අට්ඨකවාරවණ්ණනා
අෂ්ටකයන්හි - “අට්ඨානිසංසෙ” “න මයං ඉමිනා භික්ඛුනා සද්ධිං උපොසථං කරිස්සාම, විනා ඉමිනා භික්ඛුනා උපොසථං කරිස්සාම, න මයං ඉමිනා භික්ඛුනා සද්ධිං පවාරෙස්සාම, සඞ්ඝකම්මං කරිස්සාම, ආසනෙ නිසීදිස්සාම, යාගුපානෙ නිසීදිස්සාම, භත්තග්ගෙ නිසීදිස්සාම, එකච්ඡන්නෙ වසිස්සාම, යථාඛුඩ්ඪං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං කරිස්සාම, විනා ඉමිනා භික්ඛුනා කරිස්සාම”යි මෙසේ කොසම්බකක්ඛන්ධකයෙහි කියනලද අනුසස්. දෙවන අෂ්ටකයෙහිද මේනයම වේ. භෙද එපරිද්දෙන්ම කොසම්බකක්ඛන්ධකයෙහි වදාරණ ලදී.
“අට්ඨ යාවතතියකා” තෙරස සඞ්ඝාදිසෙස කාණ්ඩයෙහි මහණුන්ට සතරය. සත්තරස සඞ්ඝාදිස්සෙකාණ්ඩයෙහි මෙහෙණක්හට මහණුන් හා අසාධාරණවූ සතරයයි අටය. “අට්ඨහාකාරෙහි කුලාහි දූසෙති” පුෂ්පයෙන් හෝ ඵලයෙන් හෝ සුණෙන් හෝ මැටියෙන් හෝ දැහැටියෙන් හෝ හුණයෙන් හෝ වෙදකමින් හෝ පණිවුඩ පණත් ගෙණ යෑමෙන් හෝයයි මේ අටින් කුලයන් දූෂිත කරයි. මාතෘකා අටක් චීවරක්ඛන්ධකයෙහිද අන්අටක් කඨිනක්ඛන්ධකයෙහිද වදාරණ ලදහ. “අට්ඨහි අසද්ධම්මෙහි” ලාභයෙන් අලාභයෙන් යසසින් අයසසින් සත්කාරයෙන් අසත්කාරයෙන් පාපෙප්සායෙන් පාපමිත්රතාවෙන් යන අසත් දහම් අටින්. අෂ්ටලොකධර්ම නම් ලාභයෙහි ඇලීම හා අලාභයෙහි ප්රතිවිරොධයය. යසසෙහි අයසයෙහි ප්රශංසාවෙහි නින්දාවෙහි සුඛයෙහි දුඃඛයෙහි එසේ ඇලීම හා ප්රතිවිරොධයය. “අට්ඨඞ්ගිකො මුසාවාදො” ‘විනිධාය සඤ්ඤං’ යන මෙය හා පෙළෙහි ආ සතසමගයයි අෂ්ටාඞ්ගයෙන් අටඟ ඇත්තේ වේ.
“අට්ඨ උපොසථඞ්ගානි” යනු,
“පාණං නහානෙ න චා දින්නමාදියෙ
මුසා න භාසෙ න ච මජ්ජපො සියා,
අබ්රහ්මචරියා විරමෙය්ය මෙථුනා
රත්තිං න භුඤ්ජෙය්ය විකාල භොජනං
මුසා න භාසෙ න ච මජ්ජපො සියා,
අබ්රහ්මචරියා විරමෙය්ය මෙථුනා
රත්තිං න භුඤ්ජෙය්ය විකාල භොජනං
මාලං න ධාරෙ න ච ගන්ධමාචරෙ
මඤ්චෙ ඡමායං ච සයෙථ සන්ථතෙ
එතඤ්හි අට්ඨඞ්ගිකමාහු පොසථං
බුද්ධෙන දුක්ඛන්තගුනා පකාසිතං”
මඤ්චෙ ඡමායං ච සයෙථ සන්ථතෙ
එතඤ්හි අට්ඨඞ්ගිකමාහු පොසථං
බුද්ධෙන දුක්ඛන්තගුනා පකාසිතං”
යි මෙසේ වදාරණ ලද අඞ්ග අටය. “අට්ඨදූතෙය්යඞ්ගානි” “ඉධ භික්ඛවෙ භික්ඛු සොතා ච හොති සාවෙතා ච” යනාදි නයින් සඞ්ඝභෙදකයෙහි වදාරණලද අෂ්ට දූතෙය්යඞ්ගයෝය. තීර්ථකවත් මහාක්ඛන්ධකයෙහි දක්වන ලදී. අනතිරික්තයද අතිරික්තයද පවාරණ ශික්ෂාපදයෙහි දක්වන ලදය. “අට්ඨන්නං පච්චුපට්ඨාතබ්බං” බොජුන් හලෙහි මහලු මෙහෙණන්හට. ආසනයද ඔවුන්ටම දියයුතුය. “උපාසිකා” විශාඛා තොමෝය. “අට්ඨානිසංසා විනයධරෙ” පඤ්චකයෙහි කියූ පසෙහි, “තස්සාධෙය්යො උපොසථො පවාරණ සඞ්ඝකම්මං” යන මේ තුන බහා අට දතයුතුය. “අට්ඨපරමානි” පෙර කියනලද පරමයෝම අෂ්ටක වශයෙන් යොදා දතයුත්තාහ. “අට්ඨසු ධම්මෙසු සම්මා වත්තිතබ්බං” “න පකතත්තස්ස භික්ඛුනො උපොසථො ඨපෙතබ්බො න පවාරණා ඨපෙතබ්බා” යනාදි නයින් සමථක්ඛන්ධකයෙහි දක්වන ලද අටෙහි සෙස්ස සියලු තන්හි ප්රකටමය.
