථුදුක්‍ඛන්‍ධකයෙහි දක්වන ලදහ. පෘථිවීහු පෘථිවි ශික්‍ෂාපදයෙහි දක්වන ලදහ. නිශ්ශ්‍රය ප්‍රතිප්‍රශ්‍රබ්ධීනු උපාද්ධ්‍යායයා කෙරෙන් පසය, ආචාර්‍ය්‍යයා කෙරෙන් සයයි මෙසේ එකොළොසෙකි. නොවැන්දයුතු පුද්ගලයෝ නග්නයා සමග එකොළොස් දෙනෙකි. ඒ සියල්ලෝ සෙනාසනක්‍ඛන්‍ධකයෙහි දක්වන ලදහ. එකාදසපරමයෝ පෙර කියූ තුදුස අතුරෙහි එකාදසක වසයෙන් යොදා දතයුත්තාහ. “එකාදසවරානි” යනු මහාප්‍රජාපතිය විසින් ඉල්ලූ වරය සමග පෙර කියූ දසයයි. “එකාදස සීමා දොසා” “අතිඛුද්දකං සීමං සම්මන්නති’ යනාදි නයින් කර්‍මවර්‍ගයෙහි එන්නාහුය.
ආක්‍රොශක පරිභාෂක පුද්ගලයා කෙරෙහි පවත්නා එකොළොස් ආදීනවයෝ නම් ‘මහණෙනි’ යම්ඒ මහණෙක් තෙමේ සබ්‍රම්සරුන්ට ආක්‍රොශ පරිභව කෙරේද, ආර්‍ය්‍යොපවාදීවේද හෙතෙමේ එකොළොස් වැදෑරුම් වූ ව්‍යසනයන්ගෙන් එක්තරා ව්‍යසනයකට නොපැමිණෙන්නේය යන යමක්වේද, මෙය කරුණු රහිතය. අවකාශ රහිතය. කවරනම් එකොළොසකින්ද, යත්:- නොපැමිණි ගුණයට නොපැමිණේ. පැමිණි ගුණයෙන් පිරිහේ. ඔහුට සද්ධර්‍මය පිරිසිදු නොවේ. සද්ධර්‍මය කෙරෙහි හේ අධිමානික වේ. ආලය නැතියෙක්ව හෝ බඹසර හැසිරේ. එක්තරා කිලිටි වූ ඇවැතකට හෝ පැමිණේ. ශික්‍ෂා ප්‍රත්‍යඛ්‍යානයකොට හෝ ගිහි බවට පැමිණේ. දැඩි රොගාබාධයක් හෝ පහසන්නේය. උමතුබවට හෝ පැමිණේ. චිත්තවික්‍ෂෙපයට හෝ පැමිණේ. සිහිමුළාව කලුරිය කෙරේ. කරජකායයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැපසෙන් පහවූ දුකට පිහිට වූ විවසව ජනිතවන නිරයෙහි උපදී, යනුයි. මෙහිද සද්ධර්‍මයි බුද්ධ වචනය අදහස් කරණලදී.
“ආසෙවිතාය” මුලපටන් සෙවුනාලද. “භාවිතාය” නිපදවනලද නොහොත් වඩනලද. “බහුලීකතාය” නැවත නැවැත කරණලද. “යානීකතාය” මොනවට යෙදූ යානයක් මෙන් කරණලද. “වත්‍ථුකතාය” යම්සේ පිහිටවේද, එසේ කරණලද, “අනුමට්ඨිතාය” පුන පුනා පවත්වනලද, නිතර ඉටනලද, යන අර්‍ත්‍ථයි. “පරිචිතාය” හාත්පසින් රැස්කරණලද සියලු දිසාවන්හි රැස් කරන ලද නොඉතිරිකොට රැස්කරණලද භාවිත වූ මොනවට වඩනලද යන අර්‍ත්‍ථයි. “සුසමාරද්ධාය” මොනවට අරඹන ලද, වශීභාවයට පමුණුවන ලද යන අර්‍ත්‍ථයි. “න පාපකං සුපිණං” ලාමකවූ සිහිනයක්ම නොදකියි. යහපත්වූ වැඩීමට කරුණක්ම දකියි. “දෙවතා රක්‍ඛන්ති” ආරක්‍ෂක දෙවියෝ ධාර්මික වූ ආරක්‍ෂාව එළවත්. “තුවටං චිත්තං සමාධියති” වහා සිත සමාධිගත වේ. “උත්තරිං අප්පටිවිජ්ඣන්තො” මෛත්‍රීධ්‍යානයෙන් මත්තෙහි රහත්බව සාක්‍ෂාත් නොකරන්නේ ශෛක්‍ෂයෙක්ව හෝ පෘථග්ජනයෙක්ව හෝ කලුරිය කරන්නේ බඹලොවට පැමිණෙන්නේ වේ. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
එකාදශක වර්‍ණනාව කෙළවරකොට ඇති එකුත්තරික වර්‍ණනාව නිමි.
උපොසථාදිපුච්ඡාවිස්සජ්ජනා
“උපොසථකම්මස්ස කො ආදි” යනාදීවූ පෘච්ඡාවන්ගේ විසඳීමෙහි “සාමග්ගි ආදි” යනු ‘උපෞෂථය කරන්නෙමු’යි සීමාව ශුද්ධකොට ඡන්‍දපාරිසුද්ධිය ගෙණවුත් රැස්වූවන්ගේ කායසාමග්‍රිය ආදියය. “කිරියාමජ්ඣෙ” පූර්‍වකෘත්‍යයකොට ප්‍රාතිමොක්‍ෂ ඔසාරණ ක්‍රියා මද්ධ්‍යයෙහිය. “නිට්ඨානං පරියොසානං” “සබ්බහෙව සමග්ගෙහි සම්මොදමානෙහි අවිවදමානෙහි සික්‍ඛිතබ්බං” යන මෙය පාතිමොක්‍ඛනිට්ඨානයයි. කෙළවරය. “පවාරණකම්මස්ස සාමග්ගි ආදි” ‘පවාරණය කරන්නෙමු’යි සීමාව ශුද්ධකොට ඡන්‍දපවාරණය ගෙණවුත් රැස්වූවන්ගේ කාය සාමග්‍රිය ආදියය. “කිරියාමජ්ඣෙ” පවාරණ ඤත්තියද පවාරණකථාවද මද්ධ්‍යයෙහිය. සඞ්ඝනවකයාගේ “පස්සන්තො පටිකරිස්සාමි” යන වචනය පර්‍ය්‍යාවසානයයි. තර්‍ජනීය කර්‍මාදීන් අතුරෙහි වස්තුනම්, යම් වස්තුවකින් කර්‍මාහවේද, ඒ වස්තුවය. “පුග්ගලො” යමකු විසින් ඒ වස්තුව කරණලද්දේ ද ඒ පුද්ගල තෙමේය. “කම්මවාචා පරියොසානං” “කතං සඞ්ඝෙන ඉත්‍ථන්නාමස්ස භික්‍ඛුනො තජ්ජනීයකම්මං ඛමති සඞ්ඝස්සා තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමි”යි මෙසේ ඒ ඒ කර්‍මවාක්‍යයාගේ කෙළවර වචනය පර්‍ය්‍යාවසානයයි. සෙස්ස සියලුතන්හි ප්‍රකටමය.
උපොසථාදිවිස්සජ්ජන වර්‍ණනාව නිමි.