සත්තකවාරවණ්ණනා
සප්තකයන්හි - “සත්තසාමිචියො” පෙර කියනලද සතැන්හි ‘සා ච භික්ඛුණි අනබ්හිතා, තා ච භික්ඛුණියො ගාරය්හා, අයං තත්ථ සාමීචි” යන මෙය බහා සත දතයුතුය. “සත්ත අධම්මිකා පටිඤ්ඤාතකරණා” “මහණෙක් තෙමේ පාරාජිකාපත්තියට පැමිණියේවේද, පාරාජිකාපත්තියෙන් චෝදනා කරනු ලබන්නේ ‘සඞ්ඝාදිසෙසයට පැමිණියේ වෙමි’යි පිළිදන්වාද, සඞ්ඝ තෙමේ ඔහු සඞ්ඝාදිසෙසයෙන් කරවාද, අධාර්මික ප්රතිඥාතකරණය’යි මෙසේ සමථක්ඛන්ධකයෙහි දක්වන ලදී. ධාර්මික ප්රතිඥාතයෝද එහිම දක්වන ලදහ. “සත්තන්නං අනාපත්ති සත්තාහකරණීයෙන ගන්තුං”යි වස්සූපනායිකක්ඛන්ධකයෙහි වදාරණලදී. “සත්තානිසංසා විනයධරෙ” ‘උපෞෂථපවාරණ ඔහුට අයත්’යි යන මොවුන් සමග පඤ්චකයෙහි කියනලද පස සතක් වේ. “සත්තපරමානි” යන ෂට්කයෙහි කියන ලද්දාහුම සප්තක වශයෙන් යෙදිය යුත්තාහ. “කතචීවරං” යනාදි සප්තක දෙක කඨිනක්ඛන්ධකයෙහි දක්වන ලදී.
“භික්ඛුකුස්ස න හොති ආපත්ති දට්ඨබ්බා, භික්ඛුස්ස හොති ආපත්ති දට්ඨබ්බා, භික්ඛුස්ස හොති පටිකාතබ්බා” යන මේ සප්තක තුනය. දෙකක් අධාර්මිකය. එකක් ධාර්මිකය. ඒ තුනද චම්පෙය්යක්ඛන්ධකයෙහි දක්වන ලද්දේය. “අසද්ධම්මා” අසත් පුරුෂයන්ගේ ධර්මයෝ නොහොත් අයහපත් ධර්මයෝය. අශොභනවූ හීනවූ ලාමකවූ ධර්මයෝය යන අර්ත්ථයි. “සද්ධම්මා” ශාන්ත වූ බුද්ධාදීන්ගේ ධර්මයෝය. නොහොත් යහපත්වූ ධර්මයෝය. සුන්දර වූ උත්තම ධර්මයෝය යන අර්ත්ථයි. සෙස්ස සියලු තන්හි ප්රකටමය.
සත්තක වර්ණනාව නිමි.
අට්ඨකවාරවණ්ණනා
අෂ්ටකයන්හි - “අට්ඨානිසංසෙ” “න මයං ඉමිනා භික්ඛුනා සද්ධිං උපොසථං කරිස්සාම, විනා ඉමිනා භික්ඛුනා උපොසථං කරිස්සාම, න මයං ඉමිනා භික්ඛුනා සද්ධිං පවාරෙස්සාම, සඞ්ඝකම්මං කරිස්සාම, ආසනෙ නිසීදිස්සාම, යාගුපානෙ නිසීදිස්සාම, භත්තග්ගෙ නිසීදිස්සාම, එකච්ඡන්නෙ වසිස්සාම, යථාඛුඩ්ඪං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං කරිස්සාම, විනා ඉමිනා භික්ඛුනා කරිස්සාම”යි මෙසේ කොසම්බකක්ඛන්ධකයෙහි කියනලද අනුසස්. දෙවන අෂ්ටකයෙහිද මේනයම වේ. භෙද එපරිද්දෙන්ම කොසම්බකක්ඛන්ධකයෙහි වදාරණ ලදී.
“අට්ඨ යාවතතියකා” තෙරස සඞ්ඝාදිසෙස කාණ්ඩයෙහි මහණුන්ට සතරය. සත්තරස සඞ්ඝාදිස්සෙකාණ්ඩයෙහි මෙහෙණක්හට මහණුන් හා අසාධාරණවූ සතරයයි අටය. “අට්ඨහාකාරෙහි කුලාහි දූසෙති” පුෂ්පයෙන් හෝ ඵලයෙන් හෝ සුණෙන් හෝ මැටියෙන් හෝ දැහැටියෙන් හෝ හුණයෙන් හෝ වෙදකමින් හෝ පණිවුඩ පණත් ගෙණ යෑමෙන් හෝයයි මේ අටින් කුලයන් දූෂිත කරයි. මාතෘකා අටක් චීවරක්ඛන්ධකයෙහිද අන්අටක් කඨිනක්ඛන්ධකයෙහිද වදාරණ ලදහ. “අට්ඨහි අසද්ධම්මෙහි” ලාභයෙන් අලාභයෙන් යසසින් අයසසින් සත්කාරයෙන් අසත්කාරයෙන් පාපෙප්සායෙන් පාපමිත්රතාවෙන් යන අසත් දහම් අටින්. අෂ්ටලොකධර්ම නම් ලාභයෙහි ඇලීම හා අලාභයෙහි ප්රතිවිරොධයය. යසසෙහි අයසයෙහි ප්රශංසාවෙහි නින්දාවෙහි සුඛයෙහි දුඃඛයෙහි එසේ ඇලීම හා ප්රතිවිරොධයය. “අට්ඨඞ්ගිකො මුසාවාදො” ‘විනිධාය සඤ්ඤං’ යන මෙය හා පෙළෙහි ආ සතසමගයයි අෂ්ටාඞ්ගයෙන් අටඟ ඇත්තේ වේ.
“අට්ඨ උපොසථඞ්ගානි” යනු,
“පාණං නහානෙ න චා දින්නමාදියෙ
මුසා න භාසෙ න ච මජ්ජපො සියා,
අබ්රහ්මචරියා විරමෙය්ය මෙථුනා
රත්තිං න භුඤ්ජෙය්ය විකාල භොජනං
මුසා න භාසෙ න ච මජ්ජපො සියා,
අබ්රහ්මචරියා විරමෙය්ය මෙථුනා
රත්තිං න භුඤ්ජෙය්ය විකාල භොජනං
මාලං න ධාරෙ න ච ගන්ධමාචරෙ
මඤ්චෙ ඡමායං ච සයෙථ සන්ථතෙ
එතඤ්හි අට්ඨඞ්ගිකමාහු පොසථං
බුද්ධෙන දුක්ඛන්තගුනා පකාසිතං”
මඤ්චෙ ඡමායං ච සයෙථ සන්ථතෙ
එතඤ්හි අට්ඨඞ්ගිකමාහු පොසථං
බුද්ධෙන දුක්ඛන්තගුනා පකාසිතං”