අට්ඨක වර්ණනාව නිමි.
නවකවාරවණ්ණනා
නවකයන්හි - “නව ආඝාතවත්ථූනි” “අනත්ථං මෙ අචරි” යනාදීවූ නවයයි. “නව ආඝාතපටිවිනයා” “අනත්ථං මෙ අචරි තං කුතෙත්ථ ලබ්භාති, ආඝාතං පටිවිනෙති” යනාදි නවයයි. “නව විනීතවත්ථූනි” නවවිධ ආඝාත වස්තුන්ගෙන් වැළකීමය. වෙසෙසින් වැළකීය. දුරුකිරීමය. කරුණු නැසීමය. “නවහි සඞ්ඝො භිජ්ජති” “නවන්තං උපාලි අතිරෙක නවන්තං වා සඞ්ඝා භිජ්ජති” “නවන්තං උපාලි අතිරෙකනවන්තං වා සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො ච” යන මොවුහුය. “නව පරමානි” පෙර කියූ පරමයෝම නවක වශයෙන් යොදා දතයුත්තාහ. නව තෘෂ්ණ මූලකයෝ නම්, එෂණ තෘෂ්ණාව නිසා රූපාදි අරමුණු සෙවීම වේ. සෙවීම නිසා රූපාදි අරමුණු ලැබීම වේ. ලැබීම නිසා ඥාන-තෘෂ්ණා-දෘෂ්ටි-විතර්ක යන විනිශ්චයන් අතුරෙහි ඥානවිනිශ්චය වේ. විනිශ්චය නිසා ඡන්දරාගය වේ. ඡන්දරාගය නිසා මමය, මාගේයයි බලවත් සන්නිට්ඨානය වේ. සන්නිට්ඨානය නිසා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පිළිගැනීම වේ. පිළිගැණීම නිසා මාත්සර්ය්ය වේ. මාත්සර්ය්ය නිසා රැකීම වේ. ආරක්ෂාධිකරණය නිසා දණ්ඩාදාන ශාස්ත්රාදාන කලහ විග්රහ විවාද තුව තුවං පෛශුන්ය මෘෂාවාදයෝය යන මොවුහුය. “නවවිධ මානානි” “සෙය්යස්ස සෙය්යො හමස්මි” යනාදීවූ මානයෝය. “නව චීවරානි” “තිචීවරං”යිද “වස්සිකසාටිකා”යිදැයි යනාදි නයින් කියන ලද්දාහුය. “න විකප්පෙතබ්බානි” ඉටූකල්හි පටන් විකපනය නොකටයුත්තාහුය. “නව අධම්මිකානි” සඞ්ඝයාහට පිරිනමන ලද්දක් අන් සඞ්ඝ කොටසක්හට හෝ සෑයකට හෝ පුද්ගලයක්හට හෝ පිරිනමාද, සෑයකට පිරිනමන ලද්දක් අන් සෑයකට හෝ සඞ්ඝයාහට හෝ පුද්ගලයක්හට පිරිනමාද, පුද්ගලයක්හට පිරිනමන ලද්දක් අන් පුද්ගලයක්හට හෝ සඞ්ඝයාහට හෝ සෑයකට හෝ පිරිනමාදැයි මෙසේ කියන ලද්දාහුය